එක් පවුලකට දඬුවම් දෙන අධිකරණ ලෝකයේ කිසි තැනක නෑ.. ලංකාවේ පමණක් හදන්න සුදානම්..

August 21, 2017 at 6:48 pm | lanka C news
එක් පවුලකට දඬුවම් දෙන අධිකරණ ලෝකයේ කිසි තැනක නෑ.. ලංකාවේ පමණක් හදන්න සුදානම්..

ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පහත දැක්වෙයි.

නීතියේ ස්වාධිපත්‍ය රැකගමු

යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුල ඇතිකරන බවට පොරොන්දු වෙමිනි.මැතිවරණ කල් දමමින් ආණ්ඩුව එම පොරොන්දුව ඉටු කර ඇත.සොරකම්, නොකරන බවට වූ පොරොන්දුව  ,එදා මෙදා තුර ලොකුම වංචාව වන බැදුම්කර වංචාව කරමින් ඉටු කළේය.එසේම නීතියේ ආධිපත්‍ය සුරකින බවට වූ පොරොන්දුවද  මේ වන විට පියවරින් පියවර ඉටුකරමින් සිටින අන්දම අපට පෙනී ගොස් තිබේ.

ආණ්ඩුව එම පොරොන්දුව ඉටුකරන්නට පටන් ගත්තේ නීති විරෝධී අන්දමට අගවිනිසුරුවරයා ඉවත් කරමිනි.දැන් රට හමුවේ උදා වී ඇත්තේ එකී උච්චතම අවස්ථාවයි.දැන් ඔවුන් සූදානම් වන්නේ අධිකරණ අමාත්‍යවරයා එම තනතුරින් එළවා දමන්නටය.ඒ සඳහා විධායකයේද අනුමැතිය ආශීර්වාදය ලැබී තිබේ.ආණ්ඩුවේ ඇතැම් බත්බැලයන් පසුගිය දින කිහිපයක් තිස්සේ අධිකරණ අමාත්‍යවරයාට බැන අඬගසමින් සිටින්නේ ඊට අනුවය.

ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ තීන්දුව කලින්ම ගෙන චූදිතයන් බෙල්ලෙන් අල්ලා දඩුවම් දෙන  වන්ෂොට් පන්නයේ අමාත්‍ය වරයෙකි.ලොව කුමන හෝ තැනක නොමැති අන්දමට එක් පවුලකට එරෙහි නඩු විභාග කිරීම සඳහා පමණක් අධිකරණ පිහිටුවීම වැනි නයිතික  නොවන යෝජනා ඉදිරිපත් වන්නේ ඒ අනුවය.එමගින් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින්නේ දේශපාලනිකව පරාජය කල නොහැකි තම ප්‍රතිවාදීන් “කෙසේ හෝ ” මර්දනය කිරීමටය.එසේ කොට ආණ්ඩුවට කඩේ යමින් සිටින NGO නඩයේද ඔවුන්ගේ ස්වාමිවරුන්ගේද මන දොළ සපුරාලන්නටය.

මෙවැනි මර්දනකාරී,නීති විරෝධී ක්‍රියාමාර්ග මගින් අගතියට පත් වන්නේ රාජපක්ෂ පවුල හා ඒකාබද්ධ විපක්ෂය පමණක් යැයි කෙනකු සිතන්නේ නම් එය මුලාවකි.මෙවැනි නීතිවිරෝධී,ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් යම් දිනක මේ රටේ ඕනෑම අයෙකුට එරෙහිව භාවිත නොවන්නේ යැයි සහතික විය හැක්කේ කාටද?ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික ලක්ෂණයක් වන්නේ නීතියේ ස්වාධිපත්‍යයි.දැන් උදාවී ඇත්තේ විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් නීතිය පාලනය අතට ගැනීමට උත්සාහ දරණ අවස්ථාවකි. අධිකරණ අමාත්‍ය වරයා ඉවත් කිරීමට අප එරෙහි විය යුත්තේ එනිසාය.

එනිසා මේ අවස්ථාවේ නීතියේ ආධිපත්‍යට මුව වී ආණ්ඩුව ගෙන යන මේ නීති විරෝධී,ප්‍රජාතන්ත්‍ර විරෝධී,සදාචාරවත් නොවන ක්‍රියාමාර්ගයන් පරාජයට පත් කිරීම සඳහා එක්වන ලෙස නීති ක්ෂේත්‍රයේ සියලුම දෙනා ගෙන් මෙන්ම නීතිගරුක සියලු පුරවසියන්ගෙන්ද අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ප‍්‍රසන්න රණතුංග (පා.ම.)
කැදවුම්කරු
ඒකාබද්ද විපක්‍ෂය

81 views

16 Comments to “එක් පවුලකට දඬුවම් දෙන අධිකරණ ලෝකයේ කිසි තැනක නෑ.. ලංකාවේ පමණක් හදන්න සුදානම්..”

  1. Sadasori says:

    Pawlama Horu Wechchamahama Ohoma Tamai ….

Main News