එකිනෙක සම්බන්ධ නැති ආසාදිතයන් හමුවෙනවා.. කොරෝනා සමාජගත වී නැතැයි කියන්න බෑ..

October 21, 2020 at 9:20 am | lanka C news
එකිනෙක සම්බන්ධ නැති ආසාදිතයන් හමුවෙනවා.. කොරෝනා සමාජගත වී නැතැයි කියන්න බෑ..

අද වන විට එකකට එකක් සම්බන්ධ නැති ලෙස කොරෝනා ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් තත්වයක් තුල කොරෝනා වෛරසය සමාජ ගත වී නැතැයි තීරණය කල නොහැකි බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එමෙන්ම වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසංගත රෝග විද්‍යා ඒකකය විනිවිදභාවයකින් නිකුත් කරන බවක් පෙනෙන්නට නැති බවත් ඔහු සඳහන් කළේය.

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ නැති ආසාදිතයන් සැළකියුතු පිරිසක් මේ වන විටත් වාර්තා වී තිබේනම් දැනට ක්‍රියාත්මක වන පියවරයන් ප්‍රමාණවත් නොවන බවද ඔහු තවදුරටත් පැවසුවේය.

37,368 views

8 Comments to “එකිනෙක සම්බන්ධ නැති ආසාදිතයන් හමුවෙනවා.. කොරෝනා සමාජගත වී නැතැයි කියන්න බෑ..”

  1. Rasika says:

    මේ අලුත් වයිරස් ප්‍රභේදය ගැන අපි පරික්ශනයක් කලා. ඒකට අනුව මේකේ බෝවීමේ හැකියාව ඉතා ඉහලයි. නමුත් මෙය පහසුවෙන් මර්දනය කල හැකි එකක්. වෙනිවැල්ගැට වැනි දෙයක් දින 5ක්, දවසට 3 වරක් බැගින් බීමෙන් වුනත් මේක මර්දනය කරන්න පුලුවන්…….

  2. ක්‍රිමිනල් says:

    හැබැයි ඉතින් , අර සෞ.මා.ප්‍ර හෙවත් ,ඔව් මම රාජපක්ශ දේශපාලන කදවුර නියොජනය කරනවා කියලා ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක ප්‍රකාශ කරන්න යෙදුණු ජොස්තර මහත්තැන්ට , පාර්ලීමේණ්තුවට නිරොධායන නිතී අදාල නෑ කියපු සෞ.ඇමැටිනියට හා කොවිඩ් මෙහෙයුම භාර ලු.ජනරාල් සිල්වා මහතාලට අනුව , හමුවන සියලුම ආසාධිතයින් බ්‍රැන්ඩික්ස් පොකුරට වක්‍රව හො සෘජුවම සම්භන්ධයි ! එ නිසා සමාජ පැතීරීමක් නොමැත.

    ප.ලි : ලොකුම විහිළුව , බ්‍රැන්ඩික්ස් පොකුර ඇතිවුනු ආකාරයවත් නොදැන , සමාජ පැතීරීමක් හෙවත් කමියුනිටි ස්ප්‍රෙඩ් එක ගැන පොත් පෙන්නලා නිර්වචනයන් දෙන ජොස්තර මහත්තුරු , රටේ කොවිඩ් මෙහෙයුම භාරව කටයුතු කිරීමයි. අපිට අබ සරණයි ! 😜

  3. Justin Galapaththi says:

    අපේ ස එහෙනම් රෙද්ද ගලවගත්ත..කෝ මේ මොංගල් බයියෝ සෙට් එක කොරෝනා තුරන් කිරීමෙන් ලංකාව 2 වැනි තැනට ආවා කියපු.

  4. Kgs basnayake says:

    Are they govetnment employees?
    If they want to suggest they can suggest to their superiors. What is this? An employee paid by public money talk against the employer. Please investigate this matter. Where are they working? What they do

  5. ත්‍රීවීල් says:

    ආණ්ඩුව ඡන්දෙට ප්සුව GMOA කියන දේ අසා අහඹු ලෙස රටේ තැනින් තැන පීසීආර් පරීක්ෂණ සිදු කලානම් අද රට මේ ව්‍යසනයට මුහුණ දෙන්නෙ නෑ.

  6. Heman says:

    Meyage job eka mekada hamadama.oata kiyanne andvadiyawa.

  7. yasa says:

    ඔය කියන සමාජය “මුතුහර ළමා සමාජය” වගේ එකක්ද?

  8. ආර්ඒ සිරි says:

    දැනට ගෙන තිබෙන පියවරයන් ප්‍රමාණවත් නොවේනම් ගත හැකි අනෙක් පියවරයන් හංගගෙන ඉන්නේ නැතිව කියන්නකෝ

Main News