එජාපයෙන් ඉවත් වී රගපාන්න යනවා.. මං අදටත් ජනප‍්‍රියම නළුවා..- රනිල්ගේ මූණටම රන්ජන් කියයි..

March 2, 2019 at 9:20 am | lanka C news
එජාපයෙන් ඉවත් වී රගපාන්න යනවා.. මං අදටත් ජනප‍්‍රියම නළුවා..- රනිල්ගේ මූණටම රන්ජන් කියයි..

එක්සත් ජාතික පක්‍ෂයට තමන් වැඩක් නැතිනම් පක්‍ෂයෙන් ඉවත් වන්නට සූදානම් බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔහු සදහන් කර ඇත්තේ තමන් අදටද ජනප‍්‍රියම නළුවා බවත් තමන් එජාපයට එපා නම් දේශපාලනය අතහැර රගපෑමට යාමට සූදානම් බවයි.

නමුත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රන්ජන් රාමනායක ඇමතිවරයා වලකමින් සදහන් කර ඇත්තේ මෙම ප‍්‍රශ්ණය සාකච්චාවෙන් බේරාගත යුතු බවයි.

එජාප මැති ඇමතිවරුන් කොකේන් ගහන්නේ යයි රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇති වූ සාකච්චාවේදී මෙම කතාබහ සිදුව ඇත.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වැඩි පිරිසක් එහිදී සදහන් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතා පක්‍ෂයෙන් ඉවත් කල යුතු බවත් ඔහුගේ ප‍්‍රකාශයෙන් පක්‍ෂයට විශාල හානියක් වූ බවත්ය.

128 views

8 Comments to “එජාපයෙන් ඉවත් වී රගපාන්න යනවා.. මං අදටත් ජනප‍්‍රියම නළුවා..- රනිල්ගේ මූණටම රන්ජන් කියයි..”

  1. SOUHAINE MALAL says:

    GANGATH PANALA MERENNA BEST

  2. Nalubatta says:

    මුගේ කට වැඩියි. මූ පන්නා දැමිය යුතුයි. මූට දැන් රඟපාන්ට බැ. මූට පුලුවන් ගෑනු චරිත විතරයි. මූ වෙන කිසිම පක්ෂෙකට ගන්නෙ නෑ. මූට වෙන්නෙ බස් වලට් නැගල හිඟාකන්නයි.

  3. vishnu says:

    ජනප්‍රිය නළුව ගැලරියෙ

  4. බන්ඩා says:

    බැඳුන්කර මගඩි රැල රකින එජාප කුඩු ඇටිලාට ඇඟිල්ල දික් කල ⁣රන්ජන් බිල්ලට දී කුඩු කාරයො රකිනවා නියතය්.

  5. බන්ඩා says:

    බැඳුන්කර මගඩි රැල රකින එජාපය, කුඩු මැති ඇමටිලාට ඇඟිල්ල දික් කල ⁣රන්ජන් බිල්ලට දී කුඩු කාරයො රකිනවා නියතය්.

  6. දිවුලපිටියෙ පස් මල්ලී says:

    රන්ජට දේශපාලනය තේරෙන්නෙ නෑ. රන්ජ මැටිමෝලෙක්. පාර්ලිමේන්තුවට පත්වූදා සිටම මහජනයා වෙනුවෙන් සතපහක වැඩක් කළේ නෑ. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැන් තරහකර ගත්තා. හැමෝම දිහා බැලුවෙ හොරැ විදියටයි. අරෑ හොරා, මූ කුඩුකාරයා වගේ කතා තමයි කිවිවෙ. කිසිම පදනමක් නැති ගොංකතාවලට ප්‍රචාරයක් දෙන්න මල්ලි කියල කතාකරන මාධ්‍යකාරයො ටිකකුත් අල්ලාගත්තා. උං මූව පිමිබුවා. දැන්තමයි ජනතාවට තේරෙන්නෙ මෙයා වල්පල් දොඩවන හිස් පඹයෙක් කියල. දැන් වයස 55 ත් පැනල මොන නළුකමිද?

  7. desabimanaya says:

    අපේ කමෙන්ටිවලට මූ හෙමිබත්වෙලා වාගෙ . මුගෙ ගොමිපාටි ටික දවසකට අත්හිටවලාද? . හැබැයි අපි දැන් හිසරදයක් නැතිව ඉන්නවා

  8. mawubima_perata says:

    හඳ පෙන්නපුවම අපි අත දිහා බලන්න නරකයි.අපි හඳ දිහායි බලන්න ඕනෙ.

Main News