‘එක කාලකණ්ණියෙක්ගේ බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීමට මට සමාවෙයන්..’- සන්නස්ගල
April 7, 2019 at 10:40 am | lanka C news
ප්රකට සංගීතවේදී කසුන් කල්හාර සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලයේ හුවමාරුවන ලිපියකට එරෙහිව අදහස් පල කරමින් උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.
ආදරණීය කසුන් කල්හාර ඇතුළු මිතුරියනි මිතුරනි;
මා මේ අදහස පසුගිය කාලයේ කොහේ හෝ තැනකදී කෑගසා කියන්නට සිටි වේදනාවකි. එහෙත් දැන් බලා සිටියා ඇති යැයි සිතෙන නිසා කෙටි පෝස්ටුවකින් මෙසේ කියමි.
එච්. එම්. ජයවර්ධන සංගීතවේදියා රෝගාතුරව රෝහලේ ප්රතිකාර ලබමින් සිටී. ලෙඩ දුක් කරදර විපත් අනතුරු මරණ අප කාටත් පොදු ය. එවැනි වේදනාකාරී අවස්ථාවක පසුවන එච්. එම්. ජයවර්ධනගේ ඡායාරූපයක් ගත් අධම මිනිසෙක් එය මුහුණු පොතේ ෂෙයා කරමින් සිටී. එය පසුබිම් කොටගෙන මානුෂවාදී ලෙස පෙනෙන ගොන් කතා ඕපදූප සහ මඩ පෝස්ටු නිර්මාණය කරමින් සිටිනු පෙනේ.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරාට ද, අවස්ථාවක් ලද සැනින් කළණ ගුණසේකරට ද පසුගිය සතියේ මඩ ගැසූ බව දුටිමු. චරිතවලට අහේතුකව, ද්වේශ සහගතව කුණු කතා ගොතන සියල්ලනි, ඕපදූප ගොතන්නනි, ගොන් කොමෙන්ටු දමන අමනයනි, ඉතිහාසයේ කිසිවෙකුටත් වඩා තොප මඩ ගැසුවේ මට ය. මගේ දුප්පත් අම්මාට අප්පච්චිට ය. අප අතර තිබූ පොහොසත් ආදරය තොප දන්නේ නැත.
මිතුරියනි මිතුරනි, මෙම පෝස්ටුව සමඟ අමුණා ඇති සේයාරුව ගන්නා ලද්දේ මගේ බිරිඳ විසිනි. ඒ අප විවාහ වී ගමට ගිය පළමු දවසේ ය. අප සතරදෙනා ගමේ පීල්ලෙන් දිය නා ගෙදරට එන අතරතුර යහළබැද්ද පන්සල ළඟ පාරේදී ය. අප ගමේ යන විට අපට කුඩා කැමරාවක් දුන්නේ උපාලි කන්නංගර මිතුරා ය.
මා අම්මා අප්පච්චි බැලීමට ගමට ගිය හැම විටම මිතුරෝ දෙතුන් දෙනෙක් ද නො වරදවා අපේ ගමට ආහ. අප්පච්චිගේත් අම්මාගේත් අවමංගල්යයන්ට දහස් ගණනක් මිතුරෝ සහභාගි වූහ. මා අම්මා පොත ලියූ පසු මඩ ප්රහාරය ඇරඹිණ. මගේ අම්මා නගරයේ සිඟමන් යැද කළුබෝවිල රෝහලේ අසරණව මියගිය බව එක් අමනුස්ස ලියන්නෙක් මුහුණු පොතේ ලියා තැබී ය. ඒ මුසාවේ එල්ලුණු දහස් ගණනක් මට ශාප කරමින් කොමෙන්ටු දැමූහ. දහස් ගණනක් ලොව පුරා එය ෂෙයා කළෝ ය. මේ ඡායාරූපය යොදාගත් තවකෙක් “සන්නා තමන්ගේ දෙමාපියන් මොරටුවේ අනාථ නිවාසයකට රැගෙන යන අවස්ථාව” යනුවෙන් ලියා තැබී ය. මුහුණු පොතේ කාලකණ්ණින්ගේ ශාපය තවමත් මා පසුපස එන බවත් විනාශකාරී වේදනාවකින් මා දවන බවත් කාලකණ්ණි සතුට ලබන සියල්ලන් වෙනුවෙන් ලියා තබමි.
ආදරණීය කස්සා ;
මා ලබා ඇති ගිනියම් වේදනාවේ එක කඳුළක්වත් උඹේ ඇහේ නළියනු දකින්නට මා කැමති නැත. මගේ ජීවිතේ ඇස ගැසී ඇති දුලබ මිනිස්කමින් උඹ ගුණවන්ත ය. උඹේ සත්පුරුෂකම්, උඹේ ජනප්රියකමටත්, දක්ෂකමටත් වඩා බොහෝ උස ය.
උඹ කොටට කොටේ බරට බරේ කදමලු බැඳගෙන තාත්තා බලන්නට යන හැටි හොඳින් දන්නා මට, මේ එක කාලකණ්ණියෙක් අල්ලා බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.
– Upul sannasgala FB
Sinhala guruthuma, Postuwata sinhala wachanayak nedda? singlish da ugannanne?
උඹ දිහා බැලුවාම අපටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි සන්නො,අපි තාම පරක්කු නෑ කියලත් හිතෙනව.
තමන් වැපිරෑ දේ ප්රථිඵලයක් ලෙස තමන්ට ලැබේ.තමන් යම් දෙයක් කල විට එය විවේචනය කරන්නාට එරෙහිව තමන්ගේ බුද්ධිය, භාෂා දැනුම, මිළමුදල්වල බලය, තමන්ට ඇති සමාජ තත්වය උපයෝගි කරගෙන තමාගේම මතය නිවැරදියි කියා සමාජගතකරන්නට වෙරදරන පුද්ගලයන් හට ලැබෙන ප්රථිඵලය ඕකයි.වෙනත් කෙනෙකුගේ මරණයක් අපට එතරම් වැදගත් නොවුනත් තමාගේම ළඟම අයෙක් මියගිය විට ඒවේදනාව අපට බරපතල ලෙස දැනේ.එලෙසම තමා විසින් නොයෙකුත් විපිරියාස සමාජගත කරන විටදී තමාට දැනෙන සොමියම සමාජය විසින් තමන්ට එරෙහිව යම් දෙයක් කරන විටදී වඩාත් හොඳින් තමන්ට දැනේ.අන්න එවිට අර හදවත පුපුරා යන වේදනාව පාරාවලල්ලක් ලෙස තමා වෙතම පැමිණෙයි.තමන් වැපිරෑ දේ වල අස්වැන්න තමන්ටම ලැබෙන්නේ එලෙස බව මහා හෙළයේ සිංහල ගුරාණෝ පිළිගතයුතුය.
ammata siri moth ehenam mini marala porodo ekek. ekale uoddeta arina thibbe belimirikana brigedayak hadala.