එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න.. අනාගත පරපුරට ඉතිරි මොනවාද..

January 17, 2018 at 4:40 pm | lanka C news
එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න.. අනාගත පරපුරට ඉතිරි මොනවාද..

එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කලේ දේශීය ව්‍යාපාර විනාශ කරමින් රාජ්‍ය දේපල හිතමිතුරන්ට හා විදේශිකයින්ට කුණු කොල්ලයට විකීනීම බවත්, චන්ද්‍රිකා කලේත් එයම බවත් අද ඉදිරියට ගෙනියන්නේ එම ප්‍රතිපත්තියම බවත් ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු එසේ කීවේ පැලියගොඩ පැවති විද්වත් හමුවක් අමතමනි.

” ආසියාවේ අන් රටවල් දියුණු වුනේ තමන්ගේම කර්මාන්ත ගොඩනගලා. අපේ රටේත් මුල් යුගයේ විශේෂයෙන්ම සිරිමාවෝ බන්ඩාරනායක යුගයේ දේශීය කර්මාන්ත සෑම ක්ශේස්ත්‍රයකම පටන් ගත්තා.

නමුත් 1977 බලයට ආපු ජේ ආර් ජයවර්ධන මේ කර්මාන්ත කඩා වටෙන්න හැරියා ඊට පස්සෙ ආපු ප්‍රේමදාස හා චන්ද්‍රිකා එක පොදියට කුණුකොල්ලෙට මේවා විකුණන්න පටන් ගත්තා.

මම තමුන්නාන්සේලාට උදාහරණ කිහිපයක් විතරක් මතක් කරන්නම්. මොනතරම් කම්පාවක් හිතට එනවාද බලන්න මේවා කලකට පෙර ජාතික සම්පත් නේද කියල හිතුවහම.

මෙන්න ප්‍රේමදාස ජනාධිපති යුගයේ විකුණූ රාජ්‍ය දේපල සමහරක්….

තුල්හිරිය , පූගොඩ හා වේයන්ගොඩ රෙදි කම්හල්
දන්කොටුව පෝසිලේන්, ලංකා සෙරමික් හා ලංකා පෝසිලේන් කම්හල්
මහවැලි මැරයින් සිමෙන්ති, රුහුනු සිමෙන්ති හා පුත්තලම සිමෙන්ති කම්හල්
බෝගල පතල හා කහටගහ මිනිරන් පතල
කැලණි ටයර් , ලංකා ඔක්සිජන්, ලංකා ඩිස්ටිලරීස්, ලංකා ලෝහ, තෙල් සහ මේද, ලංකා සම්බාන්ඩ, ලංකා මිල්ක් ෆුඩ්, ලංකා කඩදාසි හා හිගුරාන සීනි කම්හල්
හුන්නස් ෆෝල්ස් හෝටලය, ට්‍රාන්ස් ඒෂියා හෝටලය, ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලය හා කොළඹ ජාත්‍යන්තර පාසැල

මෙන්න චන්ද්‍රිකා ජනාධිපතිනි යුගයේ විකුනූ රාජ්‍ය දේපල සමහරක්……….

බොගවන්තලාව, අගරපතන, මස්කෙලිය, අගලවත්ත කැලණිවැලි, හොරණ, කැගල්ල, පුස්සැල්ලාව, බලංගොඩ, මතුරට, නමුනුකුල, වටවල, තලවකැලේ හා තවත් බොහෝ තේ වතු
වයඹ පොහොර, රුහුණු පොහොර, රජරට පොහොර හා සී සී සී පොහොර සමාගම්
පැලවත්ත සීනි සමාගම, සෙවනගල සීනි සමාගම හා කන්තලේ සීනි වගාව
කොළබ ගෑස් සමාගම, ලංකා වානෙ සංස්ථාව, ලංකා තුනී ලෑලි සංස්ථාව හා ලංකා ග්ලාස් සමාගම
ලංකා ලුබ්‍රිකන්ට් , ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, ලංකා ට්‍රැක්ටර්ස් හා සතොස මෝටර්ස්
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ සංස්ථාව, , ලංකා සංවර්ධන බංකුව, පීපල්ස් මර්චන්ට් බැංකුව හා ලංකා වානිජ බැංකුව

ඔබ දන්නවා සිරිසේන ජනාධිපති හා රනිල් අගමැති විකුණූ හා විකිනීමට අර අඳින රාජ්‍ය දේපල සමහරක්
මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොල, ත්‍රීකුණාමලය තෙල් ටැංකි
හිල්ටන් , ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හා හයට් හෝටල්
ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවා
ලංකා හොස්පිටල් ඇතුලු තව හැකි සෑම දෑ

ඉතින් මොනවද අපේ අනාගත පරම්පරාවට ඉතුරුවෙන්නේ රට ගොඩ නගන්න ? ”

– චාමින්ද කරුණාරත්න

180 views

19 Comments to “එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න.. අනාගත පරපුරට ඉතිරි මොනවාද..”

  1. love nature says:

    අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී ල නි පක්‍ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මොකක්‌දෝ පක්‍ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්‍රතිශතයකින් ජය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්‌ලිම් ඡන්ද ද ජ වි පෙරමුණේ ඡන්ද ද ඔහුට තොගපිටින් වැටෙද්දී ය. ජ වි පෙරමුණට ඇති ඡන්ද තුන්ලක්‍ෂයක ප්‍රමාණය අවසානයේ දී තීරණාත්මක විය. මෛත්‍රිපාල බලයට පත් කිරීමේ පාප කර්මයෙන් එ ජා පක්‍ෂයට, දෙමළ ජාතික සංධානයට විවිධ මුස්‌ලිම් පක්‍ෂවලට මෙන් ම ජ වි පෙරමුණට හා ජාතික හෙළ උරුමයට ද මිදිය නො හැකි ය.

  2. love nature says:

    එදා සිංහල රජ දවස ස්‌වයංපොශිතව සියළු යස ඉසුරින් පිරි ඉතිරි තිබු මේ රට අද අපායක් බවට පත් කර ඇත. මෙම රට විනාශය කර යාමේ මුලික අඩිතාලම පෘතුගීසින්ල ලන්දේසින් විසින් අරභන ලද අතර ඉංග්‍රීසින් විසින් අපේ හෙළ සියලුම දේ විනාශ කර ඔවුන්ගේ දේවල් අප රට තුල ස්ථාපිත කරන ලදී. දැන්
    යමපාලනයෙන් වෙන්නෙත් ඒ දේම නේද රට බේරා ගැනීමට කාලය දැන් එලබ් ඇත.

  3. Saradiel says:

    රනිල් ඇතුළු යහපාලන නඩයේ මන්ද බුද්ධික කම නිසා තමයි මේ දේවල් සිදුවෙන්නේ මේවාට පිළිතුරක් එන පළාත් පාලන චන්දයේදී පිළිතුරු දෙමු.

  4. Rohitha says:

    asoka dayaratne adada ipadune?

  5. Saradiel says:

    ඉවසුවා ඇති – එක්වෙමු – වෙනස් කරමු.

  6. Crazy says:

    Sell off the parliament and the management of the country as well to some other country who could do it better..

  7. අවන්ත says:

    කවුද මේ අශෝක දයාරත්න….? ඔබගේ විග්‍රහය හරි … විවෘත ආර්ථිකයේ ධනාත්මක පැත්ත පමණක් දකින මනෝවාදී බුද්ධිමතුන්ට…. නමුත් සැබෑව නම්….විවෘත ආර්ථිකය යන සංකල්පයට මුවාවී බහු ජාතික සමාගම් දේශීය සම්පත් කොල්ල කෑම නොවේද….?

Main News