‘එක රටක් එක නීතියක්’ සභාපති ඥානසාර හිමිගෙන් නිවාස ව්‍යාපෘතියක්…

January 2, 2022 at 8:02 am | lanka C news
‘එක රටක් එක නීතියක්’ සභාපති ඥානසාර හිමිගෙන් නිවාස ව්‍යාපෘතියක්…

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් මත හබරණ, ජයන්තිපුර, මැදිරිගිරිය ආදී ප්‍රදේශවල ජීවත් වූ හිසට වහලක් නැති අපේම මිනිසුන් වෙනුවෙන් ඉදිකළ නිවාස ඔවුන් වෙත නව වසර උදාවත් සමගම පරිත්‍යාග කිරීම සිදුකරණ ලදි.

“ශ්‍රී ලංකාව තුල අන්ත අසරණ දුගී දුප්පත් යැයි ජන කොටසක් නොමැත. ඇත්තේ දේශපාලනය විසින් බලය ලබා ගැනීම සඳහා ඇති කරණ ලද අර්බුදවලින් පීඩාවට පත් ජන කොටසක් පමණි. ලංකාවේ සතර දිසාවේම සශ්‍රික පොළවක් ඇත. උගත් බුද්ධිමත් ජන කොටසක්ද ජීවත් වනු ඇත. මෙම පිරිස දේශපාලනය විසින් නිසි පරිදි කළමනාකරණය නොකිරීම රට වැසියන් වන අප ලද අභාග්‍යයකි.

එවැනි නොයෙක් ප්‍රශ්නවලින් පීඩාවට පත් ජනයාට යම් මොහොතක අස්වැසිල්ලක් වීමට හැකිනම් ඔවුන් දිනෙක මේ රටේ ආර්ථිකයට දායකත්වය සපයන නිර්මාණශීලී, රට ගොඩනගන ව්‍යවසායකයන් බවට පත් කිරීමටද හැකියාව ඇත.

මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතා කීපයක් ඇත. එම අවශ්‍යතා සපුරාලනු වස් නොයෙක් වෙර වීර්ය්‍ය යොදනු ඇත. එය සපුරාගැනීමට නොහැකි වූ තැන දිවියට සමු දීමේ සෝචනීය ප්‍රවෘත්තීන්ද නන් දෙසින් ඇසෙනු ඇත.

කුසට අහාරයක් – ඇගට වස්ත්‍රයක්- හිසට වහලක්- ලෙඩට බෙහෙතක් යනු මිනිසාගේ මූලිකම අවශ්‍යතා කිහිපයයි.

යමෙකු මෙම අවශ්‍යතා අතුරින් ආහාර, බෙහෙත් , වස්ත්‍ර යනාදීය මොන යම් හෝ ආකාරයකින් සපුරාගෙන ජීවිකාව පවත්වාගෙන යනු ලබයි. එහෙත් හිසට වහලක් හෙවත් නිවාසයක් තනාගැනීම ජීවිත කාලය පුරාවටම සිතෙහි පැලපදියම් වී ඇති සිහිනයකි. ඇතමුන්ට එය යථාර්ථයක් කරගැනීමට නොහැකි සිහිනයක් පමනක් වනු ඇත. මියැදෙන මොහොත දක්වාම බිම් අගලක හිමිකාරීත්වයක් නොමැතිව බිත්ති හතරකින් වට වූ නිවසක සිහිනය හදවතේ හිරකරන් මියැදෙනු ඇත. එම අවශතාවය සපුරා ගැනීමට නොහැකි නිසාම තම දරැවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිව දෙමාපියන් සෝ සුසුම් හෙලමින් කාලය ගත කරනු ලබයි. එමගින් සිදු වන්නේ නොයෙක් කේෂ්ත්‍රයන්හි දක්ෂතා සහිත දරැවන් රටට අහිමි වීමක් පමණි.

එම නිසා යමෙකුට හැකිනම් ඔවුන්ට එම තත්වයෙන් අත් මිදීමට දිරියක් වන්නට එය පරම්පරා ගණනාවකගේ දියුණුවේ මග විවර කර දීමකි.”

එය ජාතික අවශ්‍යතාවයක් සේ සලකා එම කර්තව්‍යය ලැබෙන හැම ඉඩකදීම සම්පූර්ණ කිරීමට පූජ්‍ය ගලගොඩඅත්තේ නායක මාහිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ කල්‍යාණ මිත්‍ර සත්පුරැෂයන්ගේද උපකාර ඇතිව සිදු කරනු ලබයි. මෙය ද තවත් එවැනි සත්කාරයකි.

මෙම උතුම් කර්තව්‍ය උදෙසා උපකාර කල රණසිංහ මහත්මා, රැවන් ගුණවර්ධන මහත්මා, සුරාජ් මහත්මා ඇතුළු සියලු දෙනා පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමු.

මාධ්‍ය අංශය,
බොදු බල සේනා

26,536 views

18 Comments to “‘එක රටක් එක නීතියක්’ සභාපති ඥානසාර හිමිගෙන් නිවාස ව්‍යාපෘතියක්…”

  1. අනේ මෙහෙම තණ්හාවක් says:

    ඊළඟ මැතිවරණ යට ඡන්ද පදනම හදාගන්න එපැයි. රතන සාදු කෝකා පෙන්නපූ නිසා තනියම වැඩේ පටන් අරන්. ලැබුණු අස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. සාසනේ නෙත්තත් ආසනේ තමයි වැදගත් අපේ හාමුදුරුවනේ.

  2. චන්දේ දුන්නු එකා says:

    හාමුදුරුවනේ…..සිව්රරත් දාගෙනම ඉන්න එකේ…ඔය ගමන්ම පන්සලකුත් හදාගෙන මහන වෙන්නකෝ

  3. Boo says:

    මේ මාධ්‍ය ප්රකාශය බොදු බල සේනාවෙ එකක් වගේ පේන්නෙ නෑ, මොකද ඒක ලියලා තියෙන ආකාරය වෙනස්. කුනුහරැප දෙක තුනක් එක්ක තෝ අල්ලලා පොලොවෙ ගහනවා වාගෙ වචන තිබුනා නං ඉතිං විශ්වාස කරන්න තිබුනා බොදු බලේ එකක් කියලා.

    • SKF says:

      ඔයාට හොදට තේරෙනවා තම්බි.

      • Boo says:

        යේක යේම කීලා අරි නෑ ෂිංගල මාතියා. මේමයි කීන්න ඕනෙ.

        “අඩෝ තැරි තමිබියා තොට හොඳට තේරිලා තියෙනවා, නැත්තං තෝ අල්ලලා පොලවෙ ගහනවා පරයා” කීලා තමා කීන්න ඕනෙ. අර ෂිංගල ආම්දුරැවන්ට කීවා වගේ. ආ, ෂොරි ෂොරි ඒ ආම්දුරැවෝ තමිබියෙක් වෙන්න එති නේ?

  4. හසිත says:

    ග්නානසාර හාමුදුරුවන්ට අපහාස කරන්නෙ දෙශපාලනය ඔලුව උඩ තියාගෙන ඉන්න වසලයො සහ ඉස්ලාම් අන්තවාදියො .නියම සින්හල බවුද්දයො ,කතෝලිකයො හින්දූන් සහ ස්වාදීන අන්තවාදීන් නොවන සහනයෙන් ජීවත් වෙන්න කෙමති මුස්ලිම් මිනිස්සු
    හමුදුරුවන්ට අපහාස කරන්නෙ නේ

    • Shan says:

      හරි සිංහල අය ජඩ ඥාණසාරගෙ සිවුර ඔළුවෙ ඔතන්න ඔනා. සිංහල අන්තවාදියෝ උගේ පස්සෙ ලෙවකනවා. අපි සේරම ලාංකිකයෝ. අාගම් භේද අවශ්ය නැහැ.

      • SKF says:

        හොදයි තම්බි. ඔයා කියනකම් හිටියේ. නැණසර හිමියන් සිංහල මනුස්සයෙකුට ගෙයක් හදල දුන්නම උබට හරි අමාරුයි නේද? ඊබ්‍රහිම් නානා බෝම්බ ගහද්දි උබල ඔය වගේ කතා කරා නම් ලංකාව ඔච්චර බලු වෙන්නෙ නෑ.

      • බුද්දික ගුනවර්දන says:

        වහාබින්ට අපි ආගම ගෙන ජාතිය ගෙන කතාකලාම තමයි සහජීවනය මතක් වෙන්නෙ හෙබෙයි මුන් පල්ලිවල් ම්ද්‍රසා වල කතා කරන්නෙ ජාතිවාදෙ නෙවෙයි මුස්ලිම් නොවන අනික් ජාති වදකරන්නෙ කොහොමද කියලා අනේ බොල

      • Man says:

        බය වෙන්න එපා තම්බි තො වගේ උන්ට තව වැඩි කලක් නෑ

  5. පොඩි එකා says:

    එක රටක් එක නීතියක් කිව්වහම මූ ඒ පාර එක රටක් එක නිවාසයක් පටං අරන්. බල්ලගෙ වැඩේ කරන බූරුවො තමයි ලංකාවෙ හැමදම හිටියේ .

    දුන්න වැඩේ කරපක්කො හරියට ඉස්සෙල්ලා.

    • DOC says:

      ඔයාට රස්සාවෙන් ප්‍රොජෙක්ට් එකක් කරන්න කිවුවොත් ඔයා ඔයාගේ අනික් වැඩ නවත්වනවද?
      විවාහය දික්කසාද කර ගන්නවද? ඇදුම් අදින එක නවත්වනවද? ඒ වගේ තමා….. ප්‍රධාන රාජකාරිය කරන අතරතුර අනික් වඩාත් බැලන්ස් එකේ කරගෙන යන්න ඕනේ.

  6. අමිත් වීරසිංහට අවදානය දෙන්න.....,..! says:

    යතිවරයානෙනි හදවතින්ම අපසැම ‍‍ඔබසමගයි.,.!
    අමිත් වීරසිංහට ‍‍ඔබගේ අතහිත අවශ්‍ය බව සඳහන් කිරීමටද කැමැත්තෙමු! අවධානය යෙමු කරන්න,.!

  7. දරුවන් රැකගමු ! මරුවන් නොකරමු ! says:

    ඩේටා කාඩ් බුකී වීරයන්ට කුලී වැඩ ටිකක් හොයලා දෙන්න හාමුදුරුවනේ. උන් බොරුවට අතීත කාමයෙන් මත් වෙලා පෝස්ට් හද හද ෆේස්බුක් එකේ ලගිනවා. ෆේස්බුක් එකෙන් ආගම ජාතිය බදාගෙන තරුණ ලමයි නිකරුණේ කාලකණ්නි වෙනවා… රැකියා විරහිත එවැනි හෙල බොදු රාවණ වංශික ෆේස්බුක් ගෙවලයන් වෙනුවෙන් දෙයක් කරන්න.

  8. Man says:

    එක රටක් එක නීතියක් හදන්න පුළුවන් වේවා

  9. John the baptice says:

    පාරම්පරික මුස්ලිම් ජනය හැටියට අප සලකන්නේ මේ සූෆී නමැති නිකායේ පිරිසයි. ඔවුන්ගේ ආගමික නායකයින් භූමිධානය කර ඔවුන්ට නැමදුම් කල ආගමික ස්ථාන කඩා ඉවත්කිරීමේ වැඩ පිළිවෙලක් අලුතෙන් පැමිණි වහබි හා සලෆි පිරිස පටන් ගත්හ. එය ඉස්ලාම් ආගමට පටහැනි දෙයක් ලෙසටයි ඔවුන් සලකන්නේ. මේ ප්‍රශ්නය උග්‍ර වීම තුල සූෆී නිකායේ නායකයෙකු වන අලවි මෞලානා මැතිතුමා, වහබි සලෆි කණ්ඩායම් වලින් තම සූෆී නිකාය බේරා දෙන ලෙසත්, ඔවුන්ට අරාබි රටවලින් ආධාර එනබවත් , ඔවුන් තම ආගමික ස්ථාන වල ජිහාඩ් පුහුණුව ලබාගන්න බවටත් ආයුද අතැතිව ඇති බවටත් , මොවුන්ව ඇත අඩංගුවට ගන්නා ලෙසටත් මාධ්‍ය පරකෂණයකින් ඉල්ලීමක් කළේය.

Main News