එක පවුලේ තිදෙනෙකු සමග ත්රිවිලය ඇලට පෙරලේ.. අසධ්‍ය තත්වයෙන් රෝහලේ..
February 13, 2018 at 2:22 am | lanka C news
දඹුල්ල-මයියංගනය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල උනපඳුරුයාය ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පදවා ගෙන් පැමිණි ත්‍රි රෝද රථයක් 12 වෙනි පෙරවරුවේ 10ට මාර්ගයෙන් ඉවතට පැන කලෝගහඔයට පෙරලියමෙන් ත්‍රි රෝද රථයේ ගමන් කල එකම පවුලේ කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇත.
ඉන් අසාධ්‍ය තත්වයේ පසුවූ කාන්තවක් මහනුවර මහා රෝහලට මාරුකර යව තිබේ, මෙම පිරිස බදුල්ල,පස්සර බණඩාරනායක මාවතේ පදිංචි පිරිසකි,අනතුරින් තුවාල ලබා ඇත්තේ ආර්,එම,කුසුමාවතී(39 ),ආර්,එම,සිරෝමාලා(42 ),හා කේ,එල්,කපිල(40 ) යන තිදෙනාය.
මොවුන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ 12 වෙනි දින විභාගවන නඩුවක් සදහා පෙනී සිටීමට ත්‍රි රෝද රථයෙන් පැමිණෙමින් සිටියදී ත්‍රි රෝද රථය පදවා ගෙන් පැමිණි පිරිමි පුදගලයාට නිදිමත වීම හේතුවෙන් නියමිත වෙලාවට අධිකරණයේ පෙනී සිටීය යුතු හෙයින් එහි පැමිණි කාන්තාවක් විසින් අතරමගදී ත්‍රි රෝද රථය පදවා ගෙන් පැමිණ ඇති බවට හා වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බව පොලිසිය අනාවරණය කරගෙන් ඇත,
දඹුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
– මහින්ද උදයසිරි