එක්සත් ජාතීන්ගේ ළමා පදනමේ නියෝජිතයෙකු යාපනයට……

November 27, 2016 at 2:05 am | lanka C news
එක්සත් ජාතීන්ගේ ළමා පදනමේ නියෝජිතයෙකු යාපනයට……

යුද්ධයෙන් පසු අවතැන් වූවන් පිළිබද සොයා බැලීම සදහා unicef සංවිධානයේ එක්සත් ජාතීන්ගේ ළමා පදනමේ නියෝජිතයෙකු වන ටීම් සුටෝන් මහතා කිලිනොච්චියේ පිහිටි ඔවුන්ගේ කාර්යාලයට  පැමිණි අතර උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සමග සාකච්චාවක නිරත විය.

මෙහිදී විශේෂයෙන්ම සාකච්චාවට ලක් වුයේ අවතැන් වූ ළමුන් හා කාන්තාවන් පිළිබදවය.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබදව සොයා බැලීමට මොහු කිලිනොච්චියට පැමිණි බව මොහු සදහන් කර සිටියේය.

ආණ්ඩුකාරතුමන් හා කරන ලද සාකච්චාවේදී උතුරු පළාත් සභාව මගින් උතුරේ අවතැන් වුවන්ට අධ්‍යාපන,සෞඛ්‍ය,සමාජ සේවා යන අංශ වලින් කෙරී ඇති කාර්ය භාර්ය මොනවාද යන්න සාකච්චා කළේය.

මේ පිලිබදව උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ අදහස වුයේ උතුරේ වැන්දබු කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සිටින බවත් ඔවුනට නිවාස යෝජනා ක්‍රම තුලින් නිවාස ලබා දෙමින් පවතින බවත්,ඔවුන්ගේ අධ්‍යාපනය ලබන වයසේ සිටින ළමුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කරගෙන යන්න බවද,මේ ප්‍රදේශ තුල වැඩි ප්‍රමාණයක් තරුණ තරුණියන් අඩු වයස් විවාහ සිදු කර ගැනීම නිසා බුද්ධිමය ප්‍රශ්න මතු වී ඇති බවත් ඒ මගින් ඇති විය හැකි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වලක්වා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇතත් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ඒ මිනිසුන්ගේ ආගම හරහා ආධ්‍යාත්මික සුවය,සදාචාරය,පවුල් උපදේශනය වැනි ක්‍රම තුලින් සිත සුවපත් කිරීමට කටයුතු කරගෙන යාමට කටයුතු සලසමින් සිටින බවද ප්‍රකාශ කර සිටියේය.

මාධ්‍ය ඒකකය
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය

15 views