එක පැනයයි.. ආණ්ඩුව හාන්සියි.. ගම්මන්පිල හිරු බලය දෙවනත් කරයි..[Video]
October 26, 2018 at 2:10 pm | lanka C news![එක පැනයයි.. ආණ්ඩුව හාන්සියි.. ගම්මන්පිල හිරු බලය දෙවනත් කරයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/56465464.jpg)
හිරු රූපවාහිනියේ පැවති බලය වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා විසින් අවස්ථා කිහිපයකදීම අසන ලද ප්රශ්නයක් හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇති විය.
එජාපය වෙනුවෙන් පැමිණ සිටි නියෝජිතයන් කියා සිටියේ වත්මන් රජය විසින් පසුගිය රජය ගත් අති විශාල ණය ප්රමාණය ගෙවමින් සිටින නිසා යම් ආර්ථික අපහසුතා ඇතිව තිබෙන බවයි.
ගම්මන්පිල මහතා ඊට මැදිහත් වෙමින් සදහන් කලේ පසුගිය රජය අවදන් වෙද්දී ගෙවිය යුතු මුළු ණය ප්රමාණය වූයේ රුපියල් බිලියන 7200ක් බවත් දැන් ණය ගෙවා ඇත්තේ නම් එය කොතරම් ප්රමාණය තෙක් අඩු වී ඇතිදැයි පෙන්වන ලෙසත්ය.
ණය අඩුවීමක් නොව සිදුව ඇත්තේ රුබියල් බිලියන 11,000 දක්වා ණය ප්රමාණය වැඩි වීම බවද ඔහු පෙන්වා දුන්නේය.
ඊට පිලිතුරු දීමට යාමේදී මෙම තත්වය මතු වූ අතර වැඩසටහන පුරාවටම පැනයට පිලිතුරු ලැබුනේ නැත.
බලය කැළඹූ ණය අවුල
Gepostet von Hiru TV Balaya am Donnerstag, 25. Oktober 2018
මොක්කුද අප්ප මේ එජාපයෙන් එවන එවුන්. මුං විවාදයට නොවෙයි හොද මොන්ටිසෝරි යවන්න.
ණය ගෙවිල්ල කෙසේ වෙතත් නායක හොර අලියා මුලු රටම හොරා කාලා බව දැන් පැහැදිලියි. හොරා තවත් තවත් රට නොකා වහාම ගෙදර පල!
Dan ithin jeppoi unp karayoi gammanpilata banala meke comment dai. Mewata uththara denawa wenuwata unta karanna puluwan echchari.
දෙදහස් පහලොවේ ජනවරි අට වෙනිදා
රට නැතිවුණා ඡන්දය රැවටී වැටුණා
දැන් තේරේ ද රට විඳවන හැටි නොනිදා
නැගිටිව් නොමවැටී දැන්වත් සිත වෙරදා