එක පවුලේ 06කට කොරෝනා..

February 21, 2021 at 2:07 am | lanka C news
එක පවුලේ 06කට කොරෝනා..

හැටන් කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවාකැලේ සෙන්ක්ලේයාර් වත්තේ ඩෙවොන් කොටසේ එකම පවුලේ 6 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව (20) දින ලද පි.සි.ආර් පරික්ෂකන වාර්ථා අනු තහවුරු වු බව කොටගල මහජන  සෞඛ්‍යය පරික්ෂක සෞන්දර රාගවන් මහතා පැවසිය.

අසාදිත 6 දෙනාගේ පවුලේ කාන්තාවක් ඉකුත් 08 දින ගම්පහ ප්‍රදේශයට ගොස් ඇති අතර, එහිදි සිදු කල පි.සි.ආර් පරික්ෂනයක් අනුව එම කාන්තාවට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු බවට තහවුරු වු නිසා එම පවුලේ සෙසු සමාජිකයින් 09 දෙනෙකු ස්වයන් නිරෝධානයට යොමු කර (16) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂනය අනුව එම පවුලේ තවත් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ .

අසාදිතයින් අතර එම පවුලේ සෙන්ක්ලේයාර් දමිල මහා විද්‍යාලයේ 10 වන වසර අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් සිටින බවත් ,අසාදිතයින් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සිටින බවත් ,සියලුම අසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරන බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

පෙර අසාදිත කාන්තාව සමග මේ වන විට එම පවුලේ 07 දෙනෙකුට කොවඩ් 19 වෛරසය අසාදනය වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

4,125 views

Leave a Comment

Main News