UN ආරක්ෂක මණ්ඩල සංයුතිය වෙනස් විය යුතුයි..- ශ‍්‍රී ලංකා ජනපති සහ ලැට්වියා ජනපති කියති…

September 22, 2021 at 12:40 pm | lanka C news
UN ආරක්ෂක මණ්ඩල සංයුතිය වෙනස් විය යුතුයි..- ශ‍්‍රී ලංකා ජනපති සහ ලැට්වියා ජනපති කියති…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (Egils Levits) මැතිතුමා අතර හමුවක් ඊයේ (21) දහවල් සිදු විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අතරතුර මෙම හමුව සිදූ විය. දෙරට අතර විසිපස් වසරක තානාපති සබඳතා තවදුරටත් ද්වීපාර්ශ්වියව ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත්ව පියවර ගතයුතු බව රාජ්‍ය නායක දෙපළගේම අදහස විය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට හා සමාජයට එල්ල වී ඇති බලපෑම කෙරෙහි මෙහිදී රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වූ අතර වසංගතය පහවයාමත් සමග දෙරටේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

අධ්‍යාපනය, ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම කෙරෙහි ද නායකයන්ගේ අවධානය යොමු විය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය වෙනස් විය යුතු බව හා ආසියාව, දකුණු අප්‍රිකාව, මැද පෙරදිග සහ දකුණු ඇමරිකානු කලාපවලට වැඩි නියෝජනයක් දීමේ අවශ්‍යතාව ද මෙහිදී දෙරටේ නායකයන්ගේ අවධානයට යොමු විය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශ ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරු මෙම සාකච්ඡාවට එක් වූහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

44,253 views

31 Comments to “UN ආරක්ෂක මණ්ඩල සංයුතිය වෙනස් විය යුතුයි..- ශ‍්‍රී ලංකා ජනපති සහ ලැට්වියා ජනපති කියති…”

  1. putano says:

    මෙකෙ හමඩෙටම නපුන්සකයො වගෙ කොටන්නෙ නතුව,,,හිටපල්ල හමඩෙකටම කොටන්න ගිහම උබලගෙ නුගට් කම අනිටුන්ට පෙනව බොල

  2. putano says:

    මෙකෙ හමඩෙටම නපුන්සකයො වගෙ කොටන්නෙ නතුව,,,හිටපල්ල හමඩෙකටම කොටන්න ගිහම උබලගෙ නුගත් කම අනිත් උන්ට පෙනව බොල

  3. සජිත් ප්‍රේමදාස says:

    මේක ඉන්දියාව ශේප් කොරගන්න කියපු කතාවක්, ඉන්දියාව ආරක්ෂක කවුන්සිලයට රිංගන්න හෙන ගේමක් දුන්නා හැබැයී ඇමරිකාව චීනය රුසියාව තුන් දෙනාම මුඩුක්කුවෙක් ඒක ඇතුලට වද්දගන්න කැමැති නැහැ.

    • ඉන්දියාව says:

      ඉන්දියාව ආරක්ෂක කවුන්චිලයේ සාමාජිකයෙක්.

      • සජිත් ප්‍රේමදාස says:

        ඉන්දියාව තාවකාලික සාමාජිකයන් 10 දෙනා ගෙන් 1 විතරයී..තාවකාලික සාමාජිකයින් අවුරුදු 2 කින් මාරු වෙනවා. තාවකාලික සාමාජිකයින්ට් කොරන්න පුළුවන් ලබ්බක් නැහැ.

    • මුඩුක්කුවෙක් says:

      එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රටවල් 15 කත් තියනවා එයින් චීනය රුසියාව ප්‍රංශය එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය මෙහි නිශේධ බලය සහිත කවුන්සිල් සාමාජිකයන් රටවල්. තව රටවල් 10ක් ඉන්දියාව ඇතුළු මෙහි කවුන්සිල් සාමාජිකයන්. අපි ඇතුළු ලෝකේ තියන අනිත් රටවල් ඔක්කොම වගේ මෙහි සාමාන්‍ය සාමාජිකයන්.

      • සජිත් ප්‍රේමදාස says:

        ඉන්දියාව කියන්නේ ආරක්ෂක කවුන්සිලයේ නිශේද බලය හිමි නිත්‍ය සාමාජිකයෙක් නෙමෙයී. චීනය, රුසියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, සහ ප්‍රන්සේ තමයී නිත්‍ය සාමාජිකයින් 5. නොදන්නා මගුල් කතා නොකර හිටහන් මෝඩයා.

  4. Citizen says:

    Not sure what changes to the UN SECURITY COUNCIL the Presidential Media Unit is talking about.

    Mexico India Tunisia Vietnam and Kenya are some of the member countries in the Council representing their regions.

  5. sam says:

    කබ්‍රාල් යෝජනා කරනවා..

  6. මැදමුලනෙ මුත්තා says:

    එක්සත් ජාතීන්ගෙ ආරක්ෂක මණ්ඩලයෙ සංයුතිය වෙනස් කොරන්න ඔනැ කියන එක දීර්ඝකාලයක සිට කතාකොරන මාතෘකාවක් බොලල්ලා. ලැටිවියා එකා එක්ක නෙවෙයි, බොහෝ රාජ්‍ය නායකයො ඔයගැන මහ සමුළුවෙත් කතාකොරල තියෙනවා. ජයනාත් කොළඹගෙයි, වීරතුංගයි එක්ක ගියානං වැඩෙි අංජබජල්ම තමා. හැක්…හැක්….හැක්…

  7. Maha sinhale says:

    දෙමල ඩයස්පොරාවෙන් යැපෙන සියලුදෙනාම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අස්කළ යුතුය.

  8. Ranjith Gunawaradana says:

    Yes I also view that UNO and its Security Council needed overall changes ,but it has to be wanted in depth consensus and deliberation specially with developing countries Not only its confines by that Rich nations of developed countries. In common sense that we realized that composition of UNO and Its security Council representatives are in favour of USA led hegemonies. Its cannot work on vested interest of Rich countries.

  9. Ranjith Gunawaradana says:

    Yes I also view that UNO and its Security Council needed overall changes ,but it has to be wanted in depth consensus and deliberation specially with developing countries Not only its confines by that Rich nations of developed countries. In common sense that we realized that composition of UNO and Its security Council representatives are in favour of USA led hegemonies. Its cannot work on vested interest of Rich countries.
    Last century of 20th and 21st century do not work for uprooted of Poverty of hundreds of nation and its poverty of billions people of developing countries by current UNO of SC.
    Well PRC of China has set example to eradication of billions of PEOPLE’S poverty of their land by last 72 years of since liberation of Independence . The members UNO has to followed that Road Map according relevant by which learn lessons of development path of China,.

    • ගෞම් ඊයාරාජ් says:

      how the capital F, his excellency demand changes up there in UN while millions of issues need to be addressed down on Local soil ? He cant even fix the price of packet o’ suger ? Dont talk the talk if you cant walk the walk.

Main News