එජාපයේ ආර්ථික වැඩපිලිවෙල ශ්රීලනිපය පිලිගනී.. .2025 ශ්‍රීලංකාව පොහොසත් රටක්. එජාපයේ වැඩපිළිවෙළට ජනපති, දුමින්ද, අමරවීර යයි.. රවි නෑ..
September 5, 2017 at 4:40 pm | lanka C news
ඊයෙ සවස 2 ට උත්සවශ්‍රීයෙන් ජනපති අගමැති ප්රමුඛව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එලි දැක්වු 2025 ශ්‍රීලංකාව පොහොසත් රටක් එජාපයේ වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මුදල් හා ජනමාධ්‍ය කටයුතු හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම 2025 වැඩපිළිවෙළ පිලියෙල කොට තිබුනි.
එජාපයේ 2025 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සම්මුති ආණ්ඩුවේ පාර්ශවයක් වන ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සම්මුති ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන සංධාන ලේකම් මහින්ද අමරවීර, ශ්‍රිලනිප ලේකම් දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, දයාසිරි ජයසේකර හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගි වී සිටි අතර ශ්‍රිලනිප අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම් ජයන්ත, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා. දුලිප්ව් විජේසේකර, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂමන් යාපා අබේවර්ධන, ලක්ෂමන් වසන්ත පෙරේරා, ටි.බි ඒකනායක, මේ සඳහා ආරාධනා ලැබ ඒ සඳහා ජනාධිපතිවරයා සමඟ සහභාගි වූයේන් නැත.
මෙහි විශේෂත්වය එජාපයේ උප සභාපති මෙන්ම හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට මෙම වැඩපිළිවෙළ එලි දැක්වීමේ උලෙළට ආරාධනා නොකිරිමයි. ඔහු මෙයට ආරාධනා නොකිරීමට හේතුව වී ඇත්තේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ලගම හිතවතකු වූ මනෝ තිත්තවැල්ල මහතා මුදල් අමාත්‍යාංශයේ ජේෂඨ උපදේශක ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පත්කර ඇති අවස්ථාවකයි.
2025 දක්වා රනල්ගේ නායකත්වයට සිහින දකින වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ට ජය වේවා.
මෙයට ප්‍රජා අයිතිය අහිමි කරගත් සිරිමා බණ්ඩාරනායක.
kohomathth kalinuthth wensakk thibune nehe nedda?
බාල තෙල්….බිඳ වැටෙන බලගාර….අඩූ ලකුණු විභාග ප්‍රතිඵල……….තව නොයෙක් දේ මේක ඇතුළේ නැති ව ඇති…පවු….නේද ?
ethakota 2020 dee surapurak hadanawa keywa? aparade minissu rawatuna neda?