එජාපයේ තවත් 06කට රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකම්.. යෝජිත නම් මෙන්න..

May 9, 2018 at 3:50 pm | lanka C news
එජාපයේ තවත් 06කට රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකම්.. යෝජිත නම් මෙන්න..

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර හයක් සදහා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරි දින කිහිපයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙයි.

මේ සදහා මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු නිර්දේශ කර එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේ යෝජනා යවා තිබේ.

මෙම හය දෙනා පත් කරනු ලබන්නේ දැනට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කර නැති අමාත්‍යාංශ සඳහායි.

බුද්ධික පතිරණ, රංජිත් අළුවිහාරේ, ආනන්ද කුමාසිරි, ලකී ජයවර්ධන, සිඞ්නි ජයරන්ත, එඞ්වඞ් ගූණසේකර යන මන්ත‍්‍රීවරුන් මෙම තනතුරු සදහා යෝජනා වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

14 views

12 Comments to “එජාපයේ තවත් 06කට රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකම්.. යෝජිත නම් මෙන්න..”

  1. Anton says:

    They spend their own money to maintain the ministries,know. Why should the ordinary people
    worry about it ?

  2. Lapaya says:

    Thawa madi seratama dipalla kanda nathath api badu gewanawane.

    • සකලබුජං says:

      අපේ ගමේ පොල් කඩන මාටින් අයියත් හන්දියක්, හන්දියක් ගානෙ කිය, කිය යනවා මිනිහටත් ආරාධනාවක් ලැබුනයි
      කියල රාජ්‍ය ඇමතිකමක් බාර ගන්ඩ කියල.

  3. john the baptice says:

    මුන්ට වැටුප් ගෙවන්නේ සිරිසේනගේ රනිල්ගේ වැටුපෙන්ද?

  4. gamarala says:

    පාර්ලිමේන්තුවට පැමිණෙන දිනක් සදහා මන්ත්‍රීවරුන්ට ලබාදෙන රුපියල් 500ක දෛනික දීමනාව රුපියල් 2500 දක්වා ඉහළ දමා ඇත මුන්ට චන්දය දුන් අයට කැකිරි

  5. Love nature says:

    මන්ත‍්‍රීවරුන්ට හිමි වරප‍්‍රසාද මෙසේය.

    වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
    මන්ත‍්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි.
    පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
    කොළඹින් බැහැර අයට නිල නිවාසයක්
    රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
    තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත‍්‍රය ලක්ෂ 30 ක 40 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
    ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට‍්‍රල් වාහනයක් සඳහා – රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා – රුපියල් 20,000)
    කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
    දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
    නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
    විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්ි.
    වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම.
    ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ.
    ලැප්ටොප් පරිගණකයක්.
    ෆැක්ස් යන්ත‍්‍රයක්.
    විදේශ සංචාර.
    කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහසුකම්.
    ආරක්ෂක නිළධාරීන්.
    බාධක වලින් තොරව පාර්ලිමේන්තුවේ රැස්වීම් වලට සහභාගි වීමට හා ඒමට මාර්ග පහසුකම් සැපයීම.

    ඇමතිවරයෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයකුට හිමි වරප‍්‍රසාද (මාසිකව මුදල් හිමිවීම්ද ඇතුළත්ය)
    ඇමතිවරයෙකුගේ වැටුප – රුපියල් 65,000 කි.
    නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් – 63,000 කි.
    පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමේ දිනක දීමනාව – රුපියල් 500 කි.
    කොළඹ ප‍්‍රදේශයෙන් බංගලාවක්.
    නිල නිවාසයක් නොමැති නම් පෞද්ගලික නිවසක් කුලියට ගැනීමට මාසික කුළිය – 40,000 කි.

    බස්නාහිර පළාතෙන් පිටත ඇමතිවරයෙකුට.
    පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 75,000 කි.
    ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.

    බස්නාහිර පළාතෙන් පිටත නියෝජ්‍ය ඇමතිවරයෙකුට.
    පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 65,000 කි.
    ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.

    බස්නාහිර පළාතේ ඇමතිවරයෙකුට.
    පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව – රුපියල් 50,000 කි.
    ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් – 20,000 කි.

    නියෝජ්‍ය ඇමතිවරයෙකුට.
    බස්නාහිර පළාත ඇතුළත පෙට‍්‍රල් වාහනයක දීමනාව – රුපියල් 40,000 කි.
    ඞීසල් වාහනයක දීමනාව රුපියල් – 20,000 කි.
    ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට ගාස්තුව රුපියල් 20,000 කි.
    රාජකාරි නිවාස දුරකථන දෙකට රුපියල් – 10,000 කි.
    ජංගම දුරකථනයට රුපියල් 4,000 කි.
    නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට රුපියල් 10,000 කි.
    නිවාස දුරකථන දෙකට රුපියල් – 5,000 කි.
    ජංගම දුරකථනයට රුපියල් 2,000 කි.

    • Chan says:

      Mata penena vidiyata mevva parana ganan vage aluthma thathvaya danna kenek dannko

    • සනත් ඉතාලිය says:

      ඉතින් අපිම නේද මුන්ට මෙ ස්විප් එක ඇදල දෙන්නෙ දුප්පත් මිනිස්සුන්ව හූරගෙන කාල සැප විදින මුන්ට මරුනම පනුවොත් ගහන්නෙ නැහැ ඒ තරමට මුන් පිලිකුල් පනුවන්ටත්

    • Lapaya says:

      Munta hena hathama gahpiya wahi nathuwa. Ape badu mudal neda me.

  6. Tax Officer says:

    What a waste of poor tax payers money to pay salaries and other perks to these useless ministers,
    state and deputy ministers. What service they do to the general public?

    • Gunapala says:

      What service…………………….?
      They’re doing a great service to themselves, their kith and kin.
      Isn’t that enough? After all, they’re a part of the general public, aren’t they?

  7. Sooraseana says:

    Oya amethidooraya pogattuwa hara itiry hamoantama beadaala dunnama wadea iwaraiynea !

Main News