එජප-ශ‍්‍රීලනිප එකම ලයිස්තුවකින් එන කතාවෙන් ශ‍්‍රීලනිපය දෙදරයි.. ඡන්දෙට පෙර ආණ්ඩුවේ ඉතිරි පහයි.. අපි එනවා.. කියා ප‍්‍රබල ඇමති සහතික වෙයි..

November 2, 2017 at 3:00 pm | lanka C news
එජප-ශ‍්‍රීලනිප එකම ලයිස්තුවකින් එන කතාවෙන් ශ‍්‍රීලනිපය දෙදරයි.. ඡන්දෙට පෙර ආණ්ඩුවේ ඉතිරි පහයි.. අපි එනවා.. කියා ප‍්‍රබල ඇමති සහතික වෙයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකම ලයිස්තුවකින් ඇතැම් කොට්ඨාශයන්වලට තරග කිරීමට තීරණය කර ඇති බවට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සමග ශ‍්‍රීලනිපයේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් වැඩි පිරිසක් දැඩි ලෙස කලබල වී සිටී.

ඊයේ පස්වරුවේ ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙකු අමතමින් ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරයෙක් සදහන් කර ඇත්තේ මෙවන් තීන්දුවක් ගතහොත් ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප පිරිස පහක්වත් නොවනු ඇති බවයි.

නොමේරූ ලේකම්වරුන් දෙදෙනා මෙන්ම පක්‍ෂයට ආදලත්වයක් නැති පුද්ගලයින් කරන ප‍්‍රකාශ නිසා ගම් මට්ටමේ පාක්‍ෂිතයා සීඝ‍්‍රයෙන් පක්‍ෂය හැර යමින් සිටින බවද ඔහු සදහන් කර ඇත.

දැන් පක්‍ෂයේ ගමන් මග තිරණය කරන්නේ එජාපයේ පිරිස් විසින් බවත් මධ්‍යම කාරක සභාවවත් නොගත් තීරණය එජාප ඇමතිවරයෙකු ප‍්‍රකාශ කරන්නේ කෙසේදැයි ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී විමසන බවද ඔහු සදහන් කර තිබේ

මේ අතර ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ ඇමති රාජිත සේනාරත්න අදාල ප‍්‍රකාශය කල අවස්ථාවේදී ශ‍්‍රීලනිපය වෙනුවෙන් එහි සිටි ඇමති දයාසිරි ජයසේකර කියා සිටියේ තමන් එවන්නක් ගැන දැනුවත් නැති බවයි.

9 views

2 Comments to “එජප-ශ‍්‍රීලනිප එකම ලයිස්තුවකින් එන කතාවෙන් ශ‍්‍රීලනිපය දෙදරයි.. ඡන්දෙට පෙර ආණ්ඩුවේ ඉතිරි පහයි.. අපි එනවා.. කියා ප‍්‍රබල ඇමති සහතික වෙයි..”

  1. asaranaya says:

    දරුවන් ඇති මැති ඇමතිවරුනේ දරුවන්ගේ අනාගතය ගැන තිරනයක් ගන්න. ඕනෑම පක්ශ දේශාපාලනයක් කරන්න , හැබැයි අපෙ අනාගත දරුවන්ට රටක් ඉතුරුකරන්න. නැත්නම් මෙ දේශපාලන් හොරුන් අපෙ රට අපට නැතිකලා කියා උන්ගේ මිනිවලවලටත් දෙස් තියාවි.
    “මුතුකුඩ” ටෙළි ඩ්‍රාමා එක බලන්න. අපෙ කුහක රදල සින්හලයො පර සුද්දන්ට පක්ශව කටයුතු පක්කිලිකම් කරපු එකේ ආදිනව දැන් පැහැදිලි නේද. අපි උන්ට කොපමන දෙස් දෙනවද, අපි කුලල් කාගන්නෙ උන් නිසා නේද , අපෙ සින්හල ජනතාව ” වල්ගය නැති ගොන්නු ” කරන්න එපෝ .
    ‘සුසිලෝ” තීරනයක් ගනින් ලමයි ඉන්නවානම්, රනිල් මහත්තයටයි, ලපකුමාරටයි ඕනෑ කුදයක් ගහගන්න කියලා

  2. asaranaya says:

    This is the time to get out of shit clan

Main News