එකාබද්දයේ සියළු දෙනා ඉවත් කිරීමට ශ‍්‍රීලනිපය තීරණය කරයි..

April 16, 2017 at 10:40 am | lanka C news
එකාබද්දයේ සියළු දෙනා ඉවත් කිරීමට ශ‍්‍රීලනිපය තීරණය කරයි..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේම ආසන සංව්ධානයක ධුරයන් ඉදිරි සතියේදී ඉවත් කෙරෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

දැනට ඒකාබද්ද විපක්‍ෂයෙ නියෝජනය කරමින් ශ‍්‍රිලනිපයේ ආසන සංවිධායක ධුර දරමින් සිටින්නේ චමල් රාජපක්‍ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලූත්ගමගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, රංජිත් සොයිසා ඇතුළු 08 දෙනෙක් පමණි. ඉවත් කරන ආසන සංවිධායකයින් සදහා නව සංවිධායකයින්ද පත් කිරීමට නියමිතය.

දැනටමත් ඒකාබද්ද විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් 20කට ආසන්න පිරිසකගේ ආසන සංවිධායක ධුරයන් අහෝසි කර ඇත.

28 views
Main News