එක් කොරෝනා රෝගියෙකුගෙන් තවත් පුද්ගලයන් 406කට වැලදීමේ අවදානමක්..

March 24, 2020 at 6:32 am | lanka C news
එක් කොරෝනා රෝගියෙකුගෙන් තවත් පුද්ගලයන් 406කට වැලදීමේ අවදානමක්..

කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි බව දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව කියා සිටියේය.

එනිසා පවතින තත්වය හමුවේ රජය විසින් ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.

තාවකාලිකව ඇඳිරි නීතිය ලිහිල් කලත් එම කාලයේ දී අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට නිවෙස්වලින් බැහැර නොවන ලෙසද රජය විසින් මේ වනවිට මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේ නිවසින් බැහැර වන පුද්ගලයන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද දැනුම් දී ඇත.

212 views

17 Comments to “එක් කොරෝනා රෝගියෙකුගෙන් තවත් පුද්ගලයන් 406කට වැලදීමේ අවදානමක්..”

  1. SL says:

    ගමින් ගමට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කර ගෙවල් ලඟට ලබාදීමට ප්‍රාදේශීය සභා ක්‍රියා කලයුතුයි.
    .අමාරුම නම් ගමෙන් ගමට ප්‍රදෙශියව ඇඳිරිනීතිය ඉවත් කරලා ප්‍රදේශයේ තියෙන පොලිසියේත් සහය ඇතිව වරකට එක ගමකට බැගින් භාණ්ඩ ගෙනත් විකිණිය හැකියි.මේ ආකාරයට මිනිස්සුන්ගේ සම්භන්ධවීම් අවම කරන්න පුළුවන්.
    ප්‍රාදේශීය සභාවල මේ වෙනුවෙන් උනන්දුව අවමයි !

    ඇඳිරිනීතිය ඉවත් කරපු ගමන් අපේ උන් කාක්කෝ වගේ හැසිරෙන්නේ .කිසිම සංයමයක් නැහැ.
    ඉගෙනගත්තු උන් කියල නැහැ .එක ඊයේ හොඳටම ඔප්පු උනා.පවුල් පිටින් කරගහගෙන ශෝපින්ග් ගියේ .
    අනික කීල්ස්.ෆුඩ්සිටි යන්නම ඕනෙද අත්‍යවශ්‍ය බඩු ගන්න.ගෙවල් ළඟ තියෙන සිල්ලර කඩෙන් ලේසියෙන් අවශ්‍ය හාල්. පරිප්පු,පොල් ගන්න පුළුවන් කම තියෙද්දී පොෂ් කම පෙන්වන්න කිලෝමීටර් 6-7 ඈතින් තියෙන සුපර් මාර්කට් ම යනවා. පයින් ගිහින් 200m දුරින් තියෙන ගෙවල් ළඟ කඩේට යන්නේ නැතිව.

  2. Sam says:

    Stupid non realistic talk form GMOA idiots. Shame.

  3. මේව නම් මෙයාලගෙ මාධ්‍ය සංදර්ශන විතරයි. මෙයාලගෙ සංගමෙන් නම් කොරන මගුලක් නැහැ. ජීවිත අවදානම වත් නොතකා රෑ දවල් නැතිව වැඩ කරනව දැකල තියෙනවා pHI ලා, පොලිසිය හමුදාව සහ මෙයාලගෙ සංගමයෙ මගපෙන්වීමෙන් නොව ඇත්තටම වැඩ කරන්න ඕනෙ කියල තනියම හිතපු දොස්තරලා ටිකක් . ඇතුළු අනෙකුත් රෝහල් කාර්‍ය මන්ඩලය. මෙයාල හදන්නෙ ඒ අය කරන වැඩ වල සේරම ලකුණු ටික මාධ්‍ය ඉස්සරහට හිහින් මෙයාලගෙ වැඩ වගේ පෙන්නල ලකුණු දාගන්නයි. මෙයාල දන්නෙ සුව සැරිය ගිලන් රථ වලට ගල් ගහන්න කියල මිනිස්සු පොලඹවන්න විතරයි

    • vishnu says:

      කරුණාකරල උඹ කට වහගෙන පැත්තකට වෙලා
      හිටපන් ඒගොල්ලො ඒ දේවල් කරගෙන යය්
      හැමෝටම රට කරවන්න බෑ

    • ජනක says:

      පලයන් පලයන් යන්න නොදන්නා කතා නොකියා කොවිඩ් ගැන GMOA එක ටිකක් සරට කතා කළා වෙන්න පුළුවන් නමුත් මේ රටේ දොස්තරලා කරන සේවාව නිසා තමයි කලාපයේ හොඳම වෛද්‍ය සේවය හැටියට ලංකාව හදුනාගත්තේ නැතුව අර පට්ට හොරා කානු කටා රාජිත හොරකමින්ම කලාපයේ හොඳම සවුක්ය ඇමතියා උන නිසා නෙවෙයි .
      රජයේ වයිදය වරු එදා ඉඳන්ම අවම පහසුකම් යටතේ වැඩකලා .ඩිස්පොසබල් මුහුණු ආවරන ,සර්ජිකල් අත් වැසුම් සෝදමින් නැවත බාවිතා කිරීම භයානක නමුත් ඒවා නැවත නැවත බාවිතා කරමින් නියමිත උපකරණ නැතිකමේ අඩුව තමුන්ට හැකි ලෙස කළමනාකරණය කරගනිමින් අවම පහසුකම් යටතේ තමයි ඔවුන් සේවය කරන්නේ නමුත් කිසිම දවසක අහල තිබෙනවද දොස්තරලා මේදේවල් ගැන උද්ගෝෂණය කළා එහෙමත් නැතිනම් සේවය කිරීම අත් හිටෙව්වා ගල්වුස් හා මුක ආවරණ දෙනකම් කියල .අද දිනයේත් සියලුම රජයේ රෝහල්වල වයිදවරුන්ට කොරෝනා රෝගයෙන් ආරක්ෂා වෙන්න අන්තර්ජාතික අනුමැතිය ලැබූ ඇදුම් නැහැ ඒවා ලෝක හිඟයක් තිබෙනවා නමුත් ඔවුන් විවිදාකාරයෙන් යම් යම් හිස් වැසුම් හෙල්මට් මෝටර්සයිකල් ජැකට් ආදිය තම අවශ්‍යතාවට සරිලන ලෙස සකස් කරගෙන රෝගින වෙදකම් කරනවා .උඹ දන්නවද ලංකාවේ බාහිර රෝගී අංශකයට එන රෝගින්සන්ක්යාව අතිවිශාල රෝගීන් සන්ක්යාවක් එක වයිදවරයෙක් දිනකදී පරික්ෂා කිරීම ඉතාම දුෂ්කරයි නමුත් අපේ වයිදය්වරු ඒ හැම රෝගියෙක්ම පරික්ෂා කරනවා .බෙහෙත් දෙනවා .මෙහෙම අඩු පහසුකම් යටතේ සේවය කරමින් තමයි ඔවුන් ලංකාව සවුක්ය කේෂ්ත්‍රයේ ඉහලම මට්ටමකට ගෙනාවේ .එජාපෙ හොර තක්කඩි සවුක්ය ඇමතියාගේ හොරකම් නිසා වයිදය සංගමය උද්ගෝෂණය කල නිසා තොපි ඔවුන් එක්ක තරහ බව රටේ ජනතාව දන්නවා නමුත් හත්මුතු පරම්පරාවකවත් දොස්තරවරයෙක් නැති නිසා තොපි දොස්තරලගේ කතාව දන්නේ නෑ.මොකද UNP කාරයෝ කියන්නේ අමු මැට්ටෝ නිසා උන්ගේ පවුල්වල උගතුන් නෑ

      • B. anthony says:

        පල ගොන් යකෝ යන්න. තෝත් ඩොකෙක් නේද? කුලුයට කහින්නෙ. මුන් මෙච්චර දවසක් කරපු කෙං ගෙඩියක් නෑ. දේශපාලුවන්ගේ පස්ස ලෙව කකා හිටියා මිසක්. දැන් අර වැඩ කරන දෙවිවරුන්ගෙ ලකුණු මුං දාගන්න හදනවා නපුංසක හැත්ත. මුං හරි වෛද්‍යවරු වශයෙන් කටයුතු කලානම් මේ තත්වය පාලනය කරන්න තිබුනා පාලකයින් කරන හැම දේටම එහෙයි කියන්නෙ නැතුව. තොපි වගේ මරි මෝල් එවුන් ඉන්න රටකට මේ දේවල් දරාගන්න වෙනවා.

      • මේ coment karanne අර මන් කිව්ව GMOA එකේ mask දාගෙන කාමර ඇතුලෙ හැංගිලා mobile phone එකෙන් රට හදන්න හදන දොස්තරල තමයි. මන් කිව්ව ඇත්තටම වැඩ කරන්න ඕනෙ කියල තමන්ම තනියෙන් හිතල වැඩකරන් දොස්තරල ටික මේ වෙලාවෙන් මැරීගෙන වැඩ. GMOA එක කරන්න හදන්නෙ එහෙම අයගෙ වැඩ වගේම PHI, ලා හමුදාව , පොලිසිය ඇතුළු අනෙකුත් සියලුම අයගේ ලකුණු තමන්ගෙ ගොඩට දාගන්න මාධ්‍ය සංදර්ශන පෙන්නල , මේක ඉවර උන දවසක ඒව පෙන්නලා මස් රාත්තලම ගන්න. අනේ අපි නොදන්න GMOA එක..

      • Disce ammata discede says:

        Doctors’ service in one thing but this GMOA trade union is making exaggerated, erroneous and
        wrong statements.

  4. ny motors kurunegala says:

    Government should
    1. control the behavior of people through rule and regulations
    2. change the attitudes of people using educational programs

  5. Sumith says:

    GMOA is doing cheap politics. That is why BR refused all their nomination requests except silly Galappatti.

  6. puravasiya says:

    ඉදිරියේ දී මේ තත්ත්වය ඉතා දරුණු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. FB හරහා සමාජ යාන්ත්‍රණයක් හදන්න. මුලින් රජයේ ටෙලිකොම් වෙතින් අන්තර්ජාල පහසුකම් නොමිලේ දෙන්න. රෝග පානයට ජනතාව දැනුවත් කිරීමට තොරතුරු හුවමාරුවට අවශ්‍යතා සංනිවේදනය කිරීමට සේවා උපකාර ආදිය දැනුම් දීමට මේ තාක්ෂණය භාවිතා කරන්න රජය මැදිහත් වෙන්න.

  7. sana says:

    Corona will not spread in Polonnaruwa – Ukusso ! Ukusso !

  8. de says:

    ඕක අපට හොයාගන්න බැරිවුනා, මැලේරියා වලට දෙන ඖෂධය ඇමෙරිකාව recommend කලාට පස්සේ අපේ කණ්ඩායමක් පත්කරලා දවසෙන් අනුමත කළා.!

  9. Stanley says:

    406 , muta ma-seta ena leddu ganana

  10. Dicky says:

    GMOA has nothing to do with this. Doctors and GMOA are two different entities. Don’t act like fools. You are making havoc here.