එක් කොරෝනා රෝගියෙකුට අසාධ්‍යයි..- IDH ඒකලන අංශ ප‍්‍රධානී

March 16, 2020 at 1:20 pm | lanka C news
එක් කොරෝනා රෝගියෙකුට අසාධ්‍යයි..- IDH ඒකලන අංශ ප‍්‍රධානී

මෙරට කොරෝනා වෛරස ආසාදන පුද්ගලයන් සියළු දෙනාම මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික උණ රෝහලේ බව එම රෝහලේ ඒකලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරයි.

දැනට එම රෝගීන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ එක් අයෙකු පමණක් යැයිද ඔහු පැවසීය.

අනිත් සියලූදෙනා පසුවන්නේ අසාධ්‍ය නොවන තත්ත්වයේ බවත් ඔහු සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

අද වනවිට කොළඹ ජාතික රෝහලට වෙනත් කිසිදු රෝගියෙක් බාරගනී නොගන්නා බවත් කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් පමණක් බාර ගැනීම සිදු කරන බවත් ඔහු පැවසීය.

ඒ හේතුවෙන් උණ රෝහලට තවත් අමතර ඉඩ පහසුකම් ලැබී ඇති බවද ඔහු සදහන් කලේය.

කොරෝනා වෛරසයෙන් ගැලවීමට හැකි ද ?

කොරෝනා වෛරසයෙන් ගැලවීමට හැකි ද ? ප්‍රතිකාර ලබන්නන්ගෙන් බරපතල තත්ත්වෙන් සිටින්නේ එක් අයෙකු පමණයි. IDH ඒකලන ඒකකය (Isolation Unit) භාර වෛද්‍යවරයා සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව.#lka #News1st #CoronaVirus #COVID19

Gepostet von Newsfirst.lk am Sonntag, 15. März 2020

149,234 Viewers

11 Comments to “එක් කොරෝනා රෝගියෙකුට අසාධ්‍යයි..- IDH ඒකලන අංශ ප‍්‍රධානී”

  1. Saradiel says:

    සුවය ලැබේවා

  2. Love nature says:

    අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියා ඇතුළු සියලුම රෝගීන්ට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා
    ඔවුන් සැමට තෙරුවන් සරණයි

  3. හැඳි මිටේ නුවණ says:

    But better not to expose these things as the general public unnecessarily panic. And all our media present breaking news whenever they get an infected. Therefore better not to expose these at first…

    • Kamal says:

      ජනමාධ්‍ය සැබෑ තත්වය වාර්තා කලයුතුයි. මෙහි බයානක කම පෙන්වා නොදී හෑලුවට ලක්කලොත්. මෙයින් වැලකී සිටීමට උනන්දුවක් දක්වන්නේ නෑ.

    • ගෝඨාභය says:

      හැඳිමිටේ නුවණ කියල නම දාගෙන තියෙන්නෙ ගැලපෙන්නම. පුදුම බයක්නෙ ඇත්තට මුහුන දෙන්න තියෙන්නෙ. බොරුවෙන් රැවටිලාම ජීවත් වෙන්න කැමති, බොරු කියනවට ආස මෝඩ මිනිස්සු

  4. ..... says:

    සුවය ලැබේවා

  5. Aruna says:

    සුවය ලැබේවා

  6. lotus says:

    VOTE to SLPP. 2/3 of Parliament NEED TO CORRONTIEN

  7. සරා says:

    නමුත් ඔහුත් තාම ICU එකේ ‌ෙනොවෙයි සාමාන්‍ය වාට්ටුවක ඉන්නේ.ඒ කියන්නේ ජිවිත අවධානමක් නැහැ.

  8. Huuna says:

    ඔබතුමා සැබෑ වීරයෙක්. ඔබතුමාට දළදා සමිඳු පිහිටයි.

  9. Aruni says:

    Please allow them to listen to Ratana Sutraya. Wish everybody will be ok. Theruwan Saranai.🙏🏽

Main News