එක පැත්තකින් ව්‍යාජ සාකච්චා.. අනෙක් පැත්තෙන් මැර ප්‍රහාර.. යහපාලනයේ සියලූ රෙදි ගැලවෙයි..
July 28, 2017 at 3:28 am | lanka C news
වැඩ වර්ජනයේ යෙදුනු තෙල් සේවකයින් පොලීසිය හා මැරයන් විසින් පහර දීමට හෙලා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
මේ බව සදහන් කරමින් එම පක්ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
‘එක පැත්තකින් ව්‍යාජ සාකච්ඡ – අනෙක් පැත්තෙන් මැර ප්‍රහාර’- යහපාලනයේ සියලූ රෙදි ගැලවෙයි
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවටත් හම්බන්තොට වරායේ තෙල් ටැංකි සංකීර්ණය චිනයටත් ලබා දීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව අනුගමනය කළ නිර්ලජ්ජිත ක්‍රියාදාමය ජාතික නිදහස් පෙරමුණේ අපි දැඩි ලෙස හෙළා දකින්නෙමු.
ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ තෙල් බෙදා හැරීමේ කටයුතු සඳහා පැමිණි හමුදා ප්‍රධානීන් හා වෘත්තීය සමිති නායකයන් අතර ත්‍රිවිධ හමුදා, රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට තෙල් සැපයීමේ එකගතාවක් ඇතිව තිබියදී ආණ්ඩුව පළමුව පොලීසිය යොදවා එම අත්‍යවශ්‍ය සේවයේ නිරත වීමට සූදානම් වූ සේවක පිරිස් තෙල් සංස්ථා සංකීර්ණයෙන් එළියට ඇද දැමූහ. එසේ එළියට ඇද දැමූ සේවකයන්ට ‘මරික්කාර්’ නැමති මැරයකුගේ මැර කණ්ඩායමක් ලවා ඉතාමත් නින්දිත ලෙස පහර දුන්හ.
මේ කටයුතු සිදු වෙද්දී ජනාධිපතිවරයාගේ නියෝජිත ලෙස දුමින්ද දිසානායක ඇමතිවරයා තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡවක් පවත්වා තිබිණි. ඒ ව්‍යාජ සාකච්ඡව නිමා වී එන වෘත්තීය සමිති නායකයන්ට දැක ගැනීමට හැකි වූයේ සාකච්ඡවලදී එකග වූ සියලූ එකගතා බිඳ දමමින් තම සේවක සහෝදර සහෝදරියන්ට ජල ප්‍රහාර එල්ල කරන පොලීසිය හා යකඩ පොලූ, කඩු අතැතිව ඔවුන්ට පහර දෙන ‘මරික්කාර්’ නැමති මැරයාගේ මැර පිරිසකි.
මෙහිදී පොලීසියට තමන් ජනාධිපතිවරයාගේ නියෝජිත ඇමතිවරයා සමග කළ සාකච්ඡවලදී එළඹි තීරණය පැහැදිලි කිරීමට උත්සාහ කළ වෘත්තීය සමිති නායකයන්ට අත් වූයේ කෙබඳු ඉරණමක්ද? ඔවුන් බලහත්කාරයෙන් පොලිස් ජිප් රථවලට නංවා ගෙන වැලිකඩ පොලීසියට ගෙනවිත් හොඳ හැටි ගුටි බැට දීමය.
රටේ සම්පත් විකුණා දැමීමට එරෙහිව රට වෙනුවෙන් වැඩ වර්ජනයක නිරත වූ මේ සේවක පිරිසට යහපාලන ජනපතිගෙන් ව්‍යාජ සාකච්ඡ ලැබෙන අතර අගමැතිගේ පාර්ශ්වයෙන් මැර ප්‍රහාර ද එල්ල වී තිබේ. කෙසේ නමුත් මෙහිදී අවසානයේ දී සිදු වූයේ යහපාලනයේ රෙදි සියල්ල ගැලවී යහපාලකයන් සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍ර වීම පමණි.
මොහොමඞ් මුසම්මිල්
ප්රචාරක ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
There is no alternative than public hammering of those bogus strikers who are inconveniecing people. Hats of for people of Kolonnawa.
Bogus Dayasiri says unhappy public assulted CPC workers. All Sri Lankan’s are unhappy with Ponil and My3 palan. Shouldn’t they be assaulted too??
Mara _ ikkar nohoth marrikka.