‘එක රටක් එක නීතියක්’ බලකාය වැඩ අරඹයි.. පළමු මහජන දැන්වීම මෙන්න..

November 13, 2021 at 8:02 am | lanka C news
‘එක රටක් එක නීතියක්’ බලකාය වැඩ අරඹයි.. පළමු මහජන දැන්වීම මෙන්න..

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් එකී සංකල්පය පිළිබඳව මහජන අදහස් කැඳවීමට තීරණය කර ඇත.

බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මේ බව දැනුම් දෙමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මහජන අදහස් කැඳවීම

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීමට තීරණය කර ඇත.

ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් / යෝජනා ocol.consultations@gmail.com යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැ.පෙ. 504, කොළඹ යන ලිපිනයට තැපැල් මගින් 2021 නොවැම්බර් 30 ට පෙර ලබා දිය හැකිය.

ස්තුතියි,

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි.
සභාපති
“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය

73,666 views

29 Comments to “‘එක රටක් එක නීතියක්’ බලකාය වැඩ අරඹයි.. පළමු මහජන දැන්වීම මෙන්න..”

  1. Gamini Senanayake says:

    මොලේ තියන කවුරැත් මේකට යොජනා යවයිද?

    • Sajith Jayasena says:

      අනිවාර්යෙන් මොලේ තියෙන මිනිස්සු ඕකට තමන්ගේ යෝජනා යවනවා.

      • Migara says:

        Why do these ‘apparent’ Sinhalese ( with Sinhala names) castigate Ven Gnanasara? Either they are non Sinhalese or just brain washed JVP & SJB/Ranil clan.Isn’t this monk the only one who spoke against the muslim extremism. The yahapalanaya regime imprisoned him on various reasons succumbing to Rishad / Hakkem pressure.The monk of accused of accusing a woman. Who is that woman? Diaspora/ NGO supported unpatriotic Sandiya Ekneligoda. These people who are shouting here are those who have connections to them.All Sinhala Buddhists should support & appreciate Ven Gnanasara being appointed as the head here. Only thing is even his work here could be curtailed & interfered by these unpatriotic forces bringing pressure on Gota. Hope Gota will stand firm & Ven Gnanasara without giving into these forces give a good report for once & all.

  2. 3% ට බය බයියා. says:

    හෝමාගම අදිකරණයෙන් ඇහැව්වා නම් හොද අදහසක් ගන්න පුලුවන් .

    • අනේ පව් says:

      ඔව්. ඒවට උල්පන්දන් දීපු රන්ජන්ගෙනුයි, රන්ජන් මෙහෙයවපු පල්ලියෙනුයි ඇහුව නම් ඔයිට වඩා දේවල් දැන ගන්න තිබුනා. නීතිය නවපු නැවිල්ලෙ හැටි.

  3. LION says:

    ජාතික කොඩිය මුලින් පැවති සිංහ කොඩිය නැවත බාවිතා කල යුතුය.

    රජයේ බාෂාව සිංහල පමණක් විය යුතුය.

    • හේනේ මාමා says:

      එක රටක් එක නීතියක් කියන්නේ ඕව නෙමේ. ශ්‍රී ලංකා මුස්ලිම් නීතිය, තේසවලාමෙයි නීතිය හා උඩරට නීතිය ඉවත් කරලා ජාති, ආගම් නැතිව හැමෝටම එකම නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන.

  4. Pattaloku says:

    Gmail සේවාව Free මෙන්ම Premium ද ඇති බව වටහා ගන්න.

    • Laku says:

      Premium නම් මොකටද නමේ අගට gmail?

      • සමන් says:

        ඩොමෙන් එක වෙනම ගන්න ඕනේ බන්. ඒක Google Workspace එකත් එක්ක දෙන්නේ නෑ. ඉතින් Google Workspace ගත්ත එකෙක් Free Gmail account use කරන එකෙක්ගෙන් අදුන ගන්න බෑ ඩොමෙන් එක බලලා. නමුත් මට තේරෙනවා, මේ වගේ official වැඩකදි තමන්ගේම ඩොමෙන් එකක් use කරන එක හොදයි. එතකොට වටිනාමක, වගේම වැදගත් කමක් ඒකෙන් නිරූපනය වෙනවා. මේ වගේ වැඩකදි gov.lk වගේ ඩොමෙන් එක්ක තියෙනවා නම් වඩාත් හොදයි, නැත්නම් gossip කාරයෝ ෆේක් හද හද මිනිස්සුන්ව රවට්ටන්නත් ගනියි.

    • Jayanath says:

      premium වුනත් නැතත් මොකද්ද ඒකෙ ප්‍රශ්නේ? කාටවත් හොරාට මේ දේවල් කරන්නෙ නෑ නේ. ඩොමේන් එක මොකක් උනත් අපිට ඒක අදාල නෑ. වෙන්න ඕන එක නීතියක් හැමෝටම ක්‍රියාත්මක වෙන එක විතරයි. gmail බැරි නම් ලියුම් අතින් එකතු කරල හරි වැඩේ හරියට කරන්න ඕන එච්චරයි.

  5. Buddhist says:

    Gnanasara akulagana du pansalata.

    • nimal says:

      @Buddhist අනේ මරක්කලයෝ උඹේ නියම මොහොමඩ් නමින් කථා කරන්න දැන්මම බය වෙලා

Main News