එජාපයේ අති බහුතරයක් මහින්දට එක්වෙන්න යයි..

December 7, 2019 at 6:48 pm | lanka C news
එජාපයේ අති බහුතරයක් මහින්දට එක්වෙන්න යයි..

ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන ගියේ යයි කියනු ලබන සිද්ධියේ සැබෑ තතු හෙළිවීමෙන් පසු එහි කුමන්ත්‍රණකරුවන් ජනතාවට පවා මුහුණදීමට නොහැකිව දේශපාලනයෙන් සමුගැනීමට ඉඩ තිබෙන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වූ මොහොතේ සිට ඔහු බලයට පැමිණි පසුත් එක්‌සත් ජාතික පක්‍ෂය විවිධ කුමන්ත්‍රණ සිදුකළ බව කී මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් මෙම කුමන්ත්‍රණය සිදුකරනු ලබන්නේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවට කිරීමට බැරි වූ විශාල වැඩ කොටසක්‌ ජනතාව වෙනුවෙන් කිරීමට වත්මන් ආණ්‌ඩුව පෙරමුණ ගැනීම නිසා යෑයි ද පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය,

එක්‌සත් ජාතික පක්‍ෂය පැරදුණාට පස්‌සෙත් ඔවුන් අතර ප්‍රශ්න පිට ප්‍රශ්න. කඩාවැටුණු එක්‌සත් ජාතික පක්‍ෂය යළිත් ගොඩනැඟීම බැරෑරුම් කාර්යයක්‌.

එක්‌සත් ජාතික පක්‍ෂයේ අති විශාල බහුතරයක්‌ දැන් අපිත් සමග සේවය කිරීමට අත්වැල් බැඳගෙන සිටිනවා.

– divaina

0 views

6 Comments to “එජාපයේ අති බහුතරයක් මහින්දට එක්වෙන්න යයි..”

  1. Kotalawala says:

    ලංකාව රාජ්‍ය 2ක් කරන්න යන එංගලන්තයට පුහුණුව සදහා විනිසුරුවරු යවන්නේ ඇයි?

  2. kamal says:

    මිරිසවැටිය පුජා වෙ බලයෙන් සන්ගයා ට රැකවරණය ලැබෙවා

  3. ඉතාමත් යෙහෙකි.

  4. Nim says:

    UNP AKEE SETINA
    HORU, MAGODE KARAYO
    LAN KARA GATHTHOTH
    POHOTTUWA PRAWESA MEN

  5. DINUK KARAUNANAYAKE says:

    glad to be a srilanken

  6. ලක්වැසියා says:

    “ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන ගියේ යයි කියනු ලබන සිද්ධියේ සැබෑ තතු හෙළිවීමෙන් පසු එහි කුමන්ත්‍රණකරුවන් ජනතාවට පවා මුහුණදීමට නොහැකිව දේශපාලනයෙන් සමුගැනීමට ඉඩ තිබෙන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.”
    – ඒ කියන්නෙ මේක පිටිපස්සෙ ලංකාව විනාශකරන දේශපාලුවො ටිකකුත් ඉන්නව? ටොයිලට් කටා? මොන්ගල සමරවීර? …..?

Main News