එක රැයට වෙලදසැල් නවයක් කඩයි..

July 28, 2020 at 2:02 am | lanka C news
එක රැයට වෙලදසැල් නවයක් කඩයි..

මස්කෙලිය නගරයේ වෙලදසැල් නවයක් (27) දින අලුයම කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් කඩා ඇතුල් විමට උත්සහ කර ඇති බවට එම වෙලදසැල් හිමියන්ගෙන් මස්කෙලිය පොලිසියට පැමිණිලි ලැබි ඇත.

මස්කෙලිය නගරයේ විධි කිහිපයක පිහිටි ස්වර්ණාභරණ වෙලදසැලක් , ආපන ශාලාවක් , සිල්ලර වෙලදසැල් කිහිපයක් ඇතුළු තවත් වෙලදසැල් කිහිපයක් (27) දින අලුයම කැඩිමට උත්සහ කර ඇති අතර ,එක් වෙලදසැලක තිබු දුරකථන පෙර ගෙවුම් කාඩ් පත් සොරාගෙන ගොස් ඇති බවටද පොලිසියට කර ඇති පැමිණිල්ලේ සදහන් කර ඇත.

ආරක්ෂිත කැමරා පද්ධති සවි කර නොමැති වෙලදසැල් පමණක් කැඩිමට උත්සහ කර ඇති අතර , එක් සැකකරුවෙක් වෙලදසැලක් කැඩිමට යන ආකාරය අසල වෙලදසැලක තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වි තිබුණි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා මස්කෙලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,356 Viewers

One Comment to “එක රැයට වෙලදසැල් නවයක් කඩයි..”

  1. පොහොට්ටුව says:

    අපේ රට රකින විරුවාගේ නමට හොඳ නැති නිසා වෙන්නැති මේකට කවුරුත් මොකුත්ම කියන්නේ නැත්තේ මගෙ හිතේ…..😀😀😀😀😀

Leave a Comment

Main News