එක් අයෙකුට කිලෝ පහයි.. සතොස සහල් සීමා පනවයි..
February 16, 2017 at 8:03 am | lanka C news
ලංකා සතොස මගින් සම්බා-රතු හා සුදු කැකුළු නාඩු සහල් අලෙවි කිරීමේදී එක් පාරිභෝගිකයකුට සහල් කිලෝ 5-10 ලෙස සීමා කර ඇත.
කොළඹ ආසන්නයේදී ලංකා සතොස එක් වරකදී සම්බා කිලෝ 10 ක් නාඩු සහ රතු සුදු කැකුළු සහල් කිලෝ 5 බැගින්ද ලබාදෙන අතර පිට පළාත්වලදී සහල් කිලෝ 5 බැගින් විකුණයි.
සතොස ආයතනය පවසන්නේ ඇතැම් වෙළෙදුන් ලංකා සතොසින් අඩු මිලට සහල් ගෙන වැඩි මිලට අලෙවි කරන නිසාත් සියලූ පාරිභෝගිකයන්ට සහල් නිකුත් කිරීමේ අරමුණිනුත් මෙම සීමා කිරීම් කල බවය.
වසර දෙකය් ගියේ රටට කෙලවෙන එක කියන්නත් දෙයක්ද? බොරැ කියල පච කෙලල බලය කොටා ගත්ත දවසෙ ඉදල රනිල/සිිරා කරපු තරමක් කලේ හරක් වැඩ.
මදැයි, හොදට කාලා බීලා හිටපු උං අත් දෙකට කාර් දෙක ගානෙ ලාබෙට අරන් වැස්සෙ නොතෙමි ගෙදර එන්න බැලුවා.