එජාපයද මා සමගයි.. මනාප ලයිස්තුවේ අංක එකට මා එනවා..- අමරවීර
June 6, 2020 at 10:10 pm | lanka C news
මෙවර මහ මැතිවරනයේදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තම පාක්ශිකයින් තමාව මනාප ලැයිස්තුවේ අංක එකට ඔසවා තබනු ඇති බවට දැඩි ව්ශ්වාසයක් පවතින බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට අතහැර කොළඹ දිස්ත්‍රික්කයට යෑම නිසා කලකිරුනු බොහො එජාප පාක්ශිකයින්ද තමා වට එක්වෙමින් සිට්න නිසා මෙවර මහාමැතිවරනයේදි ව්ශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනිමට නියත වශයෙන්ම හැකිවනු ඇති බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තමා කැප වන බව ඇමතිවරයා පැවසීය.
ඇමතිවරයා මේ බව අද(6)තිස්ස ආසනයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
– වාර්තාකරු