එක ඇමතියෙක් නඩත්තුවට දිනකට ලක්ෂ දෙකක්.. වසරකට ලක්ෂ හත්සීයයක්..
October 24, 2017 at 10:00 am | lanka C news
වර්තමාන යහපාලන ආණ්ඩුවේ එක කැබිනට් ඇමතිවරයෙකු නඩත්තු කිරීම සදහා වසරකට රැපියල් ලක්ෂ 700ක මුදලක් වැය වන්නේ යයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
එම පක්ෂ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ එම පක්ෂයේ ජනහමුවක් අමතමිනි.
රටම අර්බුදයට යද්දී පාලකයින් විසින් වරප්රසාද වැඩි වැඩියෙන් ලබා ගනිමින් සිටින්නේ යයිද ප්රධාන ලේකම්වරයා කියා සිටියේය.
වසරකට ලක්ෂ හත්සියයක් යනු දිනකට ලක්ෂ දෙකකට ඉතා අසන්න ප්රමාණයක් වෙයි.
ඒකනේ රතු අලි පැටවු කොල අලින්ව, තීරණාත්මක හැම අවස්ථාවක දීම ආරක්ෂා කරන්නේ.
එක නිසානේ මම තාම ජහ පලනෙට කඩේ යන්නේ. ටිකක් බොරුවට වගේ කෑ ගැහුවට ගණන් ගන්න එපා.