එක රැයකින් කොළඹ යටත් කර රටේ පාලකයා වෙන්න පුළුවන් බලයක් මට තිබුණා..- ෆොන්සේකා

April 30, 2017 at 3:50 pm | lanka C news
එක රැයකින් කොළඹ යටත් කර රටේ පාලකයා වෙන්න පුළුවන් බලයක් මට තිබුණා..- ෆොන්සේකා

උවමනාවක් තිබුනේ නම් තමනට එකල පැවති බලය යොදවා එක රැයකින් කොළඹ වටලා රටේ බලය අල්ලාගෙන පාලකයා වීමේ හැකියාක් තිබුනේ වුවත් තමනට එවන් විනය විරෝධි වැඩ කර පුරුද්දක් නැති බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

තමන්ගේ නව තනතුර ගැන ඇමති ජෝන් සෙනෙවිරත්න බිය වී ඇතැයිද කී ඇමති ෆොන්සේකා ඇමති ජොන්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ හිතවතෙක් නිසා ඔවුන්ට පහර වදී යයි බියෙන් සිටින බවද පැවසීය.

ජනාධිපතිවරයා තමනට අලූත් තනතුරක් යෝජනා විහිළුවට යයි ඇමති එස්බී දිසානායක විසින් කරන ලද ප‍්‍රකාශක් සම්බන්දයේන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ඇමතිවරයෙක් ලෙස එස්.බී. දිසානායකට තමන් ගෞරව කලද ඔහු තමන්ගේ සියලු දේ විහිලුවක් කරගෙන ඇති බවත් ඔහු ජීවිතයේ එක් වතාවකදීවත් ගැඹුරින් සිතා කටයුතු කළ යුතු බවයි.

මෙවන් අය කරන ප්‍රකාශ ගණන් ගත යුතු නැති බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

26 views

27 Comments to “එක රැයකින් කොළඹ යටත් කර රටේ පාලකයා වෙන්න පුළුවන් බලයක් මට තිබුණා..- ෆොන්සේකා”

  1. Dr. M.O.I..paala says:

    බලේ අල්ලන්ට තමයි දෙන්න වෙන්නේ. 5000 න් ඔක්කොම පුළුවන් නපුංසකයෝ මැද්දේ.

  2. kumara says:

    මේ හාදයා
    1) යුද්ධය අවසන් කල කාලයේ ගෝටාා සහ මහින්දට පිං දුන්න රනිල්ට බැන්නා (සැල්වේෂන් ආමි කතාව මතකයිනේ)
    2) මේයා අන්ඩුව අල්ලන්නයි හැදුවේ ඒනිසා තමයි යුද්ධය ඉවරවෙලා පතරොම් නැවු 5 ඕඩර් කලේ ඒවා මහින්ද ආපසු යව්වා
    3)ඒවිතරක් නෙවෙයි හමුදා මූලස්ථානයට මොහුගේ හමුදා මිතුරන් 500 ක් මාසයක් ඇතුලත ගෙන්වා ගත්තා ගෝටා මේ සියල්ල වෘවර්ථ කලා තටු කැපුවා

  3. wele vidane says:

    ෆිල්ඩි මාර්ශල් කියන කතාවක්ද මෙ මෙයාගේ හිතේ මෙවගේ අදහස් සැගවිලා තිබිලා තියෙනවා ඒවා කොයි මොහොතක හො නැවත කිුයාත්මක වන්නත් පුලුවන්

  4. buruputha says:

    Anna balala mallen eliyata panna.Tho oka karanna gihin thamai hire giye.Lajja nathi paharaya thavath dodavanava. Tho vage minimaruvanta Deviyan nam balaya denne nehe. Ithin tho nathi balayakin rata allanne Kohomada?

  5. White Shark says:

    මේකට ඉස්සෙල්ල විහිළු ලිව්වට දැන් අපි serious කතා කරමු.

    යහපාලන ආණ්ඩුව මේ කරන්න හදන්නේ මොකක්ද? MRගේ ඒකාධිපති පාලනයට විරුද්ධයි කියලා භීෂණයට විරුද්ධයි කියලා ආපු ආණ්ඩුව දැන් SF සහ හමුදාව යොදවලා ජනතා හඬ යටපත් කරන්න හදනවා.

    ජනතා හඬ කියන්නේ මොකක්ද? සාමාන්‍ය පන්තිය. SF ව දාන්නේ සාමාන්‍ය පංතිය මර්දනය කරන්න. වෘත්තීය සමිති වල ඉන්නේ සුපිරි පන්තියද? නැත්නම් සඟ වෙද ගුරු ගොවි කම්කරු පන්තියද? GMOA එක සාමාන්‍ය පන්තියට අයිති නති බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. GMOA පාරට බහින්නේ තමන්ට පෞද්ගලික ඉල්ලීම් තියෙන කොට. ඊට පස්සේ ආණ්ඩුවත් එක්ක හොරෙන් සාකච්චා කරලා තමන්ගේ ඉල්ලීම දුන්නහම සටන අතැරලා යනවා. ETCA මේ වෙනකම් නොකෙරුනේ GMOA නිසා නෙමයි GMOA එකෙන් සාමාන්‍ය ජනතාව, සඟ රුවන සටන අතට ගත්ත නිසා. GMOA එක තමන්ගේ පෞද්ගලික ඉල්ලීම් දිනා ගත්තට පස්සේ ETCA අතාරියා. SAITM එකට කරන්නෙත් එක. ඒක ගැන වෙන තැනක කතා කරන්න හිතුව.

    SF ආවට රාජපක්ෂලාව මර්දනය කරනවද? නැහැ. SF ලව්වා දඩයම් කරන්න හදන්නේ UNP එකේ සුපිරි පන්තියවත් SLFP එකේ සුපිරි පන්තියවත් නෙමෙයි. මම කියන එක තේරෙනවා නේද? SFව දම්මලා මර්දනය කරන්න හදන්නේ මේ රටේ ධනපති පන්තියද? නැහැ. දෙපත්තෙම ඉන්න ධනපති පන්තියට රට විනාශ කරන්න, රටේ සම්පත් විකුනන්න, දේශප්‍රේමී සිංහල නායකයන් දඩයම් කරන්න, සාමාන්‍ය පන්තියේ රණවිරුවෝ දඩයම් කරන්න පාර clear කරගන්න මේ හදන්නේ.

    දේශපාලන බලය, ධන බලය, අධිකරණ බලය මේ හැමදේම අතේ තියා ගෙන ඉන්නේ ධනපති පැලැන්තිය. තමන්ගේ පැලැන්තියේ කවුරුවත් හිරේ දාන්නේ නැහැ. හිරේ ගියොත් ගිහින් ඉන්නේ අපේ මිනිස්සු. ඉස්සරහට හිරේ යන්නෙත් අපේ මිනිස්සු.

    සාමාන්‍ය පන්තිය කියන්නේ පීඩිත පන්තිය විතරක් නෙමෙයි, අඩු ආදායම්ලාභීන් විතරක් නෙමෙයි. සඟ වෙද ගුරු ගොව් කම්කරු හෙවත් වැඩ කරන පන්තියෙන් පැවතෙන යමක් කමක් තියෙන තියෙන මිනිස්සුත් මේකට අයිතියි. රටෙන් 99%ක් සාමාන්‍ය පන්තියේ මිනිස්සු. එයිනුත් 1% ක් අපේ ශ්‍රමය සහ රටේ සම්පත් සූරාගෙන කන ධනපති පන්තිය. තව සාමාන්‍ය පන්තියේ සියයට 99 න් සියයට 1ක් සාමාන්‍ය පන්තියෙන් ඇවිල්ල සුපිරි පන්තියට එකතු වෙලා ධන බලය උඩ ඒ පන්තියටම කත් අදිනවා. එතකොට සාමාන්‍ය පන්තිය කියන්නේ ඇත්තටම රටේ ජනගහනයෙන් 98%ක්.

    දුප්පත් වෙලා ඉපදීම ලැජ්ජා වෙන්න කාරණයක් නෙමෙයි. කාටවත් තමන් උපදින තැන තීරණය කරන්න බැහැ. ලැජ්ජා වෙන්න ඕනේ දුප්පත් වෙලා ඉපදිලා දුප්පතෙක් විදියටම මැරිලා යන එකට. රටෙන් වැඩි කොටසක් දුක් විඳින කොට, සමහරු හතර අතේ නය වෙලා ඉන්න කොට, ඉතා සුළු පිරිසකට විතරක් රටේ ධනයෙන් 98%ක් භුක්ති විඳින්න ඉඩ දෙන එකටයි අපි ලජ්ජා වෙන්න ඕනේ.

    මට කවදා වත් රටේ පන්ති භේදයක් තියෙනවා කියලා දැක්කේ නැහැ. ගිය අවුරුද්දේ මට තේරුනා SLFP & UNP කරන බොරුව. මම අයින් වුනා හැබැයි මම විමල්ව අතහැරියේ නැහැ. විමල්ව හිරේ දැම්මට පස්සේ තමයි මේ අවුරුද්දේ මට තේරුනේ රටේ පැහැදිලි පන්ති භේදයක් තියෙංවා කියලා. සුපිරි පන්තියේ නම් හොරුන්ට දඬුවම් නැහැ. බොරුවට පේන්න නඩුවක් දැම්මත් එක දවසින් ඇප දෙනවා. හිරේ දාන්නේ සාමාන්‍ය පන්තියෙන් ආපු දේශප්‍රේමී සිංහල නායකයෝ එහෙම නැත්නම් රට වෙනුවෙන් සටන් කරපු සාමාන්‍ය පන්තියේ රණවිරුවෝ. රටට සේවයක් කළා කියලා සුපිරි පන්තියේ මිනිහෙකුට එක දවසින් ඇප දුන්නට රටට සේවයක් කලා කියල රණවිරුවෙකුට ඇප දෙන්නේ නැත්තේ ඇයි? අතපය අවභාවිතා කළා කියලා රණවිරුවෝ හිරේ දැම්මට, ඇත්තටම ම්නීමරපු, මාධ්‍ය වේදීන්ට ගහපු සුපිරි පන්තියේ එවුන් හිරේ දානවද, නැහැ. උන්ව බේරනවා. තමන්ගේ පන්තියේ එකෙක් මහා පරිමාණයෙන් හොරා කෑවත්, මිනීමරුවත් දඬුවම් දෙන්නේ නැහැ. ඒකට හිලව්වට සාමාන්‍ය පන්තියේ කෙනෙක්ව අල්ලලා හිරේ දානවා.

    සාමාන්‍ය ජනතව හිතන්න ඕනේ තවදුරටත් තමන්ගේ චන්දය පාව්ච්චි කරලා බලයට ඇවිල්ල SLFP, UNP ආණ්ඩු වලට තමන්ගේ සාමාන්‍ය පන්තියම සූරා කන්න, හිරේ දාන්න, රටේ සම්පත් සූර කන්න, බදු ගහන්න, සියයට 98ක් අතරේ සම සමව බෙදී යන්න ඕනේ සම්පත් සියයට 2කට විතරක් භුක්ති විඳින්න, තමන්ව පීඩනයට පත් කරන්න, මර්දනය කරන්න තවදුරටත් ඉඩ දෙනවාද කියන එක.

    සාමාන්‍ය පන්තියේ චන්දෙන් ඇවිල්ල අද වෙනතුරු සාමාන්‍ය පන්තිය වෙනුවෙන් මේ ආණ්ඩුව කරපු දෙයක් තියෙනවද? හැම දෙයක්ම කරලා තියෙන්නේ තමන්ගේ පන්තිය වෙනුවෙන් නේද? බිම් මට්ටමට පන දෙන්න කතා කලාට බලයට ඇවිල්ල ගිය ආණ්ඩුව කලෙත් ඒකම නේද? කරපු තරමක් කලේ තමන්ගේ පැලැන්තියට ධනපති පැලන්තියට නේද? බිම් මට්ටමේ ජනතාව වෙනුවෙන් කල් පවතින, දීර්ඝ කාලීන එක දෙයක් කරලා තියෙනවද? රටෙන් සියයට 98කටද කොහෙද විදුලිය දුන්නලු. දුප්පතෙකුට විදුලි බිල බරක් නේද? ධනවතායි දුප්පතායි දෙන්නම එක විදියටම විදුලි බිල ගෙවන එක හරිද? රස්සාව නැතිවුණු සාමාන්‍ය පන්තියේ කෙනෙකුට විදුලි බිල කොයි තරම් ලොකු බරක්ද? ඊට වඩා හොඳ නැත්ද අඩු ආදායම් ලබන සහ රජයේ සේවකයන්ට මේ බිලට rebate එකක් දුන්න නම්? ආදායමේ හැටියට සියයට ප්‍රමාණයක වට්ටමක් දුන්නනම්? තව මේ වගේ ඕනේ තරම් මට කියන්න පුළුවන්. මහජන ධනය වියදම් කරලා කොළොඹ ලස්සන කරලා තියෙන්නේ සුපිරි පන්තිය වෙනුවෙන් නෙමෙයිද? බිම් මට්ටම ගැන හිතුවා නම් මීතොටමුල්ලේ කුණු කන්දක් තියෙන්න පුලුවන්ද?

    මම කියනවට නෙමෙයි, තමන්ම හිතලා බලන්න. විමල් කියනවා වගේ තර්කානුකූවල හිතලා බලන්න. අපි තවදුරටත් සුපිරි පන්තියට අපේ ශ්‍රමය සූරා කන්න ඉඩ දෙනවද? SF වගේ ම්නිස්සු දම්මලා අපිවම මර්දනය කරන්න ඉඩ දෙනවද?

    එහෙම නැත්නම් පාට පක්ෂ භේද නොතකා, අපේ පන්තියේ අයටම කරන ඊර්ෂියා කම්, කුහකකම්, කකුලෙන් ඇදිලි නතර කරලා, රටේ ධනපති පන්තිය අපිට කරන මේ අසාධාරණය අයුක්තියට එරෙහිව අපි එකාවන්ව එකට එකතුවෙනවද?

    • Raj says:

      Champa,

      Better to tell it to your boss -the hopper -man that he is digging his own grave by giving any position to Fonseka.

      Both MS and SF are in the same boat and do the same to stay in/ grab power. The difference is MS is weak but cunning. SF is strong but foolish.

      SF is a Polpot in making and more than MR and GR the danger from him is to RW and MS as they are the people in power now and not Rajapakshes.

      Any way I find it difficult to believe how you understand the heart beat of average Sri Lankan while living in Australia. Under what ever name you publish your comments most people now know that you are part of MS propaganda machine.

      • White Shark says:

        I believe that you have a difficulty in understaning Sinhala. I have given a choice to readers to think logically and understan facts.

        Fist MR & JO took people a ride by having a deal with Ranil. They have Ranil’s backing therefore SF is no threat to Rajapaksas. They scratch Ranil’s back Ranil sctatches theirs. They betrayed the masses otherwise Ranil would not have survived this far. Secondly they conspired and sent Wimal to jail. There is no way I support them again.

        I support Excutive Presidency for the simple reason that I have no intention to see Ranil as the Head of State. The ‘Australian’ part in your comment, well I take it as a joke.

      • Rupe says:

        Very good comment and agree. Thanks for your time Raj. We all well aware now what she/he (Champa, Champika, White Shark) doing behind the seen.

        • White Shark says:

          “You are allowed to” let power hungry politicians pull wool over your eyes. They did the same to me untill last year.

          Whatever I said I have given my reasons. There was nothing I did behind anybody’s back. Everything I did was in the open. Therefore your judgement only shows your inability to think rationally, logically and critically.

          There is a huge difference in my opinion when compared to 2015. As I said over and over I came to work with Wimal. I didn’t come for Mahinda. I supported them because of Wimal. When they betrayed Wimal after all he did for them and suppressed my freedom of opinion at LCN and barred me from writing in support of Wimal during his imprisonment, do you still expect me to support them? When they sow wind they should know that what they reap is whirlwind.

          As anybody can see the change of my opinion came through not only natural wisdom but through my own findings and evaluations. The change is purely for the best interest of the country. I left them due to a conflict of interests. I can’t support self-centered politicians anymore.

          I agree it is not for the benefit of your side of the politicians. I understand the anger of yours and some others but I don’t give a damn. My concern is for Wimal, my country, our Ranaviruvo and the poor masses. Others are not in my radar.

          (For your information those were not the only names. I wrote under Valli Amma, Nemesis, Isiwara and one other name. But ‘Champika’ was not me. I hope to get my original name soon).

  6. ෴හෙළයා෴ says:

    එස්.එෆ්. යනු ලක් මෑණියගේ අවාසනාවට උපන් පුත්‍රයෙකි.එහෙව් දෙපිටකාට්ටු චරිතයක් සමග තිස් වසරක යුද්ධයක් ජය ගත් ගෝඨා ඇත්තටම අපේ කාලයේ අපේ වීරයෙකි.ජනතාව ආදරය කරන කමල් ගුණරත්න ,ශවේන්ඳ්‍ර සිල්වා ඇතුළු යුධ විරුවන් තම හමුදාවේම උවත් ඔවුනට පවා වෛර කරන්නට තරම් මේ කුහක මිනිසා උත්සුක වන්නේ උපතින්ම ගෙනා කරුමය කර තබා ගෙන යෑමේ අකුසල කර්මය නිසා බැව් රහසක් නොවේ.මැතිවරණයකින් ජනතා වරමක් නොලැබූ මෙවන් ප්‍රතික්‍ෂේපිතයන් ඉහලට ඔසවා තම ජාතියම නසන්නට ඉඩ හසර සැලසූ වික්‍රමසිංහ වැන්නන් හට ඉතිහාසයේ හිමිවන තැන සොබාදහම විසින් මනා ලෙස තීන්දු කරනු ඇත​.වික්‍රමසිංහ සැබෑ සිහලයෙක්ද යන්න තීන්දු කිරීම ජනතාව සතුය​.කෑ පතේම පැහැරූ සිරිසේන වැන්නන්ගෙන් ලබා ගත් තරුපටිවල පවා ගෞරවය රැක ගන්නට මේ මිනිසා අසමත් වී ඇත​.ඒ ලබාගත් තරු පටිවල ගෞරවාන්විතභාවයක් ඇද්ද යන්න වෙනම ප්‍රශ්ණයකි.

  7. බන්ඩය්යා says:

    ෆොනියා කියන්නෙ උගෙ ඔලුවෙ වැඩ කරපු දේ. නමුත් කලවැද්ද නොකියන දේ තමය් ‘ඝෝටා අාරක්ෂක ලේඛම් නිසා කලවැද්දට කොළඹ අල්ලන හමුදා කුමන්ත්‍රණ කොරන්න බැරි උනා කියන එක’

  8. Dickey Bird says:

    Who gave the Kalavedda that power how did he inherit that power???

    Kaladedda, now provide truthful answers.
    This is your problem………………………….. When you are a unfaithful & a gratitudeless a** hole.

    Get a blood transfusion done to the venom out of your system & get your brains de-carbonised.

    You are now like that meethotamulla garbage just enimating Meethayne.

  9. Girigoris says:

    අර මහින්ද කොහොමද මෙහෙව් හරක් එක්ක යුද්ද කලේ? උඩින් මිතුරු යටින් තුරු.උඩින් බොලේ යටින් කුඋරු කාරයෝ.

Main News