එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි..
October 9, 2017 at 2:19 am | lanka C news
එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන දා සවස අන්තර්ජාලයට එක්කෙරිනි.
ඩිජිටල්කරණය තුලින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය නිපුණත්වය රටට දායක කරගැනීම මුල් පියවර වූ මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්්‍ය හර්ෂ ද සිල්වා මහතා, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා එම සංගමයේ සභාපතිතුමා වන මලිත් මෙන්ඩිස් මහතා, ලේකම්තුමා වන ආචාර්්‍ය මොහාන් අබේරත්න මහතා, භාණ්ඩාගාරික ප්‍රේමලාල් පෙරේරා මහතා ඇතුළු සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගීවිය.
මෙම වෙබ් අඩවිය ජාතික විද්‍යා, තාක්ෂණ හා ඉංජිනේරු වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්තුමා වන පුලස්ති වන්නිආරච්චි මහතා නිර්මාණය කරන ලදී.
– පුලස්ති වන්නිආරච්චි