එජාපයට ගහන්න ගිය ‘දුෂිත හංවඩුව’ ශ‍්‍රීලනිප ඇමතිලා තමන්ටම ගහගනී.. කැබිනට් සංශෝධනය හෙට.. ශ‍්‍රිලනිප ඇමති කුට්ටම විතරක් අනයි.. අගමැතිට උණ ගනී..

May 8, 2017 at 2:10 pm | lanka C news
එජාපයට ගහන්න ගිය ‘දුෂිත හංවඩුව’ ශ‍්‍රීලනිප ඇමතිලා තමන්ටම ගහගනී.. කැබිනට් සංශෝධනය හෙට.. ශ‍්‍රිලනිප ඇමති කුට්ටම විතරක් අනයි.. අගමැතිට උණ ගනී..

අද හෙටම සිදුවන්නේ යයි අවුරුද්දක පමණ කාලයක් තිස්සේ ප‍්‍රකාශ වුණු කැබිනට් සංශෝධනය හෙට දිනයේ සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් මෙම සංශෝධනය සිදුවන්නේ ශ‍්‍රීලනිප ඇමතිවරුන් අතරේ පමණක් වන අතර එජාප ඇමති ධුර කිසිවක් නොවනු ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උණ රෝගී තත්වයක් හේතුවෙවන් දෙදිනක් පමණ විවේක ගනු ඇතැයිද සදහන්ය.

පසුගිය කාලය පුරා රට පුරා ජනහමුවලදී ශ‍්‍රීලනිප ඇමතිවරුන් ප‍්‍රසිද්ධියේ එජාපයට බැණ වදිමින් කියා සිටියේ දුෂිත ඇමතිවරුන් වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් නුදුරේදීම කැබිනට් සංශෝධනයක් කරනු ඇති බවය. අවසානයේ කිසිදු එජාප ඇමති ධුරයක් වෙනස් නොවී ශ‍්‍රීලනිප ඇමති ධුර පමණක් වෙනස් වීම මත ඉහත ප‍්‍රකාශයන් තව දුරටත් වලංගු වන්නේ නම් දුෂිතයින් වී ඇත්තේ ශ‍්‍රීලනිප ඇමතිවරුන් පමණි. ශ‍්‍රිලනිප ඇමතිවරුන්ගේ අරගලය නිමා වෙමින් ඇත්තේ තමන් විසින් තමනම දුෂිතයින් යයි හංවඩුවක්ද ගසා ගනිමිනි.

4 views

4 Comments to “එජාපයට ගහන්න ගිය ‘දුෂිත හංවඩුව’ ශ‍්‍රීලනිප ඇමතිලා තමන්ටම ගහගනී.. කැබිනට් සංශෝධනය හෙට.. ශ‍්‍රිලනිප ඇමති කුට්ටම විතරක් අනයි.. අගමැතිට උණ ගනී..”

  1. nalin says:

    matu denwat apatayanta terene kelawagatta kiyala

  2. kith says:

    * heta nova anidda
    * anidda nova inanidda
    * …………………………..
    * ………………………………..

  3. යහපාලනය - යාපනය says:

    හිටං හිතං ඉන්නවා ඇත්තේ කැබිනට් මණ්ඩලේ කියන්නේ ශ්රීලංකා මන්ත්රීලා විතරක් කියල වෙන්නැති.

  4. Suba Anagathayak says:

    Never in the history we have seen a bunch of idiots like the SLFP cockroaches, who chose to live in the UNP toilet – pit!!

Main News