එකාබද්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි.. මහ ලේකම් පුදුම වෙයි.. වහා විමර්ශණ ඇරඹේ..

November 5, 2017 at 10:00 am | lanka C news
එකාබද්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි.. මහ ලේකම් පුදුම වෙයි.. වහා විමර්ශණ ඇරඹේ..

ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පිහිටි ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලලක් ඉදිරිපත් කර ඇත.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වන ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, ගාමිණි ලොකුගේ, හා ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සහභාගී වී ඇත.

අන්තර් පාර්ලීමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මාර්ටින් චුන්ගොන්(Martin Chungong) මහතා හමුවී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සිදුවි ඇති අසාධාරණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මීට සති 02 කට පෙර ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ ගුණවර්ධන අන්තර් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරඇති පැමිනිල්ලකට අනුව ඊයේ දින මෙම මන්ත්‍රී කණ්ඩායම ප්‍රධාන ලේකම් හමුවී පැමිණිල්ල විභාග කිරිම සඳහා අවස්ථාව ලබා දී ඇත. එහිදී ප්‍රධාන කරුණු 04 ක් අවධානය යොමු කර ඇත.

  1. දින නියමයක් නොමැතිව පලත් සභා හා පාලත් පාලන මැතිවරණ කල් දැමීම.
  2. ව්‍යාජ චෝදනා නිර්මාණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම.මේ මොහොත වන විටත් එක් මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවේ පසු වේ.
  3. ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව මන්ත්‍රිවරුනගේ ගමන් බලපත්‍ර රදවා තබා ගැනිම. මේ වන විට මන්ත්‍රිවරු එකලොස් දෙනෙකුගේ ගමන් බලපත්‍ර රදවාගෙන ඇත.
  4. ඉතා හදිසි කටයුත්තක් ලෙස මාස දෙකක් ඇතුලත රජයට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම උදා – පලාත් සභා/ පාලාත් පාලන . මුලික පනතට පනතට සම්බන්ධයක් නොමැතිව සංශෝධන ලෙස ඉතා කෙටි වෙලාවකදී පනතක් ලෙස සම්මත කර ගැනීම.

ඉහත කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ඉදිරි සති දෙක තුල විමර්ශනය ලක් කරන බවත් විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ගමන් බලපත්‍ර රදවා තබාගැනීම සම්බන්ධයෙන් මහලේකම් වරයා ඇතුලු නිලධාරින් විමතිය පලකර බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසන ලදි.

ඉහත කරුණු පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට ඉදිරිපත් කිරිම සදහා දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන , නාමල් රාජපක්ෂ , රමේෂ් පතිරණ යන මන්ත්‍රිවරුන් බංගලාදේශයේ ඩකා නුවරට නොවැම්බර් මස 08 වන දින යාමට නියමිත බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.

– චමින්ද කරුණාරත්න

17 views

3 Comments to “එකාබද්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි.. මහ ලේකම් පුදුම වෙයි.. වහා විමර්ශණ ඇරඹේ..”

  1. Educationist says:

    It is a quite good action done by JO. The current government of Sri Lanka before election to the office misled people of the country promising that they will reestablish the democracy but what is happening is killing the democracy as Dr Fernando advertised Death Notice in Daily News before election to the office JR Jayawardane

  2. Legal Expert says:

    Can they also include in the petition that the current govt very unjustifiably made the TNA with only 15 members the opposition, over JO which has 50 PMs and is also the real opposition?

    • නිදහස් says:

      ආණඩු පක්ෂයේම පාර්ශව කරුවකුවන අනුර කුමාර නමැති රතු අලි පැටියා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක බවට පත් කිරීමේ ප්‍රෝඩාවද ඔවුන් මෙම
      පෙත්සමට ඇතුලක් කලානම් නේද හොඳ?

Main News