එක දිගට සල්ලි අච්චු ගහනවා.. සුරුට්ටුවක් ගන්න විල්බැරෝවේ සල්ලි ගෙනියන්න වෙයි…
January 25, 2022 at 3:00 pm | lanka C news
ක්‍රමවත් සැලසුමකින් තොරව මුදල් අච්චු ගැසීම බඩයාම අතීසාරයට හරවනවා වගේ වැඩක් යයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන් විජය ලාල් ද සිල්වා ගාල්ලේ දී පැවසීය.
ගාල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක මෙත්සිරි ද සිල්වා ගාල්ල කනම්පිටියේ සංවිධානය කර තිබූ එම පක්ෂයේ රැස්වීමකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කීය.
මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය.
‘‘ආර්ථික විද්‍යාවේදී සැලැස්මකින් තොරව මුදල් අච්චු ගැසීම හඳුන්වන්නේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව බඩයාම අතීසාරයට හරවනවා වගේ කියලා. සමහර ආණ්ඩු මැතිවරණ ඔන්න මෙන්න තියල දේශපාලන උපක්‍රමයක් හැටියට මුදල් අච්චු ගැසීම කරන බව ඇත්ත. හැබැයි වර්තමාන ආණ්ඩුව බලයට ඇවිත් මුල් වකවානුව තුළම විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගහල තියෙනවා. දැනට දැනගන්නට තිබෙන සංඛ්‍යා ලේඛන අනුව ගිය වසරේ අඟවන විට රුපියල් ට්‍රිලියන එකයි දශම එකක අලුතින් මුදල් නෝට්ටු අච්චු ගසා ඇති බවයි දැනගන්නට තියෙන්නේ. මේ තුළ විශේෂයෙන්ම රටේ ආර්ථිකයේදී ඉල්ලුම සහ සැපයුම පිළිබඳව සොයා බලන කොට ක්‍රමවත් සැලැස්මකින් තොරව මෙවැනි මුදල් අච්චු ගැසීම තුළින් රටේ උද්ධමනය තවත් වැඩි වෙනවා මිසක රටේ ආර්ථිකයට සහනයක් ලැබේ කියා විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ.
සුපුරුදු කතාවක් තියෙනවා දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ ඔය වගේ මුදල් අච්චු ගැසීම නිසා සිගරට් පැකට්ටුවක් මිලදී ගන්න වීල් බැරෝවකින් මුදල් ගෙනියන්න සිද්ධ වුණා කියලා. අපේ රටේ ඉදිරියේදී භාණ්ඩ හිඟය තුළ මේ මුදල් අච්චු ගැසීමේදී වැඩිවන මිලට අනුව බලනවිට විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. ඒක මම හිතන්නේ ආර්ථික ගැටලුවලින් පීඩාවට පත් ජනතාවට ලැබෙන සහනයක් නම් නොවේ කියන එක මගේ පෞද්ගලික විශ්වාසයයි.
වාර තුනක් අඛණ්ඩව මහ ඇමතිවරයා හැටියටත්, පසුව නැගෙනහිර ආණ්ඩුකාරවරයා හැටියට පළාත් සභා ක්ෂේත්රයේ තිබෙන සියලු පදවි තනතුරු දරපු කෙනෙක් මම. ඒ නිසා ඒ විෂය ක්ෂේත්රය පිළිබඳ සියලු දේ නූනත් බොහෝ කරුණු පිළිබඳ යම් අවබෝධයක්, දැනුමක් මට තියෙන නිසා තමයි මම අයවැය විවාදයේදී ඒ වැය ශීර්ෂය පිළිබඳව කතා කරන්න යම් ඉඩ ප්‍රස්ථාවක් ඉල්ලුවේ. නමුත් අවසාන මොහෙතේ ඒ ඉඩ ප්‍රස්ථාව අහිමි වෙලා ගියා. ඊට පසුව මා ධීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේත්, කම්කරු අමාත්‍ය්‍යාංශයේ වැය ශීර්ෂය යටතේත් කතා කරන්න අවස්ථාවක් ඉල්ලුවත් ඒ අවස්ථා දෙකද අවසාන මොහෙතේ අහිමි වුණා.
කෝඩිඩ් වසංගතය ලෝකයේ හැමරටකටම බලපෑවා. හැබැයි හැම රටක්ම අපි තරම් ආර්ථිකයේ මේ තරම් පහත් මට්ටමට ඇදවැටිල නැහැ. එහෙමනම් අපේ රටේ භාණ්ඩ හිඟය, පොහොර හිඟය, පෝලිම් ඇතිවීම ආදී දහසකුත් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. අනෙක් රටවල් මුහුණ නොදෙන යම් හෝ වරදක් නිසා අපි නිහතමානීව අපට වැරදුණු තැන දැන්වත් සොයා ගත යුතුයි. ඊට පිළියම් අපි දැන්වත් සකස් කර ගන්න ඕනෑ. එහෙම නූනොත් ඉදිරි අනාගතයේ මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්, උත්සන්න වෙන්න පුළුවන්’’ යයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
යූ .එම්. තිලකරත්න – ලබුදූව
රවීන්ද්‍ර චන්ද්‍රලාල් – හිනිදුම
oya dannnawada artika widyawa. nikna yanna mahattaya
ගාල්ලත් කාල, දකුනු පලාත් සභාවත් කාල, ආන්ඩුවත් කාල කියවන්න එන එකා බලපල්ලකො
Hariyata hari kathawa. Yahapalane hitapu ekkek neda meya
Oya dannawada ?
අම්බලංගොඩ බත් බූරුවා…!
තොපි ආන්ඩු කරන කාළයේ හැංගිලා හිටපු නරියා,..
දැනශන් පරයා..බලය තිබුන තාළයේ කෙරුවාව මතතනේ..
කොහේද පිට්ටුවෝ උබ හිටියේ,.! වහලා,.!
මේ වෙලාවේ ඡන්දයක් තිබ්බත් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා..
මහජනතාව මහපාරට ඇවිත් හර්තාලයක් කලත් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා..
නමුත් ඒ දෙකම දැනට රාජපක්ෂලා වලකාගෙන සිටින්නේ විපක්ෂයේද පිහිටෙනි.
(පළාත්සභා ඡන්දය කල් තැබුවේ ප්‍රධාන ධාරාවේ සියලුම පක්ෂ නායකයන් සහ පක්ෂවල පූර්ණ එකඟතාවයෙනි. ජනතාව ස්වභාවිකව සහ ස්වාධීනව විරෝධතා වලට, සටනට, අරගලයට අවතීර්ණ වීම හැම විටම “ලියාපදිංචි පක්ෂ” හා ඒවායේ උපාංග වන පටු ආත්මාර්ථකාමී වෘත්තීය සමිති විසින් හයිජැක් කර වැරදි දිශාවන්ට යොමුකර අතරමං කරමින් දුර්දාන්ත රාජ්‍යයේ පාලනය තව දුරටත් පැවතීමට ඉඩ සලසයි).
ජනතාව වෙනුවෙන් ජනතාව තුළින්ම නව “දේශපාලන ව්‍යාපාරයක්” බිහිවී ඒ තුලින් සිදුවන පොදු අරගලයකින් සමස්තය පෙරලා දමන තුරු රටට සහ ජනතාවට විනාශයෙන් ගැලවීමේ මගක් නැත.
අරගලය තමා දැන් මේ රටේ මිනී පෙට්ටියට අඩු අන්තිම ඇණේ. ඉස්සෙල්ල තම තමන් හැදියල්ලා.. වැඩ කරපල්ලා. විනීත විනය ගරුක වෙයල්ලා. එතකොට රට ඉබේ හැදෙයි.
මේ යකත් හොද ගැහිල්ලක් ගහල ඉන්නේ මුන්ට රැවටෙන්න එපා.
අනේ ඔයා දන්න ආර්ථිකේ…නිකන් පලයන් බන් යන්ඩ….
ඉතින් බන් සුරුට්ටුව වෙනුවට කැරට් අලයක් ගහ ගනින්කො,ප්‍රශ්නෙ ඉවරයිනෙ ගෙදර පොච්ච්යකත් හිටවගන්න පුලුවන්නෙ.
Here is this man of politician who did Not that read Locally and Globally ongoing unprecedently CRISIS of Economic that then is the invisible hand made Visible !
He used the cunning mechanism of coalition of SLPP govt with its that near SLFP Ministers given away by this gentlemen.
Here is this man of politician who did Not that read Locally and Globally ongoing unprecedently CRISIS of Economic that then is the invisible hand made Visible !
He used the cunning mechanism of coalition of SLPP govt with its that near SLFP Ministers given away by this gentlemen that EX Chief Minster of provincial Council and this former confident of SLFP of last So-called “Good Governances” led by MS of SLFP and Ranil Wicks of UNP and ally of CBK of Federal -SLFP leadership. He came let the cat out of the bad of New rightwing by SJB policies + JVP political propagandas .
මේ දවස්වල කුහකයාගේ තහනම් වචනය කොරෝනා !!! සජිත් ප්‍රේමදාස ඇතුලු බුද්ධිමත් විපක්සය, කාදිනල් උන්නැහැ එහෙම කියන්නෙත් ඔය කතාවමනෙ.