එජාපයේ ආර්ථික වැඩපිලිවෙල ශ්රීලනිපය පිලිගනී.. .2025 ශ්‍රීලංකාව පොහොසත් රටක්. එජාපයේ වැඩපිළිවෙළට ජනපති, දුමින්ද, අමරවීර යයි.. රවි නෑ..
September 5, 2017 at 4:40 pm | lanka C news
ඊයෙ සවස 2 ට උත්සවශ්‍රීයෙන් ජනපති අගමැති ප්රමුඛව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එලි දැක්වු 2025 ශ්‍රීලංකාව පොහොසත් රටක් එජාපයේ වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මුදල් හා ජනමාධ්‍ය කටයුතු හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම 2025 වැඩපිළිවෙළ පිලියෙල කොට තිබුනි.
එජාපයේ 2025 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සම්මුති ආණ්ඩුවේ පාර්ශවයක් වන ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සම්මුති ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන සංධාන ලේකම් මහින්ද අමරවීර, ශ්‍රිලනිප ලේකම් දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, දයාසිරි ජයසේකර හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහභාගි වී සිටි අතර ශ්‍රිලනිප අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම් ජයන්ත, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා. දුලිප්ව් විජේසේකර, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂමන් යාපා අබේවර්ධන, ලක්ෂමන් වසන්ත පෙරේරා, ටි.බි ඒකනායක, මේ සඳහා ආරාධනා ලැබ ඒ සඳහා ජනාධිපතිවරයා සමඟ සහභාගි වූයේන් නැත.
මෙහි විශේෂත්වය එජාපයේ උප සභාපති මෙන්ම හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට මෙම වැඩපිළිවෙළ එලි දැක්වීමේ උලෙළට ආරාධනා නොකිරිමයි. ඔහු මෙයට ආරාධනා නොකිරීමට හේතුව වී ඇත්තේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ලගම හිතවතකු වූ මනෝ තිත්තවැල්ල මහතා මුදල් අමාත්‍යාංශයේ ජේෂඨ උපදේශක ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පත්කර ඇති අවස්ථාවකයි.
Kaapiyaw..Kaapiyaw.. Thawa tikai…
මේ පහු ගිය අවුරුදු දෙකට…
ලංකාවේ වත්මන් තත්වය රොයිටර් වාර්තා කලා මෙන්න මෙහෙම. ..
“ශ්‍රී ලංකාව” කොකේන් ජාත්‍යන්තර ජාවාරමේ ආසියානු මධ්‍යස්ථානය බවට පත්වෙලා කියල!
ඉන්පසු අපව ශේණිගත වුනා මැක්සිකෝ රටේ තත්වයට … එනම්
ශ්‍රී ලංකන් ගුවන්යානයක් යුරෝපයේ ගොඩබැසූ ගමන්ම ගමන් මලු පරීක්ෂාව තදින්ම කරගෙන යාමට සැරසෙන බව අන්තර්ජාලයේ පලවුනි!
මේ සඳහා සුනඛ ඉව බල්ලන්ද යොදා ගන්නට යන බවද සඳහන් කර තිබුනි!
2025 වෙනකොට…වරාය මත්තලත් බදු දීල නිසා
“කුඩ්ඩං සාගරං රාජිතං වෙයි නේද” ?
ඉන්දියන් සාගරයෙ “” මත්තං ඇටය”” කියල විරුදාවලියෙන්!!
සිරිසේනගේ කල්පනාව රනිල් එක්ක එකතුවී 2025 වනකොට දුවගේ බැනගෙ සහෝදරන් ගේ වෙලදාම් වැඩි දියුනු කරගන්න. මුන්ට පැණි චන්දය දුන්න අයට කැකිරි තව පාරක් මෝඩ වෙන්න එපා
ගොවියන්ගේ හාල් තුට්ටුදෙකට ගත්තේ මේ අය.
වී ඇටෙන්, වැලි ඇටෙන්, කැළේ ගස් කොළන් වලින් අසීමිත ලාභ ලබන මිනිස්සු අද පොදු මිනිසා සමඟ ඉන්නේ. ජනතාවට වතුර දෙන වැවේ වාන් දොරටු අරින්න තරම් මේ ජරා මිනිස්සු පිරිහිලා. අහිංසක මිනිස්සුන්ගේ ජීවන බර තේරෙන් නැහැ මේ අයට. අර චන්ද්‍රිකා නෝනා කියන කියන දේ මෙයා කරනවා.
දැන් අර ඉන්දියාවේ මෝදි අගමැතිතුමා වගේ කමිසයට උඩින් හැට්ටයක් ඇඳගෙන ඉන්නේ. මළ හත් ඉලව්වේ ඇඳුමට ඡන්දය දෙන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ නැහැ. එක සැරයක් දහනායක මහත්තයත් පාර්ලිමේන්තුවට ආවා අමුඩය ගහගෙන. අම්මපල්ලා මේ අය කරලා තියෙන වැඩවල හැටියට අමුඩය තමයි ගස්සන්න තියෙන්නේ.
සිරිසේන මහත්තයා කියනවා සෞඛ්‍ය පිරිහිලාලු. සෞඛ්‍ය සවුත්තු වෙලාලු. මෙහෙම කියන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති. අනේ ඒකට වගකියන්න ඕනෑ අපිද නෑනේ. ඔබතුමාම නේද? අමාත්‍යාංශයක් බලාගන්න බැරි ඔබ කොහොමද රටකට නායකත්වය ලබා දෙන්නේ.
ඔය රාජිත වැරැදි වැඩ කරලා මන්ත්‍රීකම අහිමි කළා. ඊට පස්සේ ඒක ජාතික ලයිස්තුවෙන් දුන්නේ රනිල්.
අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය මත්තල ගුවන් තොටුපල අවුරුදු 99කට විකුණන්න බලයක් නැති බව හටපි ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
මදැයි කොලා….දැන් ලංකාව සුරපුරයක් වෙනවා බලන්න 2025 වෙනකන් ඉන්න වුණා නේද?ඒ වෙන කොට මෛත්‍රී ගෙයි රනිල්ගේ යි ගෙවල් විතරක් ඉතුරු වෙන්න අනික් සියලුම දේවල් චීන්නුන්ටයි…ජපනුන් ටයි..ඉන්දියාව ටයි විකුණලා ඉවර වෙලා තියෙයි.
රනිල් රවී ට කෙලින්න හේතුව හෙළි වෙයි. ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක ප්‍රේමචන්ද්‍ර සමඟ එක් වී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී රාජාලියා පක්ශය හදා ගැනීම මෙයට හේතුවයි.
2025 දක්වා රජුගේ නායකත්වයට සිහින දකින වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ට ජය වේවා.
මෙයට ප්‍රජා අයිතිය අහිමි කරගත් සිරිමා බණ්ඩාරනායක.