එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න.. අනාගත පරපුරට ඉතිරි මොනවාද..

January 17, 2018 at 4:40 pm | lanka C news
එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න.. අනාගත පරපුරට ඉතිරි මොනවාද..

එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කලේ දේශීය ව්‍යාපාර විනාශ කරමින් රාජ්‍ය දේපල හිතමිතුරන්ට හා විදේශිකයින්ට කුණු කොල්ලයට විකීනීම බවත්, චන්ද්‍රිකා කලේත් එයම බවත් අද ඉදිරියට ගෙනියන්නේ එම ප්‍රතිපත්තියම බවත් ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු එසේ කීවේ පැලියගොඩ පැවති විද්වත් හමුවක් අමතමනි.

” ආසියාවේ අන් රටවල් දියුණු වුනේ තමන්ගේම කර්මාන්ත ගොඩනගලා. අපේ රටේත් මුල් යුගයේ විශේෂයෙන්ම සිරිමාවෝ බන්ඩාරනායක යුගයේ දේශීය කර්මාන්ත සෑම ක්ශේස්ත්‍රයකම පටන් ගත්තා.

නමුත් 1977 බලයට ආපු ජේ ආර් ජයවර්ධන මේ කර්මාන්ත කඩා වටෙන්න හැරියා ඊට පස්සෙ ආපු ප්‍රේමදාස හා චන්ද්‍රිකා එක පොදියට කුණුකොල්ලෙට මේවා විකුණන්න පටන් ගත්තා.

මම තමුන්නාන්සේලාට උදාහරණ කිහිපයක් විතරක් මතක් කරන්නම්. මොනතරම් කම්පාවක් හිතට එනවාද බලන්න මේවා කලකට පෙර ජාතික සම්පත් නේද කියල හිතුවහම.

මෙන්න ප්‍රේමදාස ජනාධිපති යුගයේ විකුණූ රාජ්‍ය දේපල සමහරක්….

තුල්හිරිය , පූගොඩ හා වේයන්ගොඩ රෙදි කම්හල්
දන්කොටුව පෝසිලේන්, ලංකා සෙරමික් හා ලංකා පෝසිලේන් කම්හල්
මහවැලි මැරයින් සිමෙන්ති, රුහුනු සිමෙන්ති හා පුත්තලම සිමෙන්ති කම්හල්
බෝගල පතල හා කහටගහ මිනිරන් පතල
කැලණි ටයර් , ලංකා ඔක්සිජන්, ලංකා ඩිස්ටිලරීස්, ලංකා ලෝහ, තෙල් සහ මේද, ලංකා සම්බාන්ඩ, ලංකා මිල්ක් ෆුඩ්, ලංකා කඩදාසි හා හිගුරාන සීනි කම්හල්
හුන්නස් ෆෝල්ස් හෝටලය, ට්‍රාන්ස් ඒෂියා හෝටලය, ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලය හා කොළඹ ජාත්‍යන්තර පාසැල

මෙන්න චන්ද්‍රිකා ජනාධිපතිනි යුගයේ විකුනූ රාජ්‍ය දේපල සමහරක්……….

බොගවන්තලාව, අගරපතන, මස්කෙලිය, අගලවත්ත කැලණිවැලි, හොරණ, කැගල්ල, පුස්සැල්ලාව, බලංගොඩ, මතුරට, නමුනුකුල, වටවල, තලවකැලේ හා තවත් බොහෝ තේ වතු
වයඹ පොහොර, රුහුණු පොහොර, රජරට පොහොර හා සී සී සී පොහොර සමාගම්
පැලවත්ත සීනි සමාගම, සෙවනගල සීනි සමාගම හා කන්තලේ සීනි වගාව
කොළබ ගෑස් සමාගම, ලංකා වානෙ සංස්ථාව, ලංකා තුනී ලෑලි සංස්ථාව හා ලංකා ග්ලාස් සමාගම
ලංකා ලුබ්‍රිකන්ට් , ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, ලංකා ට්‍රැක්ටර්ස් හා සතොස මෝටර්ස්
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ සංස්ථාව, , ලංකා සංවර්ධන බංකුව, පීපල්ස් මර්චන්ට් බැංකුව හා ලංකා වානිජ බැංකුව

ඔබ දන්නවා සිරිසේන ජනාධිපති හා රනිල් අගමැති විකුණූ හා විකිනීමට අර අඳින රාජ්‍ය දේපල සමහරක්
මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොල, ත්‍රීකුණාමලය තෙල් ටැංකි
හිල්ටන් , ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හා හයට් හෝටල්
ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවා
ලංකා හොස්පිටල් ඇතුලු තව හැකි සෑම දෑ

ඉතින් මොනවද අපේ අනාගත පරම්පරාවට ඉතුරුවෙන්නේ රට ගොඩ නගන්න ? ”

– චාමින්ද කරුණාරත්න

473 views

19 Comments to “එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න.. අනාගත පරපුරට ඉතිරි මොනවාද..”

  1. Wimal Weerawansa says:

    Okata colaba waraaya sinnakkareta cheenunta deepu ekath ekathu karapan

  2. Broker says:

    Munta H7 m wadinna ona.

  3. Deshapremiya says:

    Munge demawpiyo jeewathwela hitiyanam e minissunwath wikunawi.

  4. OLU says:

    යමපාලනය කරන මේ නින්දිත ක්‍රියාවල් දෙස නිහඩව බලා සිටීමට සිහලුනේ උබලට ලජ්ජා නැද්ද ?
    සිංහලයාගේ හීන දීන ගති ඉවතලා …ජාතියේ වැදගත්කම දේශයේ වැදගත්කම ගැන ,සිතා පාට පක්ෂ අමතකර ජාතියක් වශයෙන් එක වී මේ යමපාලනයෙන් අපේ රට ජාතිය රැකගනිව් මිනිසුනේ
    දැන්වත් අවදිවෙව් ..අපේ රට ජාතිය රැකීමට පෙරට වරෙව්
    නිදහස මහ මුහුදක් වේ – එහි උල්පත අත නුඹවේ
    ඒ බව සිහිකොට මෙළොවේ – යුතුකම ඉටු කළ යුතු වේ”
    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
    අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

  5. sagarika says:

    මේවා රජයේ තබාගෙන හොරට පඩි අරගෙන කන වුන්ා මේවා හොද ඉල්ලමි ඒකයි මේ කැගහන්නේ

  6. තව තියෙනවා says:

    තව තියෙනවා කොටි ගහලා එරුණු පරණ අමුඩේ? විකුණමු එකත්. අන්තිමට මගේ 3 ත් දෙනවා.

  7. අශෝක දයාරත්න says:

    මැලේසියාව දියුණු රාජ්‍යයක් බවට පත්කළ ආචාර්ය මහතීර් මොහොමඩි පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමෙි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. JR ශ්‍රීලංකාවට නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය හදුන්වාදීමෙිදීත් මෙිවගේ ආචාර්යවරැ විවිධ සෘණාත්මක මත පළකළා.නමුත් ඊට බොහෝ කලකට පසුව කොමියුනිස්ට් රාජ්‍යයක් වන චීනය පවා Open Market Economy ප්‍රතිපත්තිය අනුගමනය කරනවා.මෙි වන විට චීනය තුළ බලවත් අැමරිකානු සමාගමි 500 කට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කර තිබෙනවා.වර්තමාන ලෝකයේ බොහෝ රටවල් Foreign Direct Investment (FDI) වලට විවෘතයි.
    JR ගෙන් පසු පත්වූ මහින්ද රාජපක්ෂ ඇතුළු සියළු ජනාධිපතිවරැන් නිදහස් වෙළඳ ප්‍රතිපත්තීන් අනුගමනය කළා පමණක් නොව කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පිහිටි යුධ හමුදාව සතු ඉඩම පවා සිංගප්පූරැ ෂැන්ග්‍රිල්ලා හෝටල් සමාගමට සින්නක්කරව විකුණා දැමුවා.පාඩු ලැබූ ශ්‍රීලංකන් එයාර්ලයින් එමිරේට්ස් සමාගම සමග ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව තිබියදී මහින්ද රාජපක්ෂගේ අදූරදර්ශී තීරණයක් නිසා නැවත රජය යටතට ගෙන සිය මස්සිනාට පාලනය කරන්නටදී විශාල ණය බරක් සහිත සුදු අලියෙක් බවට පත්කළා.ප්‍රශ්නය තිබෙන්නේ රාජපක්ෂල කළොත් දේශපේමය අනිත් අය කළොත් දේශද්‍රෝහය.මෙම බොරැ මතය ජනගත කරන්නයි ගෝඨාභය,කබිරාල් හා නාලක ගොඩහේවා අැතුළු කල්ලිය උත්සාහ කරන්නේ.කබිරාල් සහ ගොඩහේවා මහින්ද රාජපක්ෂ යුගයේ රටෙි වැදගත් මූල්‍ය ආයතන හැසිරවූ දෙදෙනෙක්.ඔවුන්ගේ ක්‍රියා කළාපයන් නිසා රටට අත්වූ ඉරණම කණගාටුදායකයි.බැදුමිකර සිද්ධියට මුවාවී ඒවා යටපත් කළ නොහැකියි.හෙජින් ගිවිසුම, ග්‍රීසියේ කරනලද ආයෝජන,කොටස් වෙළෙඳ පොල දේශපාලනීයකරණයට ලක්වීම (මෙිගැන වරක් එහි සභාපතිධූරය දැරෑ හිටපු ජනාධිපති ලේකම්, ලලිත් වීරතුංගගේ බිරිඳ සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරමින් කියා තිබුනා) ඇතුළු බොහෝ කරැණු ඉදිරිපත් කළ හැකියි.පාඩු ලබන රාජ්‍ය ආයතන රාජ්‍ය මුදල් වියදම් කරනවාට වඩා පෞද්ගලික ආයෝජකයින්ට දීමෙි වරදක් නැහැ.නමුත් ඒවා කුණු කොල්ලයට නොදිය යුතුයි.විශාල ණය මුදල් ලබාගෙන ඉදිකර ඇති හමිබන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල ආදායමි නොලබා පවත්වාගෙන යාමෙන් රටට ඇති සෙත කුමක්ද?එම ණය ගෙවන්නේ කෙසේද?කබිරාල්,ගොඩහේවා වැනි අය ලෝක ආර්ථික ප්‍රවනතා දැනගෙන ශ්‍රීලාංකික ජනතාව රැවටීමට උත්සාහ කිරීම ගැන කණගාටුයි.

    • gune says:

      ඉතාමත් විශිෂ්ඨ විග්‍රහයක් ඇශොක මහත්මා. අපේ දූපත් වාසින්ට තෙරෙන් නෑ මේ පාඩු ලබන ආයතන පවත්වාගෙන යන්නේ තමන් ගෙවන බදු සල්ලි වලින් කියලා. රටේ සන්වර්ධනයට යොදාගන්න තිබ්බ මුදල් ආයතන වල පාඩු පියවගන්න යොදවන්න වෙලා.

  8. samuvel says:

    මේවා ඇසිය යුත්තේ මහින්ද බේරාගත් සහ දියුනු කරමින් තිබුනු රට මරාගෙන් බේරගන්න කියා මයිත්‍රී පාලනයක් වෙනුවෙන් වැඩි චන්ද ලක්ශ 2 ට අයත්, කාර් එක ගන්න, වයි ෆ්යි ගන්න, චුඉන්ගම් කන්න, සාක්කුව සල්ලි පුරවා ගන්න චන්දය දුන් පිස්සු බූරූ පලමු චන්දය දුන් උන්ගෙනි.

  9. Kamal says:

    So what SL government has achieved by keeping Sri Lankan? If you don’t privatize you can put your henchman there and rob public money? Entities like SL Insurance has become competitive after privertizing….
    We all know how you gave unfair advantage to Dhammika p., Nimal p. in stock market..

  10. sakkili eelam yamapalana ballanta hena 7 gahapan TODAY.

Main News