එජාපයට ඇමති ධුර කප්පම් දී උතුරු මැද බලය පවත්වාගෙන යන්න සූදානම්.. ඒත් බහුතරය නෑ..

May 16, 2017 at 6:46 am | lanka C news
එජාපයට ඇමති ධුර කප්පම් දී උතුරු මැද බලය පවත්වාගෙන යන්න සූදානම්.. ඒත් බහුතරය නෑ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රිවරුන් 17 දෙනෙකු උතුරු මැද පළාත් සභාවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති නිසා එක්සත් ජාතික පක්‍ෂය සමග සහයෝගයෙන් බලය පිහිටුවන බව ඇමති දයාසිරි ජයසේකර පවසයි.

මෙහිදී එක්සත් ජාතික පක්‍ෂයට තවත් අමාත්‍යයධුරයක් ලබාදීමට සිදුවනු ඇතැයිද ඔහු සදහන් කලේය.

උතුරු මැද පළාත් සභාවේ සම්පුර්ණ මන්ත‍්‍රීන් ප‍්‍රමාණය 33කි. සන්ධානයට 22කි. ඉන් 17ක් ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව ඇති නිසා සන්ධානය එජාපය සමග ඉතිරි සියළු දෙනා එක් වුවද සරල බහුතරය නොලැබේ.

62 views
Main News