එක විමල් වීරවංශ කෙනෙක් නිහඩ කරන විට තව විමල් වීරවංශලා 100ක් නැගිටිනවා..

February 14, 2017 at 12:40 pm | lanka C news
එක විමල් වීරවංශ කෙනෙක් නිහඩ කරන විට තව විමල් වීරවංශලා 100ක් නැගිටිනවා..

එක විමල් වීරවංශ කෙනෙකු නිහඩ කරන විට තව විමල් වීරවංශලා 100ක් නැගිටින බව මේ ආණ්ඩුව වටහාගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු’ යන තේමාව යටතේ රටපුරා පැවැත්වෙන පොදුජන විරෝධතා මාලාවේ කටුනායක මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සදහන් කළේය.

”අද මේ ආණ්ඩුව අධිකරණයට බලපෑම් කරලා විමල් වීරවංශ මන්ත්‍රීතුමා වාහන අවභාවිතාවට අනුබල දුන්නා කියන චෝදනාවට සිරගත කරලා තිබෙනවා. ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතාවක් සිදුව තිබෙනවා නම් ඊට ඍජුවම වගකීව යුතු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහට මේ චෝදනා නැහැ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. එක විමල් වීරවංශ කෙනෙක් නිහඩ කරන විට තව විමල් වීරවංශලා, 100ක් නැගිටින බව මේ රජය දැනගත යුතුයි”

ජානිපෙ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක,

”රනිල් වික්‍රමසිංහ මහතා හිතාගන්න ‘විමල් වීරවංශ දිගටම හිරේ තබා ගත්තොත් අපි ඊට එරෙහිව රටම පෙළගස්වනවා” කියලා ඒ වගේම මේ රටේ සැබෑ විපක්ෂ දේශපාලන බලවේග දඩුකදේ ගහලා නිහඩ කරන්න බැහැ කියලා. අපි ඔප්පුකර පෙන්වනවා” යනුවෙන් පැවසීය.

– අනුරුද්ද බණ්ඩාර

21 views
Main News