එක එක්කෙනාගේ හිතුමතේට රජයේ දේපල විකුණනවාට මං විරුද්දයි..

December 30, 2020 at 1:20 pm | lanka C news
එක එක්කෙනාගේ හිතුමතේට රජයේ දේපල විකුණනවාට මං විරුද්දයි..

එක එක්කෙනා හිතුමතේට රජයේ දේපල පුද්ගලීකරණය කරන්නේ නම් මහජන නියෝජිතයෙකු වශයෙන් තමන් ඊට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

නමුත් ආයෝජකයන් ගෙන්වාගෙන රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවද ඔහු පැවසීය.

ඉමදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම ගැන තවමත් තීන්දුවක් නැතැයි ද පැවසූ ඔහු රටක සුබදායිම හා සුගතිදායකම දේ ආණ්ඩුව විසින් සිදු කරයි යැයි විශ්වාස කරන බවද පැවසීය.

35,652 views

4 Comments to “එක එක්කෙනාගේ හිතුමතේට රජයේ දේපල විකුණනවාට මං විරුද්දයි..”

  1. GAMINI SENANAYAKE says:

    ඔය තීන්දුව ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පeන්නපු රිලවුන්ගෙන් අහලා නෙවෙයි. අනිත් එක 225 කැමති උනොත් හරි කියන එකද ඒ කියන්නේ.

  2. Gini says:

    For last 70 years you politicians has done this nothing else.

  3. ක්‍රිමිනල් says:

    අපේ රටේ තියෙනවා වටිනා සම්පතක් , එ සම්පතත් පිටරටවලය විකුනලා අපිට ඩොලර් මිලියන ගනං හොයන්න පුලුවන් , මේ රටේ තියෙනවා හැටනව ලක්ශයකට එහා ගිය වහල් සම්පතක් , වහල් වෙලදාමේ නියැලිලා ,අඩුම තරමේ එක වහලෙක් ඩොලර් දාහකට වික්කත් හොද ආදායමක් හොයා ගන්න පුලුවන් ,ඒත් එක්කම වහල්ලු නැති රටක් තුල , උන්නතියක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ! ප්ලීස් කවුරු හරි වහල් වෙළදාම ගැසට් කරහල්ලා..😏

  4. Galle man says:

    හම්බන්තොට වරාය විකුණන කොට ඔබතුමා මැරිලද හිටියේ…????

    විලිලැජ්ජැවේ සන්තෝසයි චන්දිම….
    යහපාලනය ට ජැක් එක ගහගෙන ඉන්නකොට හොදයි….ඇමති කට්ට නැතිව යනකොට විරැද්දයි…..

    Shameful ….

Main News