එජාපයේ ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අරලිගහ මැදුරට එජාප මැති ඇමතින් කැදවා දන්වයි..

March 27, 2019 at 12:00 pm | lanka C news
එජාපයේ ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අරලිගහ මැදුරට එජාප මැති ඇමතින් කැදවා දන්වයි..

මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යයි අරලියගහ මන්දිරයේ පැවති සාදයක දී නොනිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

වික්‍රමසිංහ මහතාගේ 70 වන උපන් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති සාදයට එජාපයේ සියලු මන්ත්‍රීවරුන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආරාධනා කර තිබිණි.

සාදය පැවැත්වෙද්දී ඩිජිටල් තිරයක් මතට වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වූ විශේෂ වාර්තා වැඩසටහන විකාශය කර තිබූ අතර එමගින් අවධාරණය කර තිබුණේ රට ඉදිරියට ගෙන යාමට නම් සුදුසුකම නායකයා හා එජාපයේ සිටින එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

කෙසේ වෙතත් මෙම සාදය සදහා එජාප මැති ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගී වී නැතැයිද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යාපෘති ප‍්‍රධානී ලෙස ඇමති සාගල රත්නායක මහතා පත් කර ඇති බවටද මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

89 views
Main News