එජාපයට හෝ අගමැති රනිල්ට අපහාස නොකරනු.. – එජාපය ශීලනිපයට රතු එලි දල්වයි…

December 26, 2016 at 7:06 am | lanka C news
එජාපයට හෝ අගමැති රනිල්ට අපහාස නොකරනු.. – එජාපය ශීලනිපයට රතු එලි දල්වයි…

එදා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර තිබුනා නම් මේ ඩිලාන්ලා අදටත් ඉන්නේ පූස් පැටව් විදියටයි යනුවෙන් අළුත්කඬේ ප‍්‍රජා ශාලාව විවෘත කිරීමේ උත්සවය ඇමතු පාර්ලිමේන්තු මන්ත‍්‍ර මුජිබුර් රහ්මාන් මහතා ප‍්‍රකාශ කරයි.

කොළඹ අළුත්කඩ ප‍්‍රදේශයේ පිහිටි නසීර් ප‍්‍රජාශාලව අළුත් වැඩියා කොට ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය නොබෝදා කොළඹ නගර සභාව විසින් උත්සව ශ‍්‍රියෙන් සිදු කරනු ලැබින.

මෙම විවෘත කිරීමේ උත්සවයට ප‍්‍රධාන ආරාධිත හමුත්තා ලෙස සහභාගි වු කොළඹ දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබුර් රහ්මාන් මහතා  මහජනතාව අමතමින් අදහස් දක්වමින්

‘සියයට 50කට වැඩි මැද කොළඹ ජීවත් වන තරුණයෝ මත් ද්‍රව්‍ය ව්‍යාපාරය සමග සම්බන්ධ වෙලා වැඩ කරන තත්වයක් ඇති වෙලා තිබෙනවාල මෙයට හේතුව පසු ගිය කාලය පුරාම මේ තරුණයන්ට නිවැරදි මාර්ගයක් උදා නොවීම.

විශේෂයෙන් කොළඹ නගරයේ සිටින මේ තරුණයන්ට ඔවුන්ගේ දක්‍ෂතාවය පෙනවීමට ඔවුන්ගේ කෞෂල්‍ය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා නොවුනු බව පිළිගත යුතුව තිබෙනවා

මෙම ප‍්‍රදේශයේ ජීවත් වන තරුණයන්ට මේ ප‍්‍රජා ශාලාව තුළින් ඔවුන්ගේ කෞෂල්‍ය වර්ධනය කර ගනිමින් ඉස්සරහට යන්න පුළුවන්ල ජාතික තරුණ සේවා සභාව සමග එකතු වෙලා තරුණයන්ට වැඩ කරන්න පුළුවන් සංසදයක් පිහිටුවන්න ඉදිරියේ දි තීරණය කර ඇති බව මේ සභාවට ප‍්‍රකාශ කරන්නට කැමැති

ඒ තුළින් තරුණයන්ට ඔවුන්ගේ කෞෂලයන් වර්ධනය කර ගන්න උදව් කරන වැඩ පිළිවෙළවල් අපි හදනවා. බවත් මේ තුළින් කොළඹ නගරයේ තරුණයන්ට සමාජ විරෝධි වැඩ පිළිවෙල් වලින් මිදි තරුණ ජවය රැකගෙන ඉදිරියට අවස්ථාවක් උදා වනා නිසැකයි.

කරුණු මෙසේ තිබියදි සමහර ඇමතිවරුන් හැමදාම එක්සත් ජාතික පක්‍ෂය විවේචනය කරන තත්වයක් ඇති වෙලා තිබෙනවාල අප කිසිසේත් එය අනුමත කරන්නේ නැහැ

ඔවුන් මේ ආණ්ඩුව තුළ ඉන්නවාද නැද්ද යන්න පිළිබඳව තීන්දුවක් ගත යුතු කාලයක් තත්වයක් උදාවි තිබෙනවා.

දිලාන් පෙරේරා ඇමතිතුමාත්ල බස්නාහිර පළාතේ මහ ඇමැති ඉසුර දේවප‍්‍රිය මැතිතුමාත් දිගින් දිගටම එක්සත් ජාතික පක්‍ෂය විවේචනය කරන තත්වය තව දුරටත් ඉවසිය නොහැකි තත්වයක් බව මා මෙහිදි පවසා සිටිනවා.    ඔවුන් එසේ කරන්නේ මුල අමකත කිරිමෙන් බව ඉතාමත් පැහැදිලියි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ කාලයේ අද උජාරුවට කථා කරන මේ උදවිය හිටියේ පූස් පැටව් විදියටයි. එදා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර තිබුනා නම් මේ උදවිය අදටත් ඉන්නේ පූස් පැටව් විදියටම බව ඔවුන්ට මතක් කර දිය යුතු කාලය උදාවෙලා තිබෙනවා.

අපි එදා මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාව ජනාධිපති කරවලා එතුමා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වුන නිසා මොවුන්ට කථා කරන්න පුළුවන් අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. කයිවාරු ගහන්න පුළුවන් තත්වයක් උදාවෙලා තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රජාතන්නත‍්‍රවාදය නැවත උදා වෙලා තිබෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ප‍්‍රජා තන්ත‍්‍රවාදය ලැබුනේල මෛත‍්‍රීපාල සිරිසේන මහතා  මේ රටේ ජනාධිපති වීම නිසායල  ඒ නිසා  දිලාන් පෙරේරා වැනි උදවියට පක්‍ෂය ඇතුළේ කයිවාරු ගහන්නට අවස්ථාවන් උදාවෙලා තිබෙන බව ඔවුන් අමතක නොකළ යුතුයි. ගරු ජනාධිපති තුමාගේ එජයග‍්‍රහණය  සඳහා දිවි හිමියෙන් වැඩ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්න අපි බව  දිලාන් පෙරේරා මන්ත‍්‍රී තුමාට අමතක වී තිබෙන බව පැහැදිලිව කිව යුතුයි.

එදා දිලාන් පෙරේරා හිටියේ  මහින්දගේ පවුල් පාලනය ආරක්‍ෂා කරමින් බව අපිට තවමත් අමතක වෙලා නැහැ

දිලාන් පෙරේරා මහත්තයාට අද කයිවාරු ගහන්න පුළුවන් පරිසර තත්වයක් උදා කර දුන්නාට එක්සත් ජාතික පක්‍ෂ නායකයා වු රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමට එතුමා  මල් තියලා වඳින්න  ඕන බව මා තරයේ කියා සිටිනවා

මහින්ද රාජපක්‍ෂ මහතා එදා ජනාධිපතිවරණය දිනාගෙන තිබුනානම් මේ විදියට කයිවාරු ගහන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙයිද? වචනයක් කථා කරන්නට ලැබෙයිද? කෑ ගහන්නට අවස්ථාවක් ලැබේද යනුවෙන් මා ඇසීමට කැමැති.   එදා නාමල් රාජ පක්‍ෂ මන්ත‍්‍රිතුමාට සර් කියමින් මහින්දගේ ගෝලබාලයන්ට සැලියූට් ගහමින් වලිගය හංගගෙන පූස් පැටව් විදියට හිටපු අයට චන්ඩියන් විදියට කථා කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ එක්සත් ජාතික පක්‍ෂ විසින් බව මා මතක් කර දීමට කැමැති

එක්සත් ජාතික පක්‍ෂයට අපහස කිරීම හෝ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට අපහස කිරීම හෝ  නොකරන ලෙස අවවාදාත්මක කියා සිටින්නට කැමැති.

තව දුරටත් එතුමා අදහස් දැක්වීමේදි ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒකාබද්ධ රට ගොඩ නැගීමට යන ගමනට හදවතින් සහයෝගය ලබා දෙන්න එසේ නැතනම් එක කකුලක් ආණ්ඩුව පැත්තෙනුත් අනිත් කකුල මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ කරේත් තියාගෙන ආණ්ඩුව අස්ථාවර කරන ගමනේ යෙදෙන්න එපා.ඒ විදියට කරන්නට එතුමාට කිසිදු අයිතියක් නැති බවද තරයේම ප‍්‍රකාශ කරනවා.

බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිගේ ක‍්‍රියා කලාපයද පැහැදිලිව කියන්න  ඕව එතුමාට මහ ඇමතිකම ලැබුනේ මෛත‍්‍රිපාල සේනානායකතුමා ජනාධිපති වූ නිසා බව මතක් කර දිය යුතුයි. මහ ඇමතිතුමණි මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේ හිටියානම් ඔබට ආසන සංවිධායකකම වත් නොලැබෙන බව තරයේම ඔබට මතක් කරන්නට කැමැති

– මුජිබුර් රහ්මාන්

0 views

3 Comments to “එජාපයට හෝ අගමැති රනිල්ට අපහාස නොකරනු.. – එජාපය ශීලනිපයට රතු එලි දල්වයි…”

  1. හෙල යකා says:

    මෛත්‍රීපාලගෙ මහින්ද වෛරය සහ දූෂන ,අපචාර ෆයිල් (රනිල් සතු )පාවිච්චි කරල මේ ආන්ඩුව බලයට ගෙනාවෙ “පුලුවන් තරම් හොරාකාපියව්, මැරවැඩ කරපියව්, ඒවට හිලව් වෙන්න රට බෙදාපියව්” කියන නියෝගයත් එක්ක. රනිල්, මෛත්‍රී අතර කුට්ටිය බෙදාගැනීම, බලය, පක්ෂ නායකත්ව වගේ ප්‍රශ්න ගොඩක් තියෙන්න පුලුවන් වුනාට මේ කුජීත ආන්ඩුවේ පැවැත්ම තියෙන්නෙ රටේ ආන්ඩු දෙකක් ඇතිකරන ව්‍යවස්ථාව වෙනුවෙන් කැපවෙන තාක් පමනයි.
    රනිල් මෛත්‍රීපාල ආන්ඩුව අද කරමින් සිටින්නේ සිංහල බෞද්ධයන් ව්‍යාකූලත්වයට පත්කරන දේශපාලන ගේමක්. ලබන අවුරුද්දෙ ඊළාම් ව්‍යවස්ථාව ගේන්න හදන්නෙ මහින්දගෙ ජන පදනම හොඳටම ව්‍යාකූල කිරීමෙන් පසුවයි. සිරිසේන කියන්නෙ කොන්දක් නැති, කප්පරක් දූෂන වංචා කර තිබෙන පඹයෙක්. එයාට මහින්දගෙ මයිලකටවත් කිට්ටු කරන්න බැහැ. ජනමත විමසුමකදි ජයග්‍රහනය කරවීමට අවශ්‍යය ‘ශ්‍රී ලංකා’ චන්ද පියවා ගැනීම සඳහා අවශ්‍යය ප්‍රමානයට මහින්දට ලංකිරීමටයි සිරිසේන උත්සාහ කරමින් සිටින්නෙ. ඒකත් අසාර්ථකයිකියල තේරුනොත් පාරොඉමේන්තුවෙ 2/3න් පමනක් සම්මත කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරනයෙන් කොල එලිය දැල්වීම ශ්‍රී පවන්ට හිමි සුවිශේෂ වූ රාජකාරිය විය හැකිය.
    සිරිසේනගෙයි රනිල්ගෙයි රංඩු බොරු රංගනයන් කියා මහින්දගෙ ජන පදනමට පෙන්වානොදී “අන්න අරුන් මරා ගන්නවා” කියමින් චූන් වීම රට බිල්ලට දීමකි. ඒකාබද්ධ විපක්ෂයේ චූන් දේශපාලනේට උදව් වෙන අය එක්කෝඅ මෝඩයන්ය. නැත්නම් මහින්ද සාටක්යෙන්ම එතුමාගේ සහ රටේ බෙල්ල මිරිකීමට යහපාලන ආන්ඩුවත් සමග ඩීල් දමා ඇති දෙපත් නයින්ය.

    • Notthischange says:

      Very true. This is just a drama. While we enjoy these comedies, Constitution & ETCA is played on other channel with lesser attention.

  2. Jo dan says:

    “සියඹලා…….. ආන්ඩුව ආරක්ෂිත විදුලි වැට ඉදිකිරීමේ ගැටළු සුමේදා විසදයි”..එයා එහෙම කිව්වත් මෙහෙ අය කියන්නේ ගොරකයගේ ආණ්ඩුවක් කියල නේ බන් විදුලි වැට නෙවෙයි වස්ත්වූ ඇට දෙලක්ෂයටම ආණ්ඩුව අරහන්.

Main News