එජපයේ ආර්ථික කමිටුව රාජ්‍ය දේපල මංකොල්ල කනවා.. ආර්ථිකය මෙහෙයවීම ජනපති පවරාගත යුතුයි..- ඉසුර

February 16, 2017 at 11:20 am | lanka C news
එජපයේ ආර්ථික කමිටුව රාජ්‍ය දේපල මංකොල්ල කනවා.. ආර්ථිකය මෙහෙයවීම ජනපති පවරාගත යුතුයි..- ඉසුර

අද වන විට රටේ ආර්ථිකය හා නීතිය මෙහෙයමවින් සිටින්නේ එක්සත් ජාතික පක්‍සය විසින් බවට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා චෝදනා කරයි.

එජාපයේ ආර්ථික කමිටුව හරහා එජාපය විසින් රාජ්‍ය දේපල විශාල වශයෙන් මංකොල්ල කමින් සිටින බවද පවසන ඔහු එජාපය සූදානම් වන්නේ දේපල විකුණාගෙන කෑමට යයිද සදහන් කරයි.

මේ නිසා මෙරට ආර්ථිකය මෙහෙවීමේ වගකීම අතට ගන්නා ලෙස ජනතාතාව ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද මහ ඇමතිවරයා මාධ්‍ය හමුවක් අමතමිසන් කියා සිටියේය.

63 views
Main News