එජාපයේ ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අරලිගහ මැදුරට එජාප මැති ඇමතින් කැදවා දන්වයි..

March 27, 2019 at 12:00 pm | lanka C news
එජාපයේ ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අරලිගහ මැදුරට එජාප මැති ඇමතින් කැදවා දන්වයි..

මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යයි අරලියගහ මන්දිරයේ පැවති සාදයක දී නොනිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

වික්‍රමසිංහ මහතාගේ 70 වන උපන් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති සාදයට එජාපයේ සියලු මන්ත්‍රීවරුන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආරාධනා කර තිබිණි.

සාදය පැවැත්වෙද්දී ඩිජිටල් තිරයක් මතට වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වූ විශේෂ වාර්තා වැඩසටහන විකාශය කර තිබූ අතර එමගින් අවධාරණය කර තිබුණේ රට ඉදිරියට ගෙන යාමට නම් සුදුසුකම නායකයා හා එජාපයේ සිටින එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

කෙසේ වෙතත් මෙම සාදය සදහා එජාප මැති ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගී වී නැතැයිද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යාපෘති ප‍්‍රධානී ලෙස ඇමති සාගල රත්නායක මහතා පත් කර ඇති බවටද මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

51 views

14 Comments to “එජාපයේ ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අරලිගහ මැදුරට එජාප මැති ඇමතින් කැදවා දන්වයි..”

  1. Ariyathilaka says:

    මහා පාවාදීම සහ රටේ අනාගතය …… මෑත කාලීන මෙරට දේශපාලන ඉතිහාසයේ සිදු වූ මහා පාවා දීම නම් රටත්, ජාතියත්, බුද්ධ ශාසනයත් අනතුරේ හෙලා කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත, අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. මෙම මහා පාවා දීම නොසලකා හැරිය නොහැක. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සමමත කර ගැනීම, නොගැනීම කෙසේ වුව ද එය, රටේ දෙවැනි පුරවැසියා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ම මහා පාවා දීමක් බව කිව යුතුය. පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව ලියවිල්ලක් පමණක් බව කියමින් රටේ ජනතාව රැවටීමට උත්සාහ කෙළේය. මෙය අග්‍රාමාත්‍යවරයකුට උචිත ක්‍රියාවක් නොවේ. බැදුම්කර සිදුවීම වංචාවකි. එයින් වන හානිය මෙම පවා දීමට සාපේක්ෂව ඉතා අල්ප ය. මෙරට අවුරුදු 2500 කට අධික රාජාවලියක පෞඪ ඉතිහාසය සහ අවුරුදු 2300 කට අධික සම්බුද්ධ ශාසන උරුමය, තඹ දොයිතුවකට මායිම් නොකට මෙවැනි පාවා දීමක් කළ පුද්ගලයකු රටේ නායකයා වුවහොත් රටේ අනාගත සුරක්ෂිතතාව, බුද්ධ ශාසනයේ පැවැත්ම සුරක්ෂිත වේයැ’යි සිතිය හැකිද? යන්න් වරක් නොව කීප වරක් සිතා බැලීමට සිදුව ඇත. අප රාජපක්ෂ වාදීන් හෝ මෛත්‍රී වාදීන් හෝ නොවේ. එළඹෙන ජනාධිපතිවරණට විවිධ චරිත කරළියට පැමිණෙමින් තිබේ. මේ රටේ අතීත උරුමය, ජාතික අනන්‍යතාවය සහ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව රැකගෙන, විදේශ ගැති නොවී, ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු නේටෝ සංවිධානයේ සමාජික රටවල් සහ නේටෝවට අයත් රටවලට හිතැ’ති අනෙකුත් රටවල් [ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව, (සිංගප්පූරුව)] සමග විශ්වාසනීය සහ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකි නායකයෙකුට මේ රට නගා සිටුවීමට හැකි වනවා ඇත; එවැනි නායකයෙක් බිහි වූ කලක මේ රට බොහෝ සමෘද්ධියෙන් බැබලෙනවා ඇත; දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සහ සිංගප්පූරුව ගොඩ නගන ලද, ලී කුආන් යූගේ දේශපාලන භාවිතාවන් ඒ සදහා බොහෝ ආදර්ශ සපයනවා ඇත.

  2. gonja says:

    ane sajiya kade giya tharama.

  3. ඕක හොඳ නැව් සයිස් ලනුවක්. කන්න එපා.
    අන්තිමට පොදුව එනවා ,,,,,අනිවා……

Main News