එජාපයට මං කඬේ යන්නේ නෑ.. මට හිරිකිතයි.. ප‍්‍රසංගයට ගියාට මට සමාවෙන්න..- පේෂල මනෝජ් සමාව අයදී

December 7, 2018 at 10:35 pm | lanka C news
එජාපයට මං කඬේ යන්නේ නෑ.. මට හිරිකිතයි.. ප‍්‍රසංගයට ගියාට මට සමාවෙන්න..- පේෂල මනෝජ් සමාව අයදී

තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්‍ෂයට කඬේ යන්නේ නැතැයි ජනප‍්‍රිය නිවේදන ශිල්පී හා සංගීත ශිල්පී පේෂල මනෝජ් පවසයි. ඒ ආකාරයේ හිරිකිත වැඩ තමන් සාමාන්‍යයෙන් නොකරන බවද ඔහු කියයි.

විහාරමහ දේවී රංග පීඨයේදී පැවති යුත්තියේ හඬ ප‍්‍රසංගය සදහා තමන් සහභාගී වූයේ එය දේශපාලනයෙන් තොර බව කියූ නිසා බවද සදහන් කරන ඔහු තමන්ගේ එම කාර්ය නිසා කණගාටුවට පත් තම රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද කියා සිටී.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව කියා සිටියේය.

මම කවදාවත් Unp එකට කඩේ යන්නෙ නෑ මම හිරිකිත වැඩ කරන්නෙ නෑ සාමන්‍යයෙන්…….

Gepostet von Peshala Peshkaaraa Manoj am Donnerstag, 6. Dezember 2018

175 views