එජාපයෙන් 53ක් එනවා.. අගමැති වෙන්න සැරසෙන්න..- ජනාධිපති කතානායකට දන්වයි.. අන්තිම තත්පරේ වුණ දේ මෙන්න…

February 19, 2018 at 9:55 pm | lanka C news
එජාපයෙන් 53ක් එනවා.. අගමැති වෙන්න සැරසෙන්න..- ජනාධිපති කතානායකට දන්වයි.. අන්තිම තත්පරේ වුණ දේ මෙන්න…

කතානායක කරු ජයසූරිය මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 53 දෙනෙකු පමණ ඊට සහය දීමට සූදානමින් සිටින බව පවසමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ ඒ සම්බන්දයෙන් කතානාවකවරයාගේ අදහස විමසා ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලා පිටු කිහිපයක වාර්තා කර ඇත.

ඒ අනුව ඒ සදහා කරු ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බවට වාර්තා වූ තොරතුරු මත ආණ්ඩුවේ එජාප තවත් ප‍්‍රබලයෙකුගේ හිතවතෙකු වන ක‍්‍රිෂාන් කුරේ නම් පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මුණ ගැසී අදහස් විමසා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී තොරතුරු සත්‍ය බවට ඒත්තු ගැන්වෙන කරුණු සදහන් කර ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි.

මේ තොරතුරු ප‍්‍රමාණික ලෙස තහවරු කර ගැනීමෙන් පසු ක‍්‍රිෂාන් කුරේ කරු ජයසූරිය මහතා මුණ ගැසීමට පැමිණ අගමැතිකම බාර නොගැනීමට දැඩි ලෙස ඔහුට බල කර ඇතැයිද සදහන්ය.

මේ ආකාරයේ වැඩකට කර නොගසන ලෙසත් කලින්ද මේ ආකාරයේ වැඩක් කර පක්‍ෂයට ද්‍රෝහියා වූ බවත් ඔය කියන පනස්ස ගණනක් නොඑනු ඇති බවත් වැඩිම උනොත් දහයක් එනු ඇති බවත් පෙන්වා දී ඇත.

එසේ අටවන ලද ආණ්ඩුවක් වැඩි කල් නොපවතින නිසා මෙම යෝජනාවට එකග නොවන ලෙසද දන්වා කරු ජයසුරිය මහතාගේ අදහස වෙනස් කර ඇති බවද දැක්වෙයි.

මූලාශ‍්‍ර – lankaleaks

80 views

24 Comments to “එජාපයෙන් 53ක් එනවා.. අගමැති වෙන්න සැරසෙන්න..- ජනාධිපති කතානායකට දන්වයි.. අන්තිම තත්පරේ වුණ දේ මෙන්න…”

  1. Geetha says:

    Sirisena ratata karana deyakuth naha balaye randila inna nokarana deyakuth naha me manussaya ratata karana winashaye simawakuth naha.

  2. එජාප තරුන හිවල් කැල says:

    එජාපයෙන් 53ක් එනවා! දවල්ද?

  3. Hoo N P Kaaraya says:

    Who is this Krishan Cooray ? Is he so powerful or speaker doesn’t have the backbone to agree to this Krishan Cooray.

Main News