එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට එරෙහිව නීති විරෝධී ගිවිසුමක් සම්මත කරලා..

March 8, 2018 at 8:40 am | lanka C news
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට එරෙහිව නීති විරෝධී ගිවිසුමක් සම්මත කරලා..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ලංකාවට එරෙහිව සම්මත කල ගිවිසුම නීති විරෝදී බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු එසේ ප්‍රකාශ කලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා කන්ඩායමේ අරමුණු ගැන පැහැදිලි කිරීමට කැඳවා තිබුන ප්‍රවෘතී සාකච්ඡාවකදීයි.

“ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රහය ලබා දීමෙන් අපේ හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහටා ගිනස් වාර්ථාවක් තැබුවා තමුන්ගේ රටේ යුධ අපරාධ වුනා කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පිලිගත් පලවන විදේශ ඇමතිවරයා විදියට. ඒ කෙසේ වෙතත් ලංකාව මේ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දුන් ආකාරයත්, විවාදයකින් තොරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මෙය සම්මත කල ආකාරයත් යන දෙකම සම්මත ක්‍රියාදාමයට විරුද්ධයි. අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් හුසේන් නටන්නෙත් ඩයස්පොරා පදයටයි.

එක්සත් ජාතීගේ සංවිධානයට අද ලංකාව ගැන තියෙන අමාරුව කොටි ත්‍රස්ථවාදියො අපේ සිංහල ජනතාව මරාදමද්දි තිබුනේ නැහැ. ඔය එක නිලධාරියෙක්වත් එදා අපේ ප්‍රශ්ණ බලන්න ආවේ නැහැ. ඒ නිසා මෙවර සමුලුවට සහභාගී වන ශ්‍රී ලාංකික කන්ඩායම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාදාමයකට මුල පුරන්නට. ඒ සඳහා අපිට ලෝකයේ පිලිගත් නීතීවේදීන් කන්ඩායමකගේ සහාය ලැබෙනවා. අපි මේ ආරම්බ කරන සටන ඉදිරියට ගෙනයාම අනාගතයේ පත්වන ආන්ඩුවක වගකීම ලෙස අපි දකිනවා ” යැයි අද්මිරාල් වරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර පලාතේ හිටපු ආන්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේ යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාව තුල ජීවත් වන විවිධ ජන කොටස් අතර සංහිදියාව ගොඩනැගීම ඉතා හොඳින් ආරම්බ වී තිබුනත් ඒ සියල්ල විනාශ කොට ජාතීන් අතර යලිත් අසමගිය ඇති කලේ වත්මන් ආන්ඩුව බවයි.

ජිනීවා යන කන්ඩායමේ සාමාජිකාවක් වන අනුරාධා යහම්පත් මහත්මිය පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට පිටින් යමින් සාමාජික රටක ස්වෛරී භාවයට ඇඟිලි ගැසීමට බලයක් නැති බවයි. කොන්ද පන නැති වත්මන් රජය ජාත්‍යන්තරය හමුවේ දන ගසා රට පවා දුන් පමනින් ශ්‍රී ලාංකික ජනතාව එසේ වැඳ වැටීමට සූදානම් නැති බවත් මෙවර ජිනීවා සමුලුවේදී ලංකාවට එරෙහිව ගෙන යන මේ කුමන්ත්‍රණයට දැඩි විරෝදය පාන්නට බලාපොරොත්තු වන බවත් ඇය පැවසූවාය.

– චාමින්ද කරුනාරත්න

65 views

5 Comments to “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට එරෙහිව නීති විරෝධී ගිවිසුමක් සම්මත කරලා..”

  1. Sampath says:

    Attatama rata jathiya gana kakkumak thiyana me wage niladarin enna nisa apita lankawak ithuru wela thiyanawa , pakshayakata patakata kade yanne nathiwa hari de hari widiyata therum karala dena eka gana , purawasiyek widiyata mama sathutu wenawa , me wage niladarin raka ganeema rate awashya thawayak e gana nisi kriya marga ganna kiyala rajayata kiyanawa

  2. Critic says:

    A great decision! We patriotic Sri Lankans salute you all!!!!

  3. Manel says:

    I really admire your courage and efforts taken on this matter. I know you all are doing a great service to the country. I am a Srilankan who love my motherland next to my own mother. I can not be in your position in this fight but I am more than happy to share some of your cost on this struggle. You can get my email address from Lankac and contact me directly. I am more than happy to be part of your fight by making a worthy contribution to cover some of the cost you incur.

    • mapitigama says:

      Manel; Really appreciate your way of thinking. It is an encouraging message to others too who are capable of assisting towards the good efforts initiated by rear Admiral sarath Weerasekara.

  4. Aurora says:

    මේ රටේ ජනාධිපති, අගමැති, ඇමතිවරු ආදී මහා ලොකු තනතුරු දරන රට පාවාදෙමින් බොරු කියන පෙන්දන්ගේ චරිත වලට වඩා ජීනිවා මානව හිමිකම් කොටි ගුහාවේ රට වෙනුවෙන් සටන්කරන මේ වීරයන්ගේ චරිත සහ ක්‍රියාදාමයන් දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් අගය කරති. ඔබට ජය!

Main News