එජාපයට බැණ බැණ ශ‍්‍රීලනිප ඇමතිලා ජාතියේ මහාර්ඝ සම්පත් නොරටුන්ට විකුණයි..

January 31, 2018 at 1:20 pm | lanka C news
එජාපයට බැණ බැණ ශ‍්‍රීලනිප ඇමතිලා ජාතියේ මහාර්ඝ සම්පත් නොරටුන්ට විකුණයි..

බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

මේ දිනවල සන්ධානයේ ඇමතිවරුන් කියාගෙන යනවා එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් රට විකුණනවා. ඒ නිසා සන්ධානයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන්න කියලා. මේක හරිම හතර බීරි කතාවක්. අපි ඇයි එහෙම කියන්නේ.

අර බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ අගමැති රනිල් රට විකිණීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හරහා. ජාතිය සතු වටිනාම සම්පත, තවත් වසර දහයකින් සිංගප්පූරු වරාය පරදවා ආසියාවේ හොදම වරාය බවට පත්වීමට නියමිත මාගම්පුර වරාය වසර 99 කට චීනයට දුන්නා. කවුද වරාය භාර ඇමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද සමරසිංහ ඇමතිතුමන්.

මත්තල ගුවන්තොටුපල වසර 35 කට ඉන්දියාවට ලබාදීමට දැන් සියළු සැලසුම් හදලා ඉවරයි. කවුද ගුවන් සේවා භාර අමාත්‍යවරයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමන්. ඒ වගේම අර හිගණ බංගලිදේශයට මහඉළුක් පල්ලම බීජ පර්යේෂණ ආයතනය මම දන්න දීර්ඝතම බදු ගිවිසුම වන වසර 150 ක බදු ගිවිසුමක් හරහා බදු දීමට මේ වන විට සාකච්ඡා කරමින් යනවා. කවුද කෘෂීකර්මාන්ත ඇමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා.

එක්සත් ජාතික පක්ෂය ඉතාම සූක්ෂම අයුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාවිතා කරමින් තමයි මේ රට විකිණීමේ ප්‍රථිපත්තිය ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම එයට සහයෝගය දේන්නේ අනික් හංස කණ්ඩායම වන ජනතා විමුක්ති පෙරමුණින්. උද්ඝෝෂණ නැතුව විවේචන නැතිව ඒ අය නිහඩතාවයෙන් සහය දෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ උනුත් එකයි මුනුත් එකයි. එහෙම කියපු උන් ඊට එහායි කියලා.

අද මේ මැතිවරණයේදී හංසයෝ තුණට බෙදිලා ඇවිත් තියෙනවා. කොළපාට හංසයෝ අලියගේ වේශයෙන් ඇවිත් තියෙනවා. නිල් පාට හංසයෝ බුලත් කොළයේ වේශයෙන් ඇවිත් තියෙනවා. රතුපාට හංසයෝ සීනුව විදිහට ඇවිත් තියෙනවා. ඒ නිසා අද මේ මැතිවරණයේදී රට කෑලි කඩලා නොරටුන්ට විකුණනවට එකගනම් ජනතාවට ඕනෑතරම් ලකුණු තියෙනවා තෝරාගන්න. නමුත් රට විකුණන මේ ක්‍රියාවලියට විරුද්ධනම් ජනතාවට ඇති එකම තේරීම පොහොට්ටුව විතරයි.

– අරවින්ද අතුකෝරල

19 views

4 Comments to “එජාපයට බැණ බැණ ශ‍්‍රීලනිප ඇමතිලා ජාතියේ මහාර්ඝ සම්පත් නොරටුන්ට විකුණයි..”

  1. daminda says:

    pawata sammadannweema………………

    • "හෙළුවෙ කරුම" says:

      වහගත්තට වැඩක් නැත තුන ඔබල දෑතින්
      මොනරා විදහ නට පෙන්නා හෙලුව පස්සින්
      රටටම එපා වී ඇත කටුසු වෙස්මාරුව ගතින්
      දෙරනම දෙදරනව ණය බරැති කුඩ්ඩෙ මතින්

      • රුවනි මදුශා-එංගලන්තය says:

        මේ ලස්සන කවි ලියන්නා අපට හඳුනා දෙන්න පුලුවනිද?

        • "කවිඳු" says:

          අල්ලපු රටේ මං ඉන්නේ යාලු
          වීසා නැතිව හැංගිල මට පාලු
          එන්නට එපා බලා ගූගල් යාලු
          මාංචුදා පන්නයි මේ රටින් මුලු

Main News