එජාපයෙන් ගුටි කන්න බයේ ආණ්ඩුවට ගියේ.. නැතිනම් තාම ගුටි කනවා..

November 17, 2016 at 4:40 pm | lanka C news
එජාපයෙන් ගුටි කන්න බයේ ආණ්ඩුවට ගියේ.. නැතිනම් තාම ගුටි කනවා..

පසුගිය මහ මැතිවණයෙන් පසු එක්සත් ජාතික පක්‍ෂය සමග ආණ්ඩුවක් පිහිටවූයේ නැතිනම් තවමත් සලාක ක‍්‍රමයට ගුටි කන බව ඇමති විජේමුණි සොයිසා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එජාපය සමග සන්ධානගත නොවුයේ නම් තනි එජාප ආණ්ඩුවක් පිහිටවනු ඇති බවත් කී ඔහු හිටපු ජනාධිපතිවරයා පක්‍ෂය රනිල් වික්‍රමසිංහට බාර දී කාල්ටන් ගිය පසු තමන් ඇතුළු පිරිස නන්නත්තාර වූ බවද සදහන් කලේය.

නව දේශපාලන පක්‍ෂය ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ පොහොට්ටුව පිපෙන්නේවත් පරවෙන්නේවත් නැතිව මෝදුවෙමින් තිබෙව බවයි.

53 views