එජාපයට තනි ආණ්ඩුවක් හදාගන්න කියන්න.. අපේ මෛත්‍රි ජනාධිපති අපි බලාගන්න සූදානම්..- මහින්දගෙන් ආන්දෝලනාත්මක කතාවක්..
November 27, 2017 at 12:08 am | lanka C news
යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම බලා ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අහුංගල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒකාබද්ද සමග එක් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රීලනිපයට පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනපතිගෙන් විමසීය.
‘ඒක තමයි අපටත් ඔ්න. යන්න කියන්නකෝ බලන්න. අපේ කට්ටිය අපට දෙන්න. එතකොට ඉවරයි.
අපේ ජනාධිපති එතකොට අපි බලාගන්නම්’ යනුවෙන් රාජපක්ෂ මහතා ඊට පිලිතුරු දුන්නේය.
Comment dana aya kalabala wenna epa. Poddak owzsala wenne mokakda bala inna.