එජාපයේ දූෂණය මඩින්න ජනපති මඩු වලිගය ගනී.. ‘ශ්‍රී ලන්කන්’ ජනාධිපතිවරයා යටතට පවරා ගනී..
January 2, 2019 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018/12/28 දින නිකුත් කරන ලද අමාත්‍යාංශ විෂය පථ සඳහන් අංක 2103/33 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම කිසිදු අමාත්‍යාංශයක් යටතට පවරා නොමැත. ඒ අනුව එම ආයතනය ජනාධිපතිවරයා යටතේ පාලනය සිදුවේ.
ඊට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, වෝටර්ස් එජ් ආයතනය සහ මිහින් ලංකා සමාගමද කිසිදු අමාත්‍යාංශයකට පවරා නොමැත. නමුත් එම ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරේ.
ශ්‍රී ලංකන් එයාර් ලයින් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමේ මෙම තීරණයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ, මේ වන විට ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනය ජනාධිපති කොමිෂන් සභාවකින් විමර්ෂණයට ලක් වෙන නිසාවෙන්, එය නැවතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට භාර දීමෙන් ආදාල කොමිසමේ විමර්ෂණ කටයුතු වලට බරපතල ලෙස බාධා විය හැකි බවට ජනාධිපතිවරයාට එකී කොමිසමෙන්ම උපදෙස් ලැබී ම බවට වාර්තා වේ.
එජාපයට සම්බන්ධ බලධාරීන් විසින් රැකියා අහිමි කිරීම ගැන බිය වැද්දීම නිසාවෙන් ජනාධිපති කොමිසම ඉදිරියට පැමිණීමට දූෂණයට එරෙහි නිලධාරීන් බියක් දැක්වීය.
පසුගිය වසර 4 ක කාලය තුළ එකී ආයතනයේ සිදුවූ බරපතල දුෂණ ක්‍රියා ගැන ඒවා විමර්ෂණයට පත් කළ ජනාධිපති කොමිසමෙන් වාර්තා වෙමින් පවතී.
උදාහරණ වශයෙන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කුලියට ගත් A 320 ගුවන් යානයක් එම යානය අයත් සමාගමට නියමිත කාලයේදී භාරදීමට අපොහොසත් වීම නිසා ඉකුත් 2017 දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රු. මිලියන 539.7 ක පමණ පාඩුවක් සිදුවූ බව එම සමාගමේ තාක්ෂණ සේවා ඉංජිනේරු අසිත ප්‍රනාන්දු මහතා 2018/12/18 දා ජනාධිපති විමර්ෂණ කොමිසමේ සාක්ෂි දෙමින් හෙළිදරව් කළේ ය.
2018 ජනවාරි මාසයේ එක් ගුවන් යානයක් පරීක්ෂාවක් සඳහා අබුඩාබියට යෑවූ බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 376798 ක වියදමක් දැරීමට සිදුවූ බවද සාක්ෂිකරු කීවේය.
එසේම 2017 මාර්තු මාසයේදී තවත් ගුවන් යානයක් වසර හයකට පසු පරීක්ෂාවක් සඳහා විදේශීය ආයතනයක් වෙත යෑවූ බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 63336 ක් වැයවූ බවත් සාක්ෂිකරු තවදුරටත් කොමිසමට කීවේය.
එජාප ආණ්ඩුව කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් ලක්ෂ 32 ක් බවත්, ඊට අමතරව වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනාද ඔහුට හිමි බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචන විභාගයක දී අනාවරණය විය.
මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතා ඒ 320 ජෙට් කන්වර්ෂන් ගුවන් යානයේ පෞද්ගලික පියාසර පුහුණුව සඳහා ඇමෙරිකානු ඩොලර් 23568ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 37ක් වැය වී ඇතැයි ද එහිදී අනාවරණය විය.
A 350 – 900 පුළුල් බඳ ගුවන් යානා 8 ක් මිලදී ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ ආණ්ඩුව විසින් 2013 වසරේ ගිවිසුම් අත්සන් කර තිබුණ අතර, එම යානා මේ වන විට මිලදී ගත්තානම් මිලට ගැනෙන්නේ 2013 දී පැවැති අඩු මිල ගණන් වලට ය. ඉන් ගුවන් යානා 4 ක් මිලදී ගැනීම විසින් අත්තනෝමතිකව අවලංගු කළේ ය. ගිවිසුම කැඩීම ගැන ඇමරිකානු ඩොලර් මිලියන 90 කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය.
ආයතනයෙන් ලබන පාඩුව ශ්‍රී ලංකා රජයට බැර වෙන ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලික සමාගමකට පැවරීමට ආණ්ඩුව තීරණය කර තිබී ඇති අතර, ජනාධිපතිවරයා විසින් ආයතනය ලබා නොදීම නිසා එම පුද්ගලීකරණ මෙහෙයුම අඩපණ වී තිබේ. යම් ලෙසකින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය කළහොත්, එහි සේවකයන්ගෙන් විශාල ප්රමාණයකගේ රැකියා අහිමි වීමට ඉඩ තිබුණි.
වසර 4 ක යහපාලන ආණ්ඩුව කාලයේදී ජනාධිපතිවරයාට මෙකී දූෂණ දැක දැකම නිහඬව සිටීමට සිදුවූයේ ඔහුට එරෙහිව එජාපයෙන් දෝශාභියෝගයක් ගෙන අවුත්, අනතුරුව ජනාධිපති ධූරය (තාවකාලිකව හෝ) රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගැනීමේ අවදානමක් තිබූ නිසා බවත් ජනාධිපතිවරයාට මෙවන් නිර්භීත තීන්දු ගැනීමට වර්තමානයේදී හැකියාව ලැබී තිබෙන්නේ, ජනාධිපතිවරයා නැවතත් හරි පාරට පැමිණීමත්, එනිසාම එතුමන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශීර්වාදය හිමිව තිබීමත් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුණි.
– සරත්
ඤණානන්ද හිමිගෙන් කපටින්ට පණිවිඩයක්
පුතා මේ අහන්න පුතාගෙ මනුස්‍යත්වය වැඩි නමුත් දේශපාලනය කරන්න ඔනේ පුතා වගේ අය නොවෙයි. මෛත්‍රිට සහයෝගය දෙන්න මමත් දෙන්නෙ මෛත්‍රිට නමුත් මෛත්‍රිගෙ අහිංසකකම් හදලා දෙන්න මට බැ නෙවෙයි පුලුවන්. මම අය දේශපාලනය කරන්න කියා පුතාට කියන්නෙ නැ.
මෛත්‍රි ඇයි රනිල් ට හා මහින්දට වඩා අපට ගැලපෙන්නෙ
දෙන්නාටම වඩා අල්පෙච්චයි
පාටි දාන්නෙ නැ
මත්දව්‍ය පාවිච්චි කරන්නෙ නැ
බොරු වැඩ සාපේක්ෂව අඩුයි
තෙරුවන් සරණ දෙන්නාටම වඩා තියෙනවා
සිංහල භාෂාවට තැන දෙනවා නමුත් ඉංග්‍රිසියට ඉඩ දෙන්නෙ නැ ලංකාව ආක්‍රමණය කිරිමට
Suren Ratwatte is the brother of Charitha, one of the inner circle of Ranil’s friends who govern the country. Well done Mr President.
suren patta hora
එම ආයතන රජය සතු ප්‍රසිද්ධ සමාගම් බැවින් ඒවායේ පාලනය පවතින්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම් යටතේය.
Mekath badumkara comisama wage…
සමාගමේ හ්රොරු ඉන්කාම් මයෙ ගොඩගන්න පුළුවන්කමක් නොමැත