‘එක් ගමකට එක් බෝගයක්’ ලෝක ආහාර සංවිධානයේ පැසසුමට…

October 18, 2021 at 6:44 pm | lanka C news
‘එක් ගමකට එක් බෝගයක්’ ලෝක ආහාර සංවිධානයේ පැසසුමට…

නාවලපිටිය ගලබොඩවත්තේ මේ වන විට ආරම්භ කර ඇති මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ඉඩම් අක්කර 100ක් අක්කර භාගය බැගින් දමිළ තරුණයින් අතර බෙදා දී මෙම මිරිස් වගාව ආරම්භ කර ඇත.

මීට මාස තුනකට පමණ ඉහතදී ආරම්භ කර ඇති මෙම මිරිස් වගාවේ ඵලදාව මේ වන වින නෙලමින් පවතී.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සංකල්පයකට අනුව එක් ගමකට එක් බෝගයක් බැගින් වූ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර ඇති මෙම මිරිස් වගාව දැකබලා ගැනිමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර සරාන් (Vimalendra Sharan) මහතා ඉකුත් 16 වනදා නාවලපිටිය ගලබොඩවත්තට ගියේය.

එහිදී දමිළ තරුණයින් මිරිස් වගාවේ යෙදෙන ආකාරය නිරීක්ෂණය කළ සරාන් මහතා මෙම වැඩපිළිවෙල රජයේ ආදර්ශමත් ක්‍රියාවක් බව සඳහන් කළේය. තේ වතුවල ආදායම අඩුවන කාලයට මෙවැනි විකල්ප ආදායම් මාර්ගවලට තරුණයින් යොමු කිරීම වැදගත් කාලෝචිත වැඩපිළිවෙලක් බවද ඔහු සදහන් කළේය.

“සාම්ප්‍රදායික ගොවිතැනින් බැහැර වී මෙවැනි කෘෂිකාර්මික වැඩසටහන් හඳුන්වා දී අගය එකතුකළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්. විවිධ පර්යේෂණවල යෙදෙන අයටද මෙවැනි ව්‍යපෘති ඔවුන්ගේ පර්යේෂණ සඳහා යොදා ගැනිමද වැදගත්” යැයිද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ මෙරට මිරිස් වගාව සරුවට කළ හැක්කේ වියලි කලාපයේ පමණක් බවට මතයක් පැතිර තිබුණ බවත්, එය එසේ නොවන බව තමන් මේ ව්‍යාපෘතිය මඟින් සනාථ කර ඇති බවත්ය. එමෙන්ම මිරිස් බීජ නිෂ්පාදනය සඳහා ද තමන් තවත් ප්‍රදේශයක් නාවලපිටිය ප්‍රදේශයෙන්ම තෝරා ගෙන ඇති බවත්, එයද මේ වන විට සාර්ථක බව පෙන්නුම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සරාන් මහතා සමඟ මෙම සංචාරයට එම සංවිධානයේ අතිරේක නියෝජිත ආචාර්ය ඩී.බී.ටී.විජේරත්න මහතා ද සහභාගි වී සිටියහ.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

13,240 views

11 Comments to “‘එක් ගමකට එක් බෝගයක්’ ලෝක ආහාර සංවිධානයේ පැසසුමට…”

  1. Nuwan says:

    සැප පුටුවෙ වාඩිවෙලා ඒසී කාමරවල ඉදන් ගොවිතැන ගැන දොඩන්න එන්න එපා මහත්තයො

    • Very Sorry says:

      එක ගමකට එක බෝගයක් -මේවා මහ අමන ගොන් වැඩ. ඒ බෝගෙ කා දමන පණුවන්ට රජ මඟුල්. ඒ විතරක්ද ? කෘමිනාශක මුදලාලිලාටත් රජ මඟුල්. ඉතින් – ප්‍රසාදය- දෝරෙ ගලන එක පුදුමයක් නෙමෙයි.

    • King Bull says:

      නිකං අපහාස කරන්න එපා. දැන් හේනේම තමා ඉන්නේ හිටවලා .

  2. LalithM says:

    එහෙමනම් මේ සැරේ මහින්දානන්ද දෙමල ජනතාව අන්දවා ඡන්ද කොල්ලකන වගයි.මොනව වුවද වතු බෙදාදී වගාව නවත්තන්න.

    • Gamarala says:

      කදු රටේ ජන්දේ ලබා ගැනීමට වතු දෙමළුන්ට රටේ ඉඩම් බෙදා දෙන්නේ ඒවා මහින්දානන්දගේ අම්මගේ අප්පාගේ බුදලයද ?
      මේ සිංහලයින්ගේ එකම මව් බිම ..අපිට ඉන්දියාවෙන් ඉඩම් නොමිලේ බෙදා දෙනවද ? ගොන් වැඩ කරන්න එපා

  3. කැලණියේ නයා says:

    ඔච්චර පල් හෑලි ඕන් නෑ ලොක්ක ජනතාවගෙ බදු මුදලින් සහනාධාර දිදී ගොවිතැන් නඩත්තු කරන හෙළ කාබනික ආතල් වෙනුවට ලාබ ලබන බෝග ලෝකෙ කාර්‍යක්ෂම පරිසර හිතකාමී සහ අඩුවියදම් නවීන ක්‍රම වලට වවන සිස්ටම් එකක් හදුන්වා දෙන්න එහෙම කරල ඔයාල ඔය කන කොමිස් කෑවත් අවුලක් නෑ මේ වගේ ගොන් ආතල් දීල නටපු නැටුමයි බෙරේ පලුවයි දෙකම නැතුව ඉන්නවට වඩා

  4. අයියෝ මට බෑ says:

    රෙද්දේ බඩගිය ගුරැ අරගලයට ජයවෙිවා කමින් සුුන් පාර්ටි 2 ගොවි අරගලය ඒකෙදි ලපස් විතරක් නෙමෙි බුරැපුතතාත් සුනේ සුං

    • Love nature says:

      අපේ රටේ කෘෂි කර්මාන්තය අවුරුදු 3000 ක් තරම් ඈතට දිවෙන අතීතයකට උරුමකම් කියයි. ලෝක ආහාර සංවිධානය අවශ්‍ය ලෙස අපේ රටේ බෝග වගා කල නොහැක ..අපේ රටට ආවේනික වූ බෝග වගාව මෙන්ම අපේ රටේ දේශගුණයට ප්‍රදේශ අනුවද කෘෂිකර්මාන්තය වෙනස් වේ. කරුණාකර අපේ රටේ කෘෂි කර්මාන්තය හරියට වටහා ගන්න ..සිංහලයින් සතු ඉඩම් ඉන්දියානු වතුකම්කරුවන්ට ලබා දීම නතර කරන්න .සුළුජාතීන්ට දීමට පෙර .මේ රටේ සිංහලයින්ට ඔවුන්ගේ මව් බිමේ ඉඩම් වගා කිරීමට ලබා දෙන්න

      • Sayumi says:

        ඒ ඒ බෝගවලට විශේශ වූ ඒ ඒ බෝග කා දමන පණුවන්…කෘමීන් සිටිනවා. ඒ වගේම ඒ ඒ සතුන් කා දමන විලෝපිකයින්ද සිටිනවා. ඔවුන් එන්නේ ඔවුන් ප්‍රිය කරන ශාක ඇත්නම් පමණයි. එක බෝගයක් පමණක් වැවීමෙන් සිදු වන්නේ ඒ බෝගය කා දමන සතා පමණක් බෝවීමට අවශ්‍ය පහසුකම් සාදා දීමයි. උදා.. සේනා දළඹුවා බිත්තර දාන්නේ එක්තරා මාසයක බඩ ඉරිඟු ගසේ පමණයි . මිශ්‍ර බෝග වගාව නිසා විලෝපිකයින් සිටින බැවින් ස්වභාවිකව කෘමීන් මර්ධනය වෙනවා. තනි බෝග වගාවට ගියොත් සුද්දාගෙන් අපමණ පැසසුම් ලැබෙයි හැබැයි යළිත් කෘමිනාශක දාන්න වේවි.ජනාධිපතිතුමා හොඳ හිතින් ගත් තීරණය බල්ලට යයි.ඇමතිවරයාට දිරච්ච ලණු දෙන උපදේශකයන් අල්ලා හිටුවා පස් ගහන්නයි වටින්නෙ.

  5. Gon athal says:

    Yakoooo….. mulin pohora tika deepan..

    • මගෙ රට says:

      තමන්ගෙ කෑමට වවන ඒවට උඹලා වසවිස දාන්නෙ නෑනෙ. මේ වතාවෙ අන්න ඒ ටික හදාගෙන කාලා නිකා හිටපල්ලා රටට කන්න නුදුන්නට කමක් නෑ.