එජාපයේ ඉරණම ජනාධිපති අතේ.. ජනාධිපතිගේ ඉරණම එජාපය අතේ…

January 15, 2018 at 1:20 pm | lanka C news
එජාපයේ ඉරණම ජනාධිපති අතේ.. ජනාධිපතිගේ ඉරණම එජාපය අතේ…

අඳුරු අගාධයකට වැටුණු රට නැවත ගොඩනැගිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට යැයි විශ්වාස කරන මේ රටේ බහුතර ජනතාව මෙවර මැතිවරණයේ දී කතිරය ගසන්නේ පොහොට්ටුවට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ‍

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ දී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

මන්ත්‍රිවරයා එහිදි වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

අද තියෙන්නේ බොරුකාරයන්ගේ ආණ්ඩුවක්. බොරුවෙන් බලයට ඇවිත් බොරුවෙන්ම බලය රැකගන්න හදන හින්දයි අපි මේ ආණ්ඩුවට බොරුකාරයන්ගේ ආණ්ඩුව කියලා කියන්නේ. බොරුකාරයන්ගේ ආණ්ඩුවට පහුගිය දවසක අවුරුදු තුනක් සම්පූර්ණ වුණා. ඒ අවුරුදු තුන සැපිරුවෙත් බොරුවෙන්මයි.

අපි දැක්කා පහුගිය රජය කාලයේ දී මහින්ද මහත්තයාගේ මූලිකත්වය යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘති ගණනාවක්ම මේ අය ගිහින් තමන් හදපුවා වගේ විවෘත කරනවා. අඩුගාණේ යුතුකමක් තිබුණා මේ ව්‍යාපෘති පහුගිය රජය කාලේ පටන් ගත්තුවා කියලා කියන්නවත්. නමුත් මේ බොරුකාරයෝ එහෙම කළේ නැහැ.

බලයට ඇවිත් අවුරුදු තුනක් ගෙවිලත් බෝක්කුවක්වත් හදාගන්න බැරිවුණ මේ ආණ්ඩුවට පුළුවන් අනුන් හදපු ව්‍යාපෘති තමන් හැදුවා වගේ විවෘත කරන්නයි, රටේ තියන ජාතික සම්පත් ටික පිටරටට විකුණන්නයි විතරයි. කොහොමටත් මේ ආණ්ඩුවේ අය අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න හරි දක්ෂයි.

අද ආණ්ඩුව රට ඉදිරියේ විහිලුවට ලක්වෙලා. එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙලා සම්මුතිවාදී ආණ්ඩුව කියලා අටමගලක් අටවගෙන ඉන්න ගමන් අනෙක් පැත්තෙන් දෙන්නට දෙන්නා විරුද්ධව ඡන්දය ඉල්ලනවා.

පාර්ලිමේන්තුවේ දී එකට ඉන්න, කැබිනට්ටුවේ එකට ඉන්න මේ පක්ෂ දෙක ගමේ මිනිහට බොරු විරුද්ධවාදීකමක් පෙන්නන්න හදනවා. ජනාධිපති නිදහස් පක්ෂය දිනවන්න රට වටේ යනගමන් අගමැති එක්සත් ජාතික පක්ෂය දිනවන්න රට වටේ යනවා. හැබැයි දෙන්නම නියෝජනය කරන්නේ එකම ආණ්ඩුව.

මොන විහිලුද මේවා? මේ වගේ විහිලු ආණ්ඩු ලෝකයේ කොහේවත් නැතුව ඇති. මේ විහිලුවට ඉඩ දුන්නා දැන් හොඳටම ඇති. රටේ අනාගතය විනාශ කරමින් නටන මේ නාඩගමට දැන් අපි තිත තියන්න ඕනේ. ඒක කරන්න පුළුවන් මේ මැතිවරණයේ දී පොහොට්ටුව ඉහලින්ම ජයග්‍රහණය කළොත් පමණයි.

මේ මැතිවරණයේ දී පොහොට්ටුව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබිය යුතුයි. එතකොට තමයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අපට පාර්ලිමේන්තුවේ දි වැඩි බලයක් හිමිවන්නේ. මේ මැතිවරණයෙන් ලැබෙන ජයග්‍රහණය මත අපිට අපේම ආණ්ඩුවක් හදන ගමන තවත් ශක්තිමත් කරන්න පුළුවන්.

පෙබරවාරි මසේ 10 වැනි දා පළාත් පාලන මැතිවරණය අවසන් වෙලා 11 වෙනිදා ප්‍රතිඵල නිකුත් වෙන කොට ලබන රට හොල්ලන ජයග්‍රහණයත් සමඟ අපි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් හදන ගමන ආරම්භ කරනවා.

2015 ජනවාරි මාසේ 09 වැනි දායින් පස්සේ අඳුරින් අඳුරට ගෙනගිය රට නැවතත් නියම මාර්ගයට ගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයාට පමණයි. ඒක තමයි අද වෙන කොට මේ රටේ බහුතර ජනතාවගේ මතය. ඒ මතය දරන ජනතාව මේ පාර කතිරය ගහන්නේ පොහොට්ටුවට.

බලයට කෑදර නෑ කියලා ජනාධිපති පුටුවේ ඉඳගත්ත මෛත්‍රී මහත්තයා දැන් උසාවිය ඉස්සරහට ගිහින් අහනවා අවුරුදු හයම ඉන්න බැරිද කියලා. එදා ජනාධිපතිවරණ වේදිකාවේ දි විධායක ජනාධිපති ක්‍රමය දින සීයෙන් අහෝසි කරනවා කියලා බෙරිහන් දුන්න අයමද මේ කියලා අපට කල්පනා වෙනවා.

බලයේ රහ වැටුණාම ඔහොම තමයි. මහින්ද මහත්තයාට ඒකාධිපතියා කිව්ව අය දැන් හැසිරෙන්නේ ඒකාධිපතියන්ටත් අන්ත විදියටයි. මේ මැතිවරණයේ දී මිනිස්සු කල්පනා කරන්න ඕනේ මේ වගේ අයට ගමේ බලයත් දුන්නොත් කොහොම හිටියිද කියලයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉරණම දැන් තියෙන්නේ ජනාධිපතිගේ අතේ. ජනාධිපතිගේ ඉරණම තියෙන්නේ එ. ජා. පය අතේ.  ඒ නිසයි ජනාධිපතිවරයා බැඳම්කර වාර්තාව එළියට නොදාන්නේ. ඒ නිසයි ජනාධිපති අවුරදු හයක් ඉල්ලලා උසාවි යද්දි එ. ජා. ප ය නිහඬව ඉන්නේ.

දෙගොල්ලොන්ගේ ඩීල් දැන් ජනතාවට රහසක් නෙමෙයි. මේ මජර ආණ්ඩුව උපන්නෙත් ඩීල්වලින්. නැතිවෙන්නෙත් ඩීල්වලින්. ඩීල් ආණ්ඩුව පරාද නොකළොත් මේ රට නතර වෙන්නේ කොතැනින්ද කියලා හිතාගන්නවත් බැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

152 views

5 Comments to “එජාපයේ ඉරණම ජනාධිපති අතේ.. ජනාධිපතිගේ ඉරණම එජාපය අතේ…”

  1. කණු දතා පචවකයා සිවුරුහොරා පච්චසිරා බැංකුහොරා කරුප්ප මොන්ඟලයා රතු අලියා සහ අනිත් මූසලයන් ඔක්කොම එකතු වෙලා රටම විනාශ කලා මුන් දේශපාලනෙන් අතුගා රටෙනුත් පටුවහල් කල යුතුයි.

  2. kamalasirikuruwita says:

    රනිල් බොරුවට මයි3 ට බයයි. මයි3 ඇත්තටම රනිල්ට බයයි. මේකයි ඇත්ත . හොඳම උදාහරණය තමයි රනිල් සෙට් එක මයිත්‍රී ට බය නැති නිසා මහදවල් එළිපිට මහා බැංකුව හොරා කෑව. මයිත්‍රී ඒ වැරැද්ද අහම්බෙන් ඔප්පුවෙලත් රනිල්ට විරුද්ධව ඇක්ෂන් ගන්න බයේ ගැහෙනව. හැබැයි අපිට වේදිකාවේ චන්ඩි පාට් , පොර ටෝක් ගොඩයි.

  3. Samarapala says:

    ඕවට ගං වල කියන්නෙ බලු පූට්ටු ආයිබෝං

  4. Sirisena Yatawara says:

    The nation under the Political chaos and uncertainties in Economy after robbed Central Bank Funds by UNP Primer Ranil Wicks. The vital interest of Nation survival and safeguard of People day to day life country has come and cannot move form this point. Inflation and unemployment has rise interest rate has gone beyond limits .An Economy doldrums . Only option is UNP must leave governance.

Main News