එක රැයෙන් රට හෙල්ලූ වනජීවී නිලධාරිනිය අවදානමක.. ආරක්‍ෂාව දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

February 13, 2020 at 10:12 pm | lanka C news
එක රැයෙන් රට හෙල්ලූ වනජීවී නිලධාරිනිය අවදානමක.. ආරක්‍ෂාව දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.

එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පවසන්නේ මීගමුව කඩොලාන ශාක පද්ධතිය රැක ගැනීම සම්බන්ධයෙන් සෘජුව සිය විරෝධතාව දැක්වීම නිසා ඇය වෙත තර්ජන එල්ල වීමේ දැඩි අවධානයක් පවතින බවයි. මේ නිසා ඇයගේ රැකියාවේ සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බව ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි.

එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඊයේ (12) පස්වරුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද ඇයගේ ආරක්ෂාව අනතුරේ පවතින බව පිළිගනිමින් “අනූ නමයෙන් බේරුණේ. මමයි බේරාගත්තේ නැත්තං එයාට ගහනවා ” යනුවෙන් ප්‍රකාශයක් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

එම ප්‍රකාශය වන සංරක්ෂන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය වෙත අනියමින් එල්ල කළ බලපෑමක් බව ද සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි. මේ නිසා සිව්දරු මවක් වන දේවානි ජයතිලක මහත්මියගේ ආරක්ෂාව .තහවුරු කිරීම මේ මෙහොතේ රජයේ වගකීමක් වන බව ආරියංවංශ මහත්මියගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ලිඛිතව ඉල්ලිමක් කර ඇති බවද ආරියවංශ මහත්මිය සඳහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් දේවානි ජයතිලක මහත්මියගේ වෘත්තිය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව වහා තහවුරු කළ යුතු බව එම ලිඛිත ඉල්ලීමෙහි දැක්වෙන බව ඇය සඳහන් කළාය.

– aruna

213 views

33 Comments to “එක රැයෙන් රට හෙල්ලූ වනජීවී නිලධාරිනිය අවදානමක.. ආරක්‍ෂාව දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..”

  1. චම්පා. says:

    ඇයට නීතියේ සහ සදාචාරයේ ආරක්ෂාව මේ මොහොතේ නැත්නම්, කිවහැක්කේ, ” උනුත් එකයි. මුනුත් එකයි ” යන්න පමණි.

  2. sarath says:

    ජනදිපතිතුමනි, කොහොමහරි ඩෙයක් උනොත් රාජ්ය සෙවෙ විතරක් නෙමෙ මුලු රටම අපි අය සමග ඉන්නව. බල්ල බෙඩල ඩාන්න ඩෙන්මම

  3. ඇයට නීතියේ සහ සදාචාරයේ ආරක්ෂාව මේ මොහොතේ නැත්නම්, කිවහැක්කේ, ” උනුත් එකයි. මුනුත් එකයි ” යන්න පමණි.

    ගරු ජනාධිපතිතුමනි, ඇයව ආරක්ෂා කරන්න. වචනයකින් හෝ ඇයට හිරිහැරයක් නොවිය යුතුයි.

  4. අක්බාර් ලොක්කා says:

    ඇයට උස්සවන මන්නෙ කවදහරි මේකටත් කෙලවනවා

  5. ajth says:

    janadipati will settle this problem.only thing he should give his attention to this matter as soon.but it seems now and then hi is bit backward than before the election.

  6. basil says:

    ලංකා විදුලිබල මණ්ඩලය මංකොල්ලා කෑ ටයි කොට් පළදින , උපාධිධාරි ….හොරු නඩයට ජනධිපතිතුමා යටවෙලාද

  7. Anura says:

    This is the dilemma of working in a Government Regulatory Authority. The government Makes rules and recruit officers to enforce them and at a later stage they stand with the general public and force the officers to break the rules.
    The officers at such regulatory or protection authorities are not appreciated by the Government or the general public. They work amidst pressure from both the Government and General pubic and are being blamed at by both for enforcing laws made by the government to protect the general public.
    This incident is the bubble being burst at one point due to unbearable pressure.
    The officers of Central Environment Authority, Forest Department, Wild life protection Department and various other such departments face this situation .

Main News