එජාපයට හිමි මන්ත‍්‍රීකම බෙදාගෙන කරන්න සාකච්චා.. හැමෝම මාරුවෙවී පාර්ලිමේන්තු එන්න සූදානම්..

August 23, 2020 at 4:40 pm | lanka C news
එජාපයට හිමි මන්ත‍්‍රීකම බෙදාගෙන කරන්න සාකච්චා.. හැමෝම මාරුවෙවී පාර්ලිමේන්තු එන්න සූදානම්..

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රීධුරය කිහිප දෙනෙකු සමග බෙදාගෙන දැරිය යුතු බවට සාකච්ඡාවක් ඇතිවී තිබේ.

ඒ අනුව නායක රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම ඉන් ඊට අනතුරුව සෙසු ඉල්ලුම්කරුවන් ද වශයෙන් මන්ත්‍රී ධුරයට හිමි කාලය කොටස් කොටස් වශයෙන් බෙදාගෙන කටයුතු කිරීමට යෝජනා වී ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂය අවසන් තීරණයක් ගෙන නැත.

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූ එකම මන්ත‍්‍රී ධුරය සදහා මෙතෙක් කිසිවෙකු පත් කර නැත.

50,597 views

19 Comments to “එජාපයට හිමි මන්ත‍්‍රීකම බෙදාගෙන කරන්න සාකච්චා.. හැමෝම මාරුවෙවී පාර්ලිමේන්තු එන්න සූදානම්..”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    හොඬවැල නැති අලින්ට මන්ත්‍රී පුටු… නෑ නෑ සංගීත පුටු 🤣🤣🤣

    මාරුවෙන් මාරුවට ඇවිත් එකම ප්‍රතිපත්ති වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් ද? ජාතික ලැයිස්තු මන්ත්‍රී කම මුන්ට ආතල් ගන්න පාවිච්චි කරන්න හදන්නේ. ඡන්ද දීපු අය කල්පනා කරල බලන්න 🤣🤣🤣

  2. බබා පවු says:

    ආතල් ගන්න නෙවෙයි, චන්ද වියදම් පියව ගන්න මාස හයෙන් හයට මාරු වුනොත් දොළහයි. වාහන පර්මිට් කෝටි 3 x 12 =36 නරකම නෑ ටිකිරි මොළේ.

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ලිච්චවී ක්‍රමයට යහපාලනය ගෙන ගිය උන් එකම එක ජාතික ලැයිස්තුවත් ලිච්චවී ක්‍රමයට?
    රනිල්,සාගල​,අකිල​.
    අකිල​,සාගල,වජිර.
    රනිල්,රවී,රංගෙ.
    ලිච්චවී පරපුර​???????????

  4. unp gona says:

    ඒ කියන්නේ හැමෝටම වාහන පෝමිට් ගන්න පුලුවන් පෝමිට් ගත්ත ගමන් ඊලඟ මන්ත‍්‍රී පත්වෙනවා.

  5. Jagath Hettiarachchi says:

    ගෑනිවත් බෙදාගෙන ද මුං කරන්නෙ?

Main News