එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.. ආණ්ඩුව කැළඹේ..

January 16, 2018 at 3:03 pm | lanka C news
එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.. ආණ්ඩුව කැළඹේ..

අද පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ගතස්වීමෙන් නැගිට ගොස් ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ දෙවැනි පෙල මැති ඇමතිවරුන් විසින් දිගින් දිගටම තමනට එරෙහිව ප‍්‍රසිද්ධියේ සිදු කරන විවේචනයනට විරෝධය පල කරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගොස් ඇති බව වාර්තාවන්හි සදහන්ය.

විවේචනය කිරීම නතර නොකරන්නේ නම් තනියෙන් ආණ්ඩුවක් හදාගන්නා ලෙසද ජනාධිපතිවරයා පවසා ඇති බවද ජනාධිපතිවරයාගේ මෙම හදිසි නැගිට යාමෙන් පසු අගමැතිවරයා ජනාධිපතිවරයාගේ නිල කාර්යාල කාමරයට ගොස් ඔහු කැදවාගෙන ආ බවද වාර්තාවන්හි දැක්වෙයි.

එජාපය විසින් ශ‍්‍රිලනිපයත් ශ‍්‍රිලනිපය විසින් එජාපයත් විවේචනය නොකල යුතු යයි එහිදී එකගතාවයකට පැමිණි බවද සදහන්ය.

14 views

31 Comments to “එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා විරෝධය පා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.. ආණ්ඩුව කැළඹේ..”

  1. Yasantha says:

    මුන් දෙගොල්ලන්ටම උන්ට පක්ෂපාති මිනිස්සුන්ගේ ඡන්ද ටිකත් නැතිවෙන සයිස් එකක් තමයි තියෙන්නේ. මිනිස්සුන්ට ඒ තරමටම මුන්ව එපාවෙලා තියෙන්නේ.ඒ නිසා මෝඩ යු.එන්.පී කාරයින්ටයි ශ්‍රී ලංකා කාරයින්ටයි බොරු බලාපොරොත්තු දීලා තවදුරටත් රඳවා ගන්න අපි ඡන්දෙන් පස්සේ තනිකර අපේ ආණ්ඩුවක් හදනවා කියලා නාට්‍ය පෙන්නනවා! හැබැයි ඉතිං ඕවට අහුවෙන ඈයෝ තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ!

  2. රජින්ද says:

    තරහා වෙන්නෙපා. ගණේමුල්ල නගරයේ ඇතැම් පැතිවල පොහොට්ටුවෙන් දාල තියෙන්නේ අමුම කුඩුකාරයෝ ටිකක්. ඇයි මේ වගේ ගොන් වැඩ කරන්නේ කියල තේරෙන්නේ නැහැ.

    • Boo says:

      නරකද අපිටත් දැනගන්න එක්ක ඒ කුඩු කාරයින්ගේ නම් ටික දැම්මනං ? නැත්තන් ඉතින් ඕකත් අර රත්තරන් අස්සයින්ගේ වගේ නිකම්ම මඩ විතරයි.

      ජාතියක් ලෙස අපි මඩ ගැහීමේ කලාවෙන් ඉවත් වෙනතුරු අපිට කවදාවත් ඔලුව උස්සන්න බැහැ . ඒ නිසා කරුණාකර තමන්ගේ අතෙත් නමෙත් මඩ ගාගන්නේ නැතුව හරියට නම් ගම් ඇතුව ඔප්පු කල හැකි කරුණු කාරනා ඇතුව විවෘතව චෝදනා කරනවනං රෑට කරදරයක් නැතුව නිද්දාගන්න පුළුවන් වෙයි, අවංක මිනිහෙක් වගේ දවල්ට ඔලුව උස්සගෙන කෙලින් බලාගෙන ජීවත් වෙන්නත් පුළුවන්. නැත්තන් ඉතිං අර රාජකීය මඩ කාරයා වන පරාජිත නැවු හොරාගේ තත්වෙට ඔබත් පත් වෙයි.

      • රජින්ද says:

        මඩක් ගහන්න නෙවෙයි සහෝදරයා මෙහෙම කියන්නේ හදාගන්න පුලුවන්ද බලන්නයි. නම්-ගම් එක්ක කියන්න ගියොත් අපිට ගමේ වසන්න වෙන්නෑ. ලාංකීය දේශපාලනේ හැටි එහෙමනේ.! මම දන්නේ නැහැ අනික් පළාත්වලත් මේකමද තත්වේ කියලා. ඒත් පොහොට්ටුවට ජන්දය දෙන්න සුදානමින් ඉන්න අය දෙගිඩියාවෙන් ඉන්නේ ඒ කුඩ්ඩන්ට ජන්දය දෙනවද නැත්නම් කටු ගානවද කියල හිතමින්. 100%ක් විශ්වාසෙන් මෙහෙම කියන්නේ.

        • perera says:

          බෝ” හරි.නම් ගම් සමග දාන්න බෑරිනම්,බය නම් රජින්ද කටපියාගෙන ඉන්න.නිකම් කකුලෙන් අදින්න එප්පා.තුන් අවුරුදු ශාපය ඉවරවීගෙන යන කාලයේ විකල්ප බලවේග වලට පහර ගහන්න එපා.මම රටට ජාතියට ආදරය කරන මිනිසෙක් හෑටියට මෙය ලියන්නෙ.

  3. nimal says:

    owata kiyanney pada show. arrpa sha ranil pada show than thira gatha veay. after the election arrpa sha ranil gey gu ganada balanna mahajanathwata ciduveyve.

Main News